Highlights
- ඕස්ට්‍රේලියාවේ නිර්දේශිත කොරෝනා එන්නත්
- ඔබ කොරෝනා එන්නත ලබාගත් බවට වන වාර්තාව
- පුද්ගල ප්‍රතිශක්තිකරණ මට්ටම වෙනස් වීම
ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන, COVID-19 සඳහා එන්නත් ලබාදීමේ ජාතික වැඩසටහන් උපායමාර්ග මගින් මේ වනවිට එන්නත් ප්‍රමුඛතාවය ලබාදියයුතු පිරිස සහ ක්ෂේස්ත්‍ර හඳුනාගෙන තිබේ.
ඒ අනුව ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්, නිරෝධායන සහ දේශසීමා සම්බන්ධව කටයුතු කරන සේවකයින්, වයස්ගත සත්කාරක ක්ෂේස්ත්‍ර සේවකයින් සහ එම ස්ථාන වල නේවාසිකයින් මෙන්ම කම්කරු ප්‍රජාව සඳහා එන්නත්කරණයේ ප්‍රමුඛතාවය ලබාදී තිබේ.
ඔබ කොරෝනා එන්නත ලබාගැනීම සඳහා සුදුසුද යන්න සම්බන්ධයෙන් දැනගැනීම සහ එන්නත වෙන්කරවාගැනීම සඳහා https://covid-vaccine.healthdirect.gov.au/ යන වෙබ් අඩවියට පිවිසීම ඔස්සේ සිදු කල හැක.

ඔබ වයස අවුරුදු 40 හෝ ඊට වඩා වැඩි අයකු නම් කොරෝනා එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබයි. එමෙන්ම වයස අවුරුදු 16ත් 39ත් අතර ඇතැම් පිරිස කොරෝනා එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබයි.
කොරෝනා එන්නත ලබාගැනීම සඳහා ඔබ සුදුසුද යන්න පිළිබඳව මෙමෙ වෙබ් අඩවියේ පවතින පියවර අනුගමනය කිරීම ඔස්සේ දැනගත හැක.
ඔබ මේ වනවිට වයස අවුරුදු 18ට වඩා වැඩි නමුත් තවමත් කොරෝනා එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් නොලබයි නම්, ඔබ එන්නත ලබාගැනීමට සුදුසු කාලය එළඹි විට එය දැනුම් දෙන ලෙස ඉල්ලීමට හැකියාව පවතී.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
පෙරවරු 11 සිට , 93.1fm, 97.7fm, 105.5fm
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කෙසේ නමුත් වයස අවුරුදු 16ට වඩා අඩු පිරිස කොරෝනා එන්නත ලබාගැනීම සඳහා ඔස්ට්‍රේලියාව තුල තවමත් සුදුසුකම් නොලබයි.
කොරෝනා එන්නත සම්බන්ධයෙන් ඔබගේ පවුල් වෛද්‍යවරයා හමුවීමෙන් දැනගැනීමට හැකි අතර https://www.health.gov.au/initiatives-and-programs/covid-19-vaccines/covid-19-vaccine-information-in-your-language යන වෙබ් අඩවියට පිවිසීම මගින්ද කොරෝනා එන්නත සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් තොරතුරු දැනගැනීමටද හැකියාව පවතී.
ඕස්ට්‍රේලියාවේ නිර්දේශිත කොරෝනා එන්නත්
The Australian Technical Advisory Group on Immunisation හෙවත් ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම වයස අවුරුදු 16ත් 59ත් අතර පිරිස සඳහා Pfizer එන්නත නිර්දේශ කොට තිබේ.
එමන්ම වයස අවුරුදු 18ත් 59ත් අතර පිරිස සඳහා AstraZeneca එන්නත ලබාගැනීමටද හැක.
ඔබ කොරෝනා එන්නත ලබාගත් බවට වාර්තාවක් පවතී
කොරෝනා එන්නත ලබාගත් පුද්ගලයින් සම්බන්ධයෙන් වන තොරතුරු ඕස්ට්‍රේලියානු රජය ගබඩා කරගැනීම සිදුකරයි. ඔස්ට්‍රේලියාව තුල එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කරන බලධාරීන් හට මෙම තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ හැකියාව පවතින අතර යම් පුද්ගලයකු ලබාගන්නා සෑම එන්නත් මාත්‍රාවක් සම්බන්ධයෙන්ම ඒ ඔස්සේ ඔවුනට දැනගැනීමට හැකියාව හිමිවේ.

කොරෝනා එන්නත ලබාගත් පුද්ගලයින් හට එන්නත ලබාගත් බවට වන වාර්තාව සඳහා ප්‍රවේශ වීමට Medicare සහ My Health Record ඔස්සේ පහසුකම් සැලසීම සිදුකෙරෙමින් පවතී. එසේම සෑම පුද්ගලයකු හටම එන්නත ලබාගත් බවට වන සහතිකයක් එම ස්ථානයෙන් හෝ විද්‍යුත් තැපෑල මගින් ලබාගත හැක.
පුද්ගල ප්‍රතිශක්තිකරණ මට්ටම වෙනස් වීම
කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසු කොරෝනා වෛරසයට එරෙහිව පුද්ගල ශරීරය තුල ප්‍රතිදේහ නිෂ්පාදනය වීමට සති දෙකක පමණ කාලයක් ගතවේ.
කෙසේ නමුත් ආරක්ෂාව යනු ප්‍රතිශක්තිය නොවන බව සඳහන් කරන RMIT හි ප්‍රතිශක්ති විද්‍යාඥයකු වන වෛද්‍ය Kylie Quinn පෙන්වා දෙන්නේ එන්නත් වල කාර්යක්ෂමතාවයේ විවිධ මට්ටම් පවතින බවයි.
ඒ අනුව,
- පළමු මට්ටම - ආසාදනය සම්පූර්ණයෙන්ම වැළැක්වීම
- දෙවන මට්ටම - ආසාදනය වැළැක්වීමට නොහැකි නමුත් රෝග තත්වය දැඩි නොවීම
- තෙවන මට්ටම - රෝග වළක්වා ගත නොහැකි නමුත් දරුණු රෝගයක් දක්වා වර්ධනය නොවීම
ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත නොමිලයේ ලබාදේ
සියලුම ඕස්ට්‍රේලියානු පුරවැසියන් හට සහ ස්ථිර පදිංචිකරුවන් හට මෙම එන්නත් නොමිලයේ ලබාදීම සිදුවේ.
එමෙන්ම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්, skilled වීසා බලපත්‍රලාභීන්, family වීසා බලපත්‍රලාභීන්, සහකරු වීසා බලපත්‍රලාභීන්, සරණාගත වීසා බලපත්‍රලාභීන්, තාවකාලික ආරක්ෂණ වීසා බලපත්‍රලාභීන්, මානුෂීය වීසා බලපත්‍රලාභීන්, ප්‍රාදේශීය වීසා බලපත්‍රලාභීන්, bridging වීසා බලපත්‍රලාභීන් හෝ විශේෂ වීසා බලපත්‍රලාභීන් ඇතුළු සියලුම වීසා බලපත්‍රලාභීන් හටද කොරෝනා එන්නත නොමිලයේ ලබාදීම ඕස්ට්‍රේලියාව තුල සිදු වේ.
ඔස්ට්‍රේලියාව තුල වීසා අවලංගු කර ඇති සහ රැඳවුම් ස්ථානවල සිටින පුද්ගලයින් ද මේ සඳහා සුදුසුකම් ලබයි.
ඔස්ට්‍රේලියානු රජයේ කොරෝනා වයිරස් තොරතුරු
- සෞඛ්‍ය දෙපාර්තමේන්තුව - COVID-19 එන්නත පිළිබඳ ඔබේ භාෂාවෙන් තොරතුරු
- ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව - COVID-19 පිළිබඳ ඔබේ භාෂාවෙන් තොරතුරු
ඔස්ට්‍රේලියාව තුල පුද්ගලයින් අවම වශයෙන් එකිනෙකාට මීටර 1.5ක් ඈතින් සිටිය යුතුය
ඔබට උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගලක්ෂණ පෙන්වයි නම් වහාම කොරෝනා පරීක්ෂාව සඳහා යොමුවීම සහ නිවසේම රැඳී සිටීම සිදු කලයුතුය
කරුණාකර ඔබේ ප්‍රාන්තය සඳහා වන අදාළ මාර්ගෝපදේශ පරීක්ෂා කරන්න: වික්ටෝරියා ප්‍රාන්තය, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය, ටස්මේනියා ප්‍රාන්තය, Northern Territory, Australian Capital Territory

