ඊයේ (03/11) ප්‍රකාශයට පත් කෙරුණු ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ අඩුම පොළී අනුපාතිකය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට බලපාන්නේ කෙසේද?

Close-up of colorful plastic Australian dollar notes

澳洲銀行來季表現預期會有作爲 Source: getty images

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ අඩුම පොළී අනුපාතිකය ඊයේ දිනයේදී (03/11) ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් ප්‍රකාශයට පත් කෙරුණි.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය 0.1% දක්වා තවත් කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ඊයේ තීරණය කළේය.

The Reserve Bank of Australia in Sydney
People walk past the Reserve Bank of Australia sign in Sydney Source: William West/AFP/Getty Images

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ අඩුම පොළී අනුපාතිකය

ඊයේ තෙක් ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය පැවතියේ 0.25% මට්ටමේය.

නමුත් එය 0.1% දක්වා තවත් කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ඊයේ තීරණය කළේය.

කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටුණු ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සහනයක් වීම සඳහා මෙම පියවර ගත් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ප්‍රකාශ කළේය.

එමෙන්ම 0.1% පොළී අනුපාතිකය අවම වශයෙන් තවත් වසර තුනක් යනතෙක් ඉහළ නොදමන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පැවසීය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

උද්ධමනය නැති කිරීමට සහ ණය දීම හා ආයෝජන දිරිගැන්වීම සඳහා ඉදිරි මාස හය තුළ ඩොලර් බිලියන 100 ක් වටිනා ඔස්ට්‍රේලියානු රජයේ බැඳුම්කර මිලදී ගන්නා බව ද ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ඊයේ තහවුරු කළේය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් සඳහා නොමිලේ මුදල් මුද්‍රණය නොකරන බවත් මධ්‍යම බැංකුව විසින් මිලදී ගත් බැඳුම්කර කල් පිරෙන විට රජයන් විසින් ආපසු ගෙවිය යුතු බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe අවධාරණය කළේය.

Governor of the Reserve Bank of Australia (RBA) Phillip Lowe speaks to the media during a press conference in Sydney, Tuesday, April 21, 2020. (AAP Image/Joel Carrett) NO ARCHIVING
Governor of the Reserve Bank of Australia (RBA) Phillip Lowe. Source: AAP

කප්පාදු කළ පොලී අනුපාතිකය ඔබේ නිවාස ණයට බලපාන අයුරු

ඊයේ ප්‍රකාශයට පත් කළ නව පොළී අනුපාතිකය ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මුල්‍ය ආයතනය විසින් ක්‍රියාත්මක කළහොත් ඩොලර් 400,000 ක නිවාස ණයක් සඳහා ආපසු ගෙවීම් සාමාන්‍යයෙන් මසකට ඩොලර් 33 කින් පමණ අඩු වනු ඇත.

ඒ පිළිබඳ චැනල් 7 පුවත් සේවයේ වෙබ් අඩවියේ දක්වා තිබුණේ පහත අයුරිනි.

How does the lowest interest rate in Australian history announced yesterday affect you?
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now