ඔස්ට්‍රේලියාවේ 457 වීසා හිමියන්ගේ වැටුප් සහ අනෙකුත් විස්තර පිළිබඳ ඔබ දන්නවාද? (SBS සිංහල/ වාර්තා)

2016 ජුනි මස දී ආගමන සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවකට අනුව මෙම වැඩසටහන යටතේ 95,000ක් පමණ තාවකාලික නිපුණතා සංක්‍රමණිකයින් සිටියි.

How much 457 visa-holders get paid

Source: SBS

ඔස්ට්‍රේලියාවේ 457 වීසා වැඩසටහන මෑත කාලයේ ඔස්ට්‍රේලියාව තුළ වඩාත් බහට ලක්වූ වීසා වැඩසටහන බවට පත්වූයේ එහි ඇති ඇතැම් යෝග්‍යතාවන්  සහ අවශ්‍යතාවන් වෙනස් කිරීමට රජය ගත් උත්සාහය නිසාවෙනි.

2016 ජුනි මස දී ආගමන සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවකට අනුව මෙම වැඩසටහන යටතේ 95,000ක් පමණ තාවකාලික නිපුණතා සංක්‍රමණිකයින් සිටියි.

එයින් 55%ක ප්‍රතිශතයක් වෘත්තීයවේදීන් ද 23%ක් තාක්ෂණික සහ වෙළෙඳ සේවකයන් ද 17%ක් කළමණාකරුවන් ද වන බව වාර්තා වේ.

ඔවුන් පැමිණෙන්නේ කොහේ සිටද, ඔවුන් යන්නේ  කොතනටද,කොතැනටද, ඔවුන් කරන රැකියාවන් මොනවාද සහ ඔවුන්ට හිමි වැටුප් පිළිබඳ අපි එම වාර්තාව හරහා ගැඹුරින් විශ්ලේෂණය කළෙමු.

සාමාන්‍යයෙන් සේවකයන් හට හොඳ වැටුප් ගෙවන බව පෙනෙන්නට තිබේ.

457 වීසා සේවකයන් හට ලැබිය යුතු වැටුප් පිලිබඳ අදාළ අංශ සහ ස්ථාන මත වාර්තාවේ දක්වා ඇති බව  සඳහන්. ඒ අනුව superannuation ද සහිතව මෙම සේවකයන්ගේ සාමන්‍ය වේතනයේ එකතුව වසරකට ඩොලර් 94,200කි.

සත්කාරක සේවා වල හෙවත් Hospitality අංශයේ සේවකයන් හට සාමාන්‍යයෙන් වසරකට ඩොලර් 58,800 ක් ගෙවන බවද සඳහන්.

නමුත් livesalary.com.au වෙබ් අඩවියට අනුව Hospitality අංශයේ සේවකයන්ගේ මූලික වැටුප ඩොලර් 55,000 ක් විය යුතු වන අතර මුළු වැටුප ඩොලර් 60,225 ක් විය  යුතුය.

457 වීසා ඛාණ්ඩය යටතේ ඉහළම වැටුප් හිමිවන්නේ පතල්, මුල්‍ය සහ රක්ෂණ කර්මාන්ත සඳහා බව වාර්තා වේ.

පතල් කර්මාන්තයේ සේවය කරන්නන් හට ගෙවනු ලබන සාමන්‍යය වේතනය වසරකට ඩොලර් 218,200 ක් වන අතර මුල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍ර වල සිටින්නන් හට වසරකට ඩොලර් 128,800 ක් ගෙවනු ලබයි.

ඉහළ වැටුප් පිළිබඳ පුදුම නොවිය යුතු බව ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ 457 වීසා පිළිබඳ විශේෂඥ ආචාර්ය Joanna Howe SBS සේවයට පැවසුවාය.

457 වීසා වැඩසටහන යනු නිපුණතා සංක්‍රමණික වැඩසටහනක් බව පැහැදිලි කළ ඇය, අන්තර්ජාතික ශිෂ්‍යන් සහ working holiday වීසා වැඩසටහන යටතේ සිදු වන ශ්‍රමය සූරා කෑමක් මෙහිදී දක්නට නොලැබෙන බවද පෙන්වා දුන්නාය.

457 වීසා හිමියන් හට දේශීය සේවකයන් හට ගෙවනු ලබන වැටුප් හා සංසන්දනාත්මක වැටුප් ගෙවීමට නීතියෙන් විධි විධාන සපයා ඇති අතර අවම වැටුප ඩොලර් 53,000 ලෙස දැක්වෙයි.

නමුත් 457 වීසා සම්බන්ධව වෙනත් ගැටළු කිහිපයක් පවතින බව විශේෂඥයන් පවසයි. සේව්‍ය - සේවක සම්බන්ධය පවතින ආකාරය මත ශ්‍රමය සූරාකෑමකට යොමු වීම ඉන් එක් ප්‍රධාන ගැටළුවක් බව ඔවුන් පෙන්වා දෙයි.

තොරතුරු තාක්ෂණවේදීන්, වෘත්තීයවේදීන්, විද්‍යා හා තාක්ෂණ වේදීන් හට ඉහළ ඉල්ලුමක් ඇත.

ICT, professional, scientific and technical skills are in high demand
Source: SBS

තාවකාලික සේවකයන් බහුලවම සපයන රටවල් අතර ඉන්දියාව සහ එක්සත් රාජධානිය පෙරමුණ ගනියි.

ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් සමස්ත ප්‍රමාණයෙන්ම අඩකටත් වඩා හිමිකම් කියයි.

India and the UK are the highest suppliers of temporary workers
Source: SBS

වඩාත් ජනප්‍රියතම කලාපය වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයයි.

NSW is the most popular destination
Source: SBS

 

 


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne, Ben Winsor (Original)

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now