ඔස්ට්‍රේලියාවේ දෙමුහුන් රැකියා සංස්කෘතිය තුළ රැකියාව සහ ජීවිතය සමතුලිතව පවත්වා ගන්නේ කෙසේද?

WFH ලෙස රැකියා කරන මුළු පැය ගණන මාර්තු මාසයේදී 43% සිට සැප්තැම්බර් මාසය වන විට 26% දක්වා අඩු විය.

ABS LABOUR FORCE FIGURES

People in the central business district (CBD) of Sydney. Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

දෙමුහුන් රැකියා රටාවක්, එනම් ඇතැම් දිනවල සේවා ස්ථානයේත් සහ ඇතැම් දිනවල නිවසේදීත් රැකියා කිරීම COVID-19 සීමාවන් ලිහිල් කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බව නවතම අධ්‍යයනයකින් පෙන්නුම් කළේය.

මෙම වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී බොහෝ වෘත්තීන්හි සේවකයින් නිවසේ සිට (WFH) අඩුවෙන් වැඩ කළ බව එහි සඳහන් වේ.

WFH ලෙස රැකියා කරන මුළු පැය ගණන මාර්තු මාසයේදී 43% සිට සැප්තැම්බර් මාසය වන විට 26% දක්වා අඩු විය.

දකුණු ඔස්ට්‍රේලියාව, Australian Capital Territory/ටස්මේනියාව සහ Northern Territory, WFH හි පැය ගණනේ තියුනුම පහත වැටීම පිළිවෙලින් 53%, 48% සහ 43% කින් වාර්තා කර ඇත.


මෙම සොයාගැනීම් දෙමුහුන් ක්‍රියාකාරීත්වය අනුව "new normal" තත්ත්වයක් ලෙස පෙනෙන දෙයට සමපාත වන බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික පාසලේ ප්‍රවාහන හා සැපයුම් අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය David Hensher පැවසුවේය.

දෙමුහුන් වැඩ රටා ස්ථාවර කිරීමේ යම් සලකුණු දැකීමට පටන් ගෙන ඇති බවද මහාචාර්ය Hensher පැවසීය.
Businesswoman planning strategy on video call
New South Wales and Victoria had the highest WFH proportion at 31.4 per cent and 28.9 per cent in September. Credit: Morsa Images/Getty Images
ඔස්ට්‍රේලියාව වසංගතයෙන් එළියට එන විට කළමනාකරුවන්ගේ අපේක්ෂාවන් වර්ධනය වන බව ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ පුද්ගල කළමනාකරණය සහ කාර්මික සබඳතා අධ්‍යන අංශයේ සහකාර මහාචාර්ය ආචාර්ය Mohan Thite පැවසුවේය.

"කළමනාකරුවන්ට අවශ්‍ය වන්නේ ශ්‍රමිකයින් ආපසු සේවා ස්ථාන වෙත පැමිණ අනෙකුත් සේවකයින් සමඟ අන්තර් ක්‍රියා කිරීමටයි. නමුත්, ඒ සමඟම, ඔවුන් නිවසේ සිට වැඩිපුර වැඩ කළහොත් ශ්‍රමිකයින් කෙරෙහි පාලනය නැති වේ යැයි ඔවුන් බිය වෙනවා." ආචාර්ය Thite SBS වෙත පැවසීය.

නමුත් නිවසේ සිට හෝ දුරස්ථව වැඩ කිරීමෙන් ඵලදායිතාව අඩු නොවන බවත් ඇත්ත වශයෙන්ම, බොහෝ අවස්ථාවලදී ඵලදායිතාව එවැනි අවස්ථාවලදී වැඩිවී ඇති බවත් අදාළ පර්යේෂණයෙන් පෙන්නුම් කර තිබේ.

රැකියාව සහ ජීවිතයේ සමතුලිතතාවය පවත්වා ගන්නේ කෙසේද

ඇතැම් සේවකයින්ට නිවසේ සිට රාජකාරී කිරීමට පුරුදු වී ඇති නිසා සහ lockdown කාලවලදී ගමනාගමනය කිරීමට යන කාලය ඉතිරි කර ගැනීම නිසා කාර්යාලයේ සිට වැඩිපුර වැඩ කිරීමට අපහසු ගතියක් ඇතිවී තිබේ.

සේවකයින් තම කළමනාකරුවන් සමඟ මේ සම්බන්ධයෙන් අවංක හා සෘජු සංවාදයක් පැවැත්විය යුතු බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ රැකියා සහ සංවිධාන අධ්‍යයන විනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය James Donald පැවසුවේය.

ඇතැම් ආයතන සඳහා එය කළ නොහැක්කක් බවත් ඔවුන් සේවකයින් සතියකට දින තුනක් කාර්යාලයේ වැඩ කිරීමට නියම කරන නමුත් සෑම සමාගමකටම එසේ අවශ්‍ය නොමැති බවත් ආචාර්ය Donald පැවසීය.

සමාගම්වලට මේ පිළිබඳව ප්‍රතිපත්ති තිබුණත්, එම රාමුව තුළ බොහෝ විට යම් නම්‍යශීලී බවක් ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
සේවකයින්ට නිවසේ සිට වැඩිපුර වැඩ කරන අතරතුර වඩා කාර්යක්ෂම විය හැකි බවට සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්මට සහාය විය හැකි බවට කරුණු ඉදිරිපත් කළ හැකි නම්, සේවකයින් ඔවුන්ගේ කළමනාකරු සමඟ සාකච්ඡා කිරීමට ඇති හැකියාව අවතක්සේරු නොකළ යුතුය.

ඔස්ට්‍රේලියාවේ පවතින ශ්‍රම හිඟය නිසා සමාගම් මෙයට බොහෝ දුරට සවන් දීමට ඉඩ ඇති බව ආචාර්ය Donald පැවසීය.

සමාගම තුළ සිටින බොහෝ කළමනාකරුවන්ට අවසානයේ අවශ්‍ය වන්නේ ඔවුන්ගේ සේවකයින්ගෙන් හොඳම දේ ලබා ගැනීමට බවත් එනිසා මෙය සේවකයෙකුට ලැබෙන ඉතා හොඳ අවස්ථාවක් බවත් ඔහු පැවසීය.

සම්පූර්ණයෙන්ම නිවසේ සිට රාජකාරී කිරීමේ ඍණාත්මක බලපෑම්

තමා නිවසේ සිට රාජකාරී කිරීම වෙනුවෙන් පෙනී සිටින අතරම, සම්පූර්ණයෙන්ම නිවසේ සිට රාජකාරී කිරීමේ යම් ඍණාත්මක බලපෑම් ඇති බව ද ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ පුද්ගල කළමනාකරණය සහ කාර්මික සබඳතා අධ්‍යන අංශයේ සහකාර මහාචාර්ය ආචාර්ය Mohan Thite පැවසුවේය.

"මෙහි හුදකලා වීම සහ අන් අය සමඟ අන්තර් ක්‍රියා කිරීමට නොහැකි වීම වැනි මනෝවිද්‍යාත්මක ගැටළු තිබෙනවා. පවුලේ අය වටා සිටින විට සන්සුන්ව සහ අවධානයෙන් සිටිය යුතු ආකාරය වැනි සමබරතාවය පවත්වා ගැනීමට පීඩනයක් ඇතිවෙනවා." ආචාර්ය Mohan Thite පැවසීය.

සේවකයින් ද කාර්යාලයේ සිට වැඩ කිරීම ඔවුන්ගේ පුද්ගලික සහ වෘත්තීය ප්‍රතිලාභ සඳහා යයි අවබෝධ කර ගත යුතු බව ආචාර්ය Thite සඳහන් කළේය.

කණ්ඩායම් රාජකාරී කිරීම අද රාජකාරී කිරීමට අවශ්‍ය දැනුමේ අත්‍යවශ්‍ය අංගයක් බැවින් සතියකට දින කිහිපයක්වත් කාර්යාලයේ සිට රාජකාරී කිරීම සේවකයින්ගේ යහපතට හේතුවන බවඩ් ඔහු ප්‍රකාශ කළේය.

නිවසේ සිට රාජකාරී කිරීම අදාළ සමාගම් විසින් ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතු බව ආචාර්ය James Donald පැවසුවේය.

එය රඳා පවතින්නේ සමාගම සහ එහි ප්‍රතිපත්ති මත ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට රැකියාවේ බර අනුව සහාය වීම සහ සම්මත වැඩ කරන වේලාවෙන් පිටත රාජාකාරී නොකිරීමට ඔවුන්ව දිරිමත් කිරීම මත බවද ඔහු පැවසීය.

රැකියාවෙන් විසන්ධි වීමේ හෙවත් වැඩ නැවැත්වීමේ අයිතිය

සේවකයන්ට රැකියාවෙන් විසන්ධි වීමේ අයිතිය ලබා දෙන නීතියක් සලකා බලන ලෙස රැකියා සහ රැකවරණය පිළිබඳ සෙනෙට් තේරීම් කාරක සභාවක් පසුගිය මාසයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට උපදෙස් දුන්නේය.

වසංගතය සමයේ නිවසේ සිට වැඩ කරන ශ්‍රමිකයින් විශාල සංඛ්‍යාවක් සිටි අතර මෙය බොහෝ ශ්‍රමිකයින්ගේ ජීවිත වෙනස් කර ඇති බවද කමිටුව පැවසීය.

එම කමිටුවට අනුව, රැකියාවෙන් විසන්ධි වීමේ අයිතිය පිළිබඳ පහත කරුණු ඉදිරිපත් කර ඇත:

  • නිවසේ සිට ඵලදායි රාජකාරී සහ රාජකාරීවල නම්‍යශීලී බව සක්‍රීය කිරීම සහ සහාය වීම.
  • ගිවිසුම්ගත වේලාවෙන් පිටත තම රැකියාවෙන් විසන්ධි කිරීමට ශ්‍රමිකයින්ට ඇති අයිතිය ආරක්ෂා කර ඔවුන්ගේ සේවායෝජකයා සමඟ මෙම අයිතිය බලාත්මක කිරීම.
  • හැකි සෑම අවස්ථාවකදීම සාධාරණ ලෙස රාජකාරී පැවරීම.
  • Fair Work කොමිසමට අභියාචනා කිරීමට සේවකයින්ට ඉඩ දිය යුතුය.


Share

Published

By Sahil Makkar, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service