ඔස්ට්‍රේලියානු ජන මාධ්‍ය වලින් Google සහ Facebook ලබාගන්නා ප්‍රවෘත්ති සඳහා අනිවාර්යෙන් මුදල් ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව නීති සම්පාදනය කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg මේ බව කියා සිටියේය.

ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති සඳහා Google සහ Facebook වලට බිලක්
Google සහ Facebook සමාගම් ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති ලබාගැනීමේදී අදාළ ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන සඳහා සාධාරණ මුදලක් ගෙවිය යුතු බවට නව නීති අද (10/12) යෝජනා කෙරුණි.
එම නීති උල්ලංඝනය කළහොත් අදාළ Google සහ Facebook සමාගම් වලට ඩොලර් මිලියන 10 ක් දක්වා වූ දඩ මුදලක් පනවන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.
මේ අනුව මෙවැනි ආකාරයේ නීති ගෙන ආ ලොව ප්‍රථම රට ලෙස ඔස්ට්‍රේලියාව වාර්තා වේ.
ඔස්ට්‍රේලියානු ජන මාධ්‍ය වෙත සාධාරණයක් කිරීම සඳහා මෙම ආකාරයේ නීති කෙටුම්පත් ගෙන ආ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
එමෙන්ම මෙය විශාල වශයෙන් බලපාන ඩිජිටල් මාධ්‍ය සඳහා අනුකූලතා පිරිවැය ද වසරකට ඩොලර් මිලියන 10.5 සිට ඩොලර් මිලියන 13 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව ඔස්ට්‍රේලියානු පුවත් ලබාගන්නා ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන සඳහා ඒ ඒ පුවත් වෙනුවෙන් Google සහ Facebook සමාගම් සාකච්ඡා කර සාධාරණ මිලක් ගෙවීමට එකඟ විය යුතුය.
ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන සහ Google සහ Facebook සමාගම් වලට මාස තුනක් ඇතුළත මේ පිළිබඳ එකඟතාවකට පැමිණිය නොහැකි වුවහොත් ස්වාධීන මණ්ඩලයක් විසින් Google සහ Facebook සමාගම් අදාළ ජනමාධ්‍ය ආයතන වෙත ගෙවිය යුතු මුදල් ප්‍රමාණය තීරණය කරනු ලබයි.

නව ආචාර ධර්ම පද්ධතිය
කම්කරු පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය මෙම යෝජිත නීතියට සහයෝගය පළ කර ඇති නමුත් තමන්ට විස්තරාත්මක ආචාර ධර්ම පද්ධතිය බැලිය යුතු බව පවසයි.
"ගුණාත්මක ජනමාධ්‍ය කලාවට මේ රටේ නිසි ලෙස ගෙවනු දැකීම අපට අවශ්‍යයි. නමුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තවමත් ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කර නැහැ" යනුවෙන් භාණ්ඩාගාරික කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිත Jim Chalmers පැවසීය.
ABC සහ SBS මාධ්‍ය ආයතන මෙන්ම ඔස්ට්‍රේලියාවේ අනෙකුත් වාණිජ පුවත් හා මාධ්‍ය ආයතන මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
මේ අතර Google සමාගම තවම සංශෝධනය කළ ආචාර ධර්ම පද්ධතිය දැක නැතැයි යනුවෙන් Google නියෝජිතයෙකු SBS පුවත් සේවයට පැවසීය.

