ප්‍රධාන වශයෙන් ඔස්ට්‍රේලියාව තුල තරුණ අපරාධ කරුවන් සදහා වන අධිකරණ පද්ධතිය ඔවුන් යහ මගට ගැනීම අරමුණු කර ගෙන පවත්වා ගෙන යයි
තරුණයන් වැරද්දක් කලත් ඔවුන්ට එය නිවරදි කර ගැනීමට නැවත අවස්තාවක් සලසා දෙයි . ප්‍රාන්ත අනුව නීති වෙනස් වුවද අවුරුදු 10 ට අඩු දරුවන් වැරදි කරුවන් කිරීමට නොහැකි වේ.

නීතීඥයෙකු ලබා ගැනීම
තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත හොත් ඔවුන් ප්‍රශ්න කිරීමට ලක්වේ . දරුවා වයස අවු 14 ට අඩු නම් එවිට වැඩිහිටියෙකු ඉදිරියේ එය සිදු වේ. ඔවුන් අවු 14-17 අතර නම් එම වැඩිහිටියා කවුදැයි තීරණය කිරීමට ඔවුන්ට හැකියි. ඒ නීතීඥයකු පවුලේ කෙනෙකු, හෝ වයස 18 වැඩි මිතුරෙකු හෝ තරුණ සේවකයෙකු විය හැකියි

එම ප්‍රශන කිරීමට පෙර නීතිඥයෙකු සමග සාකච්චා කිරීම වැදගත් . ඒ අනුව එම තරුණයාට එරෙහි චෝදනා, අධිකරණ ක්‍රියාවලිය ආදිය පිළිබද පැහැදිලි කර ගැනීමට හැකිවේ .
පහත වෙබ් අඩවිය තුලින් legal aid සේවා ලබා ගැනීම පිළිබද දැනුවත් වන්න
https://www.australia.gov.au/content/legal-aid
තරුණයා වැරැද්ද කර ඇත්තේ ප්‍රථම වර හා එය සුළු වරදක් නම් ඔවුන්ට අවවාධ කිරීම් සිදු විය හැකියි . එසේ නැත්නම් ඔවුන් අත්අඩංගුවට ගෙන ඉන් පසුව තරුණ අධිකරණයට ඉදිරිපත් කල හැකියි
ඔබ අධිකරණයට යන විට නීතීඥයවරයෙකු අවශ්‍ය වේ. ඔබට වෙනත් නීතීඥයවරයෙකු නොමැති නම් අධිකරයෙදී ඒ සදහා ඉල්ලීමක් කල හැකියි

චෝදනා වලට වැරදි කරුවන් වුවන්ට සමාජ සේවා කටයුතු වල නිරත වීම, දඩ ගෙවීම හෝ අවසන් වශයෙන් තරුණ රැදවුම් කඳවුරු වෙත යැවීම සිදුවේ. නමුත් පර්යේෂණ පෙන්වා දෙන්නේ ළමා කල රැදවුම් කදවුරු වෙත යන දරුවන් බොහෝ ගැටළු වලට මුහුණ දෙන බවයි

ආධාර ලබා ගැනීම
ප්‍රාන්තයේ නීති සේවා මගින් සහය ලබා ගන්න
https://www.australia.gov.au/content/legal-aid
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

