Highlights
- කොරෝනා එන්නතෙන් නිසි ආරක්ෂාව ලැබීමට කෙතරම් කාලයක් ගතවේද?
- Pfizer එන්නතෙහි එක් මාත්‍රාවක් පමණක් ලබාගැනීම මගින් කුමක් සිදු වේද?
- AstraZeneca එන්නතෙහි එක් මාත්‍රාවක් පමණක් ලබාගැනීම මගින් කුමක් සිදු වේද?
- එන්නත ක්‍රියාත්මක වීමට කල් ගත වන්නේ ඇයි?
- එක් කොරෝනා එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගැනීම අවදානම්ද?
වික්ටෝරියා ප්‍රාන්තය තුල නැවතත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග එම ප්‍රාන්තයේ වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රය සඳහා දැඩි අභියෝගයක් එල්ල වී තිබේ.
පසුගිය මැයි මස 12 වැනිදා වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ සේවකයකු හට, පළමු කොරෝනා එන්නත් මාත්‍රාව ලබාසිටියදීත් කොරෝනා වෛරසය වැළඳුණු අතර ඉන් පසුව ඇය සේවය කල Arcare වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයේ තවත් සේවිකාවකට සහ නේවාසිකයින් දෙදෙනකු හට වෛරසය වැළඳි බවට අනාවරණය විය.
පළමුව කොරෝනා වෛරසය ආසාදනය වූ නේවාසික පුද්ගලයා හට Pfizer එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී තිබු අතර පසුව හඳුනාගත් දෙවන නේවාසික පුද්ගලයා හට එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබු බව අනාවරණය විය.
මෙහිදී මෙම Arcare වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයේ කොරෝනා වෛරසය සඳහා ධනාත්මක වූ පළමු සේවිකාව සහ පළමු නේවාසික පුද්ගලයා යන දෙදෙනාටම කොරෝනා එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී ඇති බව හඳුනාගත් අතර ඒ අනුව සෑම පුද්ගලයකු හටම මෙම වෛරසයෙන් නිසි ලෙස ආරක්ෂා වීමට නම් කොරෝනා එන්නතෙහි මාත්‍රා දෙකම ලබාගැනීම අනිවාර්ය බව පෙනී යයි.

A locally manufactured AstraZeneca vaccine vial is seen at CSL in Melbourne Source: AAP
කොරෝනා එන්නතෙන් නිසි ආරක්ෂාව ලැබීමට කෙතරම් කාලයක් ගතවේද?
මේ දක්වා සිදු කල සායනික අත්හදා බැලීම් වලට අනුව යම් පුද්ගලයකු කොරෝනා එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් සති දෙකකට පසු එම එන්නත ශරීරය තුල නිසි ලෙස ක්‍රියාත්මක වීම ඇරඹෙන බව සොයාගෙන තිබේ.
ඒ අනුව,
- නිරෝගී පුද්ගලයින් දරුණු රෝග මගින් සහ මරණයෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වේ
- COVID -19 වෛරසය සමග සිදුවන රෝගලක්ෂණ ඇතිවීමේ සම්භාවිතාවය අඩු වේ.
- COVID -19 වෛරසය ආසාදනය වීමේ සම්භාවිතාවය අඩු වේ.
- යම් හෙයකින් පුද්ගලයකුට COVID -19 වෛරසය අසාදනය වුවද, එම පුද්ගලයාගේ ශරීරය නිපදවන කොරෝනා වෛරස ප්‍රමාණය අඩු වන අතර එමගින් වෙනත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාවයද අඩු වේ.
කොරෝනා එන්නතෙහි මාත්‍රා දෙකම ලබාගැනීම පුද්ගලයකු හට සමාන ලෙස අත්‍යවශ්‍ය සහ ප්‍රතිපලදායක වන අතර එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගැනීම ඔස්සේ එන්නතෙහි සාර්ථක ප්‍රතිපල නොලැබේ.
කෙසේ වුවද කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා සිටින පුද්ගලයින් හටද ඇතැම් විට කොරෝනා වෛරසය අසාදනය වීමේ සම්භාවිතාවයක් පවතින නමුත් එම පුද්ගලයා හට රෝග වර්ධනය වීම අඩු වන අතර එම පුද්ගලයා හරහා වෙනත් අයකුට වෛරසය සම්ප්‍රේෂනය වීමද අඩු වේ.
Pfizer එන්නතෙහි එක් මාත්‍රාවක් පමණක් ලබාගැනීම මගින් කුමක් සිදු වේද?
මේ වනවිට Pfizer එන්නත පිළිබඳව සිදු කෙරෙන සායනික අත්හදා බැලීම් මගින්, එම එන්නතෙහි මාත්‍රා දෙකම ලබාදීමෙන් සතියකට පසුව ඇතිවන ප්‍රතිපල පිළිබඳව අවධානයක් යොමු කෙරේ.
කෙසේ නමුත් එම අත්හදා බැලීම් ඔස්සේ Pfizer එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදීමෙන් දින 12කට පමණ පසු එන්නත පුද්ගල ශරීරය තුල නිසි ලෙස ක්‍රියාත්මක වන අතර ශරීරය ආරක්ෂා කිරීම ඇරඹෙන බව නිරීක්ෂණය වී තිබේ.
එම නිරීක්ෂණයන් ස්ථිර කරමින්, දැනට වාර්තා වන තත්වයට අනුව Pfizer එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදීමෙන් සති 4ක කාලයකට පසු යම් අයකුට කොරෝනා වෛරසය වැළඳුනද එම පුද්ගලයා රෝහල්ගත කිරීමේ ප්‍රවනතාවය අඩු බව සොයාගෙන තිබේ.

Source: NurPhoto
එමන්ම Pfizer එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගැනීම මගින් යම් පුද්ගලයකු හට කොරෝනා වෛරසය වැළඳීමේ අවදානම 50% ත් 90%ත් අතර ප්‍රමාණයකට අඩු වන බව වාර්තා වේ.
Pfizer එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත්, කොරෝනා වෛරසය වැළඳුනු පුද්ගලයකු මගින් වෙනත් පුද්ගලයකු හට එම වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාවයද 50%කින් අඩු බව සොයාගෙන තිබේ.
AstraZeneca එන්නතෙහි එක් මාත්‍රාවක් පමණක් ලබාගැනීම මගින් කුමක් සිදු වේද?
පුද්ගලයින් හට එක් මාත්‍රාවක් පමණක් ලබාදීමේ අරමුණින් AstraZeneca එන්නත ප්‍රථමයෙන් නිපදවූ අතර, සිදු කල මුල් සායනික පරීක්ෂණ ඔස්සේ අනවරණය වී ඇත්තේ එමගින් කොරෝනා වෛරසයට එරෙහිව 76% පමණ ආරක්ෂාවක් ලබාදෙන බවයි.
කෙසේ නමුත් පසුව AstraZeneca එන්නත ලබා දෙන පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාවක් අනුමත කෙරින.
දැනට වාර්තා වන තත්වයට අනුව AstraZeneca එන්නත ලබාගත් පුද්ගලයකු හට කොරෝනා වෛරසය වැළඳීමේ අවදානම 65% ත් 90%ත් අතර ප්‍රමාණයකට අඩු වන බව වාර්තා වේ.
එමෙන්ම AstraZeneca එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත්, කොරෝනා වෛරසය වැළඳුනු පුද්ගලයකු මගින් වෙනත් පුද්ගලයකු හට එම වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාවයද 50%කින් අඩු බව සොයාගෙන තිබේ.

Source: Sipa USA Dinendra Haria/SOPA Images/Sip
මේ අනුව Pfizer සහ AstraZeneca යන එන්නත් දෙවර්ගයේම පළමු මාත්‍රාව ලබාගැනීමෙන් සති 4ක කාලයකට පසු පුද්ගලයින් හට කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල කල නොහැකි අතර පුද්ගලයකු රෝහල්ගතකිරීමෙන් ආරක්ෂා වන බව පෙනී යයි.
එන්නත ක්‍රියාත්මක වීමට කල් ගත වන්නේ ඇයි?
Pfizer එන්නත සහ AstraZeneca එන්නත් අතර වෙනස්කම් පැවතියද එම එන්නත් දෙවර්ගයම පුද්ගල ශරීරය තුල ප්‍රතිදේහ නිපදවීම සඳහා එක හා සමාන කාලසීමාවක් ගත කරයි. එය දින 14ක පමණ කාලයක් වශයෙන් හඳුනාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් සිදු කල පර්යේෂණ ඔස්සේ මේ වනවිට හඳුනාගෙන ඇත්තේ මෙම එන්නත් දෙවර්ගයේම පළමු එන්නත් මාත්‍රාව ලබාදීමෙන් පසු පුද්ගල ශරීරය තුල SARS-CoV-2 වෛරසයේ Spike ප්‍රෝටීන හඳුනාගැනීම සඳහා වන ප්‍රතිදේහ නිපදවීමට අවම වශයෙන් දින 10ක කාලයක් ගත වන බවයි.
එමන්ම පුද්ගල ශරීරයට ඇතුළු වන වෛරස සඳහා ප්‍රතිචාර දැක්වීමේ කාර්යයේදී අතිශය වැදගත් වන T cells වලට එන්නත සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා කිරීමට සතියක පමණ කාලයක් ගතවේ. ඉන් පසුව එළඹෙන සති කිහිපය තුලදී පුද්ගල ප්‍රතිශක්තීකරණය වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වේ.

Source: AAP
මෙම එන්නත් දෙවර්ගයම ලබාදීම ඔස්සේ පුද්ගල ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වඩාත් ඉක්මනින් සක්‍රීය කරන අතර දෙවන මාත්‍රාව ලබාදීමෙන් සතියක කාලයක් ඇතුලත පුද්ගල ශරීරයේ ප්‍රතිදේහ මට්ටම දස ගුණයකින් වැඩි වේ. මේ ඔස්සේ පුද්ගල ශරීරයට කොරෝනා වෛරසයට එරෙහිව වඩාත් දැඩි සහ කල් පවතින ආරක්ෂාවක් ලබා දේ.
මේ ඔස්සේ කොරෝනා එන්නතෙහි පළමු මාත්‍රාව පුද්ගල ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සහ දෙවන මාත්‍රාව ඔස්සේ පුද්ගල ප්‍රතිශක්තීකරණය ශක්තිමත් කිරීම සිදු කරන බව සනාථ වී තිබේ.
එක් කොරෝනා එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගැනීම අවදානම්ද?
එක් කොරෝනා එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගැනීම ඔස්සේ පුද්ගලයින් හට කොරෝනා වෛරසයෙන් යම් ආරක්ෂාවක් පමණක් ලබාදුන්නද ඒ මගින් දැඩි අවදානමක් සහිත පුද්ගලයින් හට සහ සෞඛ්‍ය අංශ ඉදිරි පෙළ නිලධාරීන් හට නිසි ආරක්ෂාවක් නොලැබේ.
මේ හේතුවෙන් වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ, නිරෝධායන ක්ෂේස්ත්‍රයේ සහ අබාධිත සත්කාරක ක්ෂේස්ත්‍රයේ වැනි ක්ෂේස්ත්‍රහි පිරිස සඳහා කොරෝනා එන්නත් මාත්‍රා දෙකක් ලබාදීම අතිශය වැදගත් වේ.
මේ අතර, මේ වනවිට කොරෝනා වෛරසයට එරෙහිව පවතින එන්නත්, ලොව පළමුව හඳුනාගත් කොරෝනා වෛරස ප්‍රබේදය සඳහා නිපදව ඇති අතර මේ වනවිට ලොව පුරා විවිධාකාරයේ කොරෝනා වෛරස ප්‍රබේද හඳුනාගෙන තිබේ.
මෙහිදී ඇතැම් කොරෝනා වෛරස ප්‍රබේද සඳහා මෙම එන්නත් නිසි ලෙස ක්‍රියාත්මක නොවීමට ඉඩ පවතින අතර එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගැනීම එම අවදානම දැඩි කරයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS Radio APP එකෙන් (Free download)
මේ වනවිට පවතින මුලික දත්තයන්ට අනුව Pfizer එන්නත් මාත්‍රා දෙකක් මගින් B.1.617.2 යන කොරෝනා වෛරස ප්‍රබේදය සඳහා 88% ක ආරක්ෂාවක් ලැබෙන අතර එක් එන්නත් මාත්‍රාවක් මගින් 33%ක ආරක්ෂාවක් පමණක් ලැබේ.
මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුව ඇති කොරෝනා වෛරස ප්‍රබේදය B.1.617.1 යන වෛරස ප්‍රබේදයට සමාන වන අතර එම ප්‍රාන්තයේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් හට ඉක්මනින් කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාදීම ඉතා වැදගත් වේ.
එමන්ම Pfizer සහ AstraZeneca යන එන්නත් දෙවර්ගයේම එක් මාත්‍රාවකින් වන ආරක්ෂාව පුද්ගලයින්ගේ වයස අනුවද වෙනස් වන අතර වයසින් වැඩි පුද්ගලයින් හට එක් එන්නත් මාත්‍රාවක් මගින් ලැබෙන ආරක්ෂාව තරුණ පුද්ගලයකුට සාපේක්ෂව අඩු වේ. කෙසේ නමුත් වයසින් වැඩි පිරිස සඳහා එන්නත් මාත්‍රා දෙකක් ලබාදීම මගින් එම පිරිසටද කොරෝනා වෛරසයෙන් වැඩි ආරක්ෂාවක් ලබා දිය හැක.
මෙම අධ්‍යයනය තවමත් සමාලෝචනය කොට නොමැති වුවද, වැඩිහිටි පුද්ගලයින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීම සඳහා ඔවුනට කොරෝනා එන්නතෙහි මාත්‍රා දෙකම ලබාදීම ඉතා වැදගත් වන බව මෙමගින් හෙළි කරයි.