සෑම නත්තලකම පාහේ ඔස්ට්‍රේලියාවේ වර්ණවත් නත්තල් සැරසිලි සහ විදුලි ආලෝක රටාවන් මවන නගරයක් ලෙස මෙල්බර්න් නුවර හැඳින්වේ.
මෙල්බර්න් නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයකම සෑම නත්තලකදීම අලංකාර නත්තල් සැරසිලි මෙන්ම නත්තල් විදුලි ආලෝක රටාවන් වලින් හැඩ කෙරේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙවර මෙල්බර්න් නුවර එම අලංකාරවත් නත්තල් සැරසිලි සහ විදුලි ආලෝක රටාවන් නැරඹිය හැකි ස්ථාන පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදරිපත් කෙරේ.

01. ෆෙඩරේෂන් චතුරශ්‍රය
නත්තල් සමයේදී මෙල්බර්න් නුවර ෆෙඩරේෂන් චතුරශ්‍රය නත්තල් චතුරශ්‍රයක් බවට පරිවර්තනය කෙරේ.
දහවල් කාලයේදී නත්තල් සීයා කුඩා දරුවන්ට නත්තල් තෑගී බෙදා දීමට කටයුතු කරයි.
රාත්‍රී කාලයේදී මුළු නත්තල් චතුරශ්‍රයම නේක විධ වර්ණයන් ගෙන් යුතු විදුලු ආලෝක රටාවන් මවනු ලබයි.
මීටර් 16 ක් උසැති LED බල්බ වලින් සමන්විත නත්තල් ගස මෙහිදී විශේෂ තැනක් ගනී.
නොවැම්බර් 27 දින ආරම්භ වූ මෙම නත්තල් චතුරශ්‍රය අද (25/12) රාත්‍රියෙන් අවසන් වේ.

02. State Library Victoria
මෙල්බර්න් නුවර නත්තල් විදුලි ආලෝක රටා මවන ප්‍රමුඛතම ස්ථානය ලෙස State Library Victoria හැඳින්වේ.
මෙවර මෙහි විදුලි ආලෝක රටා සහ සජීවිකරණ රූප වලින් (Animations) මෙල්බර්න් නුවර COVID-19 වයිරසය සමග සටන් කළ වීරයින්ට ස්තුතිය පළ කෙරේ.
ඔබ මෙහි ගියහොත් නත්තල් සීයා ගේ උපැස් යුවළින් නත්තල් සැරසිලි දෙස බැලීමට උත්සහ කරන්න.
එමෙන්ම පුස්තකාලයේ බිම් සලකුණ පරිලෝකනය කිරීමට ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරන්න.

03. Bourke Street Mall
මෙල්බර්න් නගරයේ නත්තල් සැරසිලි සහ විදුලි ආලෝක රටාවන් නරඹන්න යන විට අමතක නොකළ යුතුම ස්ථානයක් වන්නේ Bourke Street Mall සාප්පු සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයයි.
මෙහිදී Myer Christmas windows සුවිශේෂී තැනක් ගනී.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
මෙවර ඒවා හරහා පසුගිය වසර 25 ක නත්තල් චරිත දෙස ආපසු හැරී බැලීමක් සිදු කෙරේ.
ඔබට මෙහිදී ද නත්තල් සීයාගේ ඇස් කණ්ණාඩි වලින් අසිරිමත් නත්තල් සැරසිලි නැරඹිය හැකිය.

04. Melbourne Town Hall
මෙල්බර්න් නුවර නත්තලේ තවත් නිත්‍ය අංගයක් ලෙස මෙල්බර්න් නගර ශාලාවේ නත්තල් සැරසිලි හැඳින්වේ.
දහවල් කාලයේදී මෙහි nutcracker සෙබළුන්, විසිතුරු මල් පාත්ති සහ පෝටිකෝවේ විශාල බෝ එකක් දැක බලාගැනීමට හැකිය.
නමුත් මෙහි සුන්දරම දසුන් ඇත්තේ රාත්‍රියේය.
නේක වර්ණයන්ගෙන් සපිරි විදුලි ආලෝකයන් නගර සභා ගොඩනැගිල්ලට ප්‍රක්ෂේපනය කර විවිධ ආලෝක රටා සමගින් විවිධ හැඩ තල මවයි.

05. Docklands
සෑම වසරකම පාහේ Docklands වල දැවැන්ත පිනි මුවෙකු අලංකාරවත් ලෙස සරසා තිබෙනු ඔබට දක්නට ලැබේ.
දිලිසෙන විදුලි බුබුළු වලින් හැඩ ගන්වා ඇති මෙම පිනි මුවා යටින් පවා ඔබට ඇවිද ය හැකිය.
මෙතැන සිට මෙල්බර්න් වල Star Observation Wheel එකෙහි නත්තල් සැරසිලි ද ඔබට නැරඹීමට හැකිය.

06. Southbank
මෙල්බර්න් නගරයේ දැල්වෙන විදුලි පහන් යාරා ගඟෙන් පිළිබිඹු වන බැවින්, Princes පාලමෙහි සැරිසැරීමෙන් තවත් සොඳුරු නත්තල් සැරසිලි හා විදුලි ආලෝක රටා ඔබට දැක බලාගත හැකිය.
මෙල්බර්න් නුවර නත්තල් සැරසිලි හා විදුලි ආලෝක රටා බැලීමේ අවසන් නැවතුම ලෙස Princes පාලම හැඳින්වේ.

