ඔස්ට්‍රේලියාවට ඇති දක්ෂිණාංශික අන්තවාදයේ තර්ජන පිළිබඳ විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු විමර්ශනයක් පත් කරන ලෙස කම්කරු පක්ෂය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට ඇති තර්ජන අතරේ මෙම දක්ෂිණාංශික අන්තවාදය ඉහළින්ම ඇති බවට අනතුරු අඟවා ඇත.

දක්ෂිණාංශික අන්තවාදයේ තර්ජන පිළිබඳ විමසීමට පාර්ලිමේන්තු විමර්ශනයක්
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක දක්ෂිණාංශික අන්තවාදය පිළිබඳ සහ ඔස්ට්‍රේලියාවට එයින් ඇතිවන තර්ජන පිළිබඳ පාර්ලිමේන්තු විමර්ශනයක් ස්ථාපිත කරන ලෙස කම්කරු පක්ෂය ඉල්ලා සිටියි.
ඒ අනුව බුද්ධි හා ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ඒකාබද්ධ කමිටුවට මෙම කරුණු යොමු කරන ලෙස ඉල්ලා කම්කරු පක්ෂය අද (08/12) දිනයේදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ දී ඡන්ද විමසීමක් කරනු ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම නිසා පසුගිය සමයේදී තම කාර්ය භාරය සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක හා බුද්ධි ආයතන දිගින් දිගටම පැවසුවේය.
නමුත් ත්‍රස්ත සංවිධාන ලෙස දක්ෂිණාංශික අන්තවාදී සංවිධාන තහනම් නොකරන five eyes බුද්ධි පද්ධතියේ සිටින එකම රට ලෙස ඔස්ට්‍රේලියාව තවමත් සිටීම සුවිශේෂී කරුණකි.

දක්ෂිණාංශික අන්තවාදී තර්ජන වලට එරෙහිව ක්‍රියා කිරීමට කාලය එළඹ ඇත
දක්ෂිණාංශික අන්තවාදීන් විසින් එල්ල කර ඇති තර්ජනය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචාරය යළිත් තක්සේරු කිරීමට කාලය පැමිණ ඇති බව ස්වදේශ කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Kristina Keneally පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ සහ ලෝකයේ මෙම දක්ෂිණාංශික අන්තවාදය ඉහළ නගිමින් පවතින බව ඇය SBS පුවත් සේවයට පැවසුවාය.
එවැනි ඉහළ යමින් පවතින බරපතල තර්ජනයක් පවතින විට ඒ සඳහා මුහුණ දිය හැකි ක්‍රමෝපායන් සහ නීති ඔස්ට්‍රේලියාව සතුදැයි පරීක්ෂා කිරීමට කාලය එළඹ ඇතැයි ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.
මෙම යෝජිත විමර්ශනයෙන් ඔස්ට්‍රේලියාවේ දක්ෂිණාංශික අන්තවාදී ව්‍යාපාරයේ ස්වභාවය හා ප්‍රමාණය විමසා බලනු ඇත.
එහි අරමුණු, ප්‍රචණ්ඩත්වයට ඇති හැකියාව, භූගෝලීය ව්‍යාප්තිය සහ වෙනත් ජාත්‍යන්තර කණ්ඩායම් සමඟ සම්බන්ධතා වැනි කරුණු එහිදී සලකා බලනු ලැබේ.

වෛරී ප්‍රකාශ වලට බාධා කිරීමට හා ඒවා වළකාලීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ගත හැකි පියවර සහ අන්තර්ජාලය තුළ වෛරී සංකේත භාවිතා කිරීම පිළිබඳවද මෙම විමර්ශනයේ අවධානයට පාත්‍ර වෙයි.
"දක්ෂිණාංශික අන්තවාදය වෙනස්, ඔවුන්ගේ මතවාද වෙනස්, ඔවුන්ගේ ක්‍රම වෙනස්, ඔවුන් සංවිධානය වන ආකාරය වෙනස්. එනිසා අපගේ නීති සහ අපගේ ප්‍රතිපත්ති එම තර්ජනයට ගැලපෙන බව අප සහතික කළ යුතුයි" යනුවෙන් ස්වදේශ කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Kristina Keneally පැවසුවාය.
ස්වදේශ කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Kristina Keneally සහ නීතිය පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිත Mark Dreyfus නීතිපති Christian Porter වෙත සහ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton වෙත පසුගිය මාසයේදී ලිපියක් යොමු කරමින් බුද්ධි හා ආරක්ෂක කමිටුවට ද්වි පාර්ශවීය යොමු කිරීමක් අවශ්‍ය බවට යෝජනා කළෝය.
නමුත් එම ලිපියට තවමත් පිළිතුරු නොලැබුණු බව කම්කරු පක්ෂය පවසයි.
දක්ෂිණාංශික අන්තවාදය ඉහළ යමින් තිබේ
තමන් මෙහෙයවන ත්‍රස්ත විරෝධී කටයුතු වලින් 40% ක් පමණ දක්ෂිණාංශික අන්තවාදයට සම්බන්ධ වී ඇති බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක හා බුද්ධි සංවිධානය මෑතකදී කියා සිටියේය.
තම සංවිධාන වලට නව සාමාජිකයින් බඳවා ගැනීම සහ එහි දෘෂ්ටිවාදය පතුරුවා ලීම සඳහා කොරෝනා වසංගතය ප්‍රයෝජනයට ගැනීමට අන්ත දක්ෂිනාංශික කණ්ඩායම් උත්සාහ කර ඇති බවට තමන්ට තොරතුරු ලැබුණු බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක හා බුද්ධි සංවිධානය පැවසුවේය.
දක්ෂිනාංශික අන්තවාදය දෙසට මෙහෙයවන මෙහෙයුම්වල අඛණ්ඩ වැඩිවීමක් හඳුනාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් Reece Kershaw පැවසුවේය.
මෙම පාර්ලිමේන්තු විමර්ශනය පිළිබඳ අදහස “සංවේදී” එකක් බව Deakin විශ්ව විද්‍යාලයේ ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ මහාචාර්ය Greg Barton පැවසුවේය.
නවසීලන්තයේ Christchurch නුවර සිදුවූ මිනිස් සංහාරය දක්ෂිනාංශික අන්තවාදය පිළිබඳ ප්‍රධාන වෙඩි මුරයක් වූ නමුත් ඉන් අනතුරුව කොරෝනා වසංගතයට මුහුණ දීමට සිදුවූ බව ඔහු SBS පුවත් සේවයට පැවසීය.
තමන්ගේ අන්තවාදී අදහස් අන්තර්ජාලය ඔස්සේ පතුරුවාලීමට තරුණ පිරිස් වැඩි වශයෙන් දක්ෂිනාංශික අන්තවාදී සංවිධාන වලට බඳවා ගන්නා බවට පැහැදිලි සාක්ෂි ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මේ තත්ත්වය ඇමෙරිකාවේ සහ යුරෝපයේ ඉහළ යමින් පවතින බව පෙනෙන්නට ඇති බවද ඔහු පැවසීය.

