ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය 40 C පනින මේ සති අන්තයේ ඔබේ සිරුර විජලනයෙන් වළක්වා ගන්නේ කෙසේද?

SBS පුවත් සේවය වාර්තා කරන පරිදි මෙල්බන් නුවර උෂ්ණත්වය සෙල්සියස් 41 ක් වන බවත් Geelong, Bendigo, Shepparton, Swan Hill සහ Mildura යන ප්‍රදේශ වලද උෂ්ණත්වය සෙල්සියස් 40 ඉක්මවන බවත් වාර්තා වේ.

heatwave

Tips to deal with the heatwave across Australia Source: AAP

හෙටින් (06/01) එළඹෙන සති අන්තයේ අධික උෂ්ණත්වයක් පැවතීම පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන් හට ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා විසින් අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශයට අනුව හෙට දිනයේදී වික්ටෝරියානු ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 මට්ටමට පැමිණෙන අතර ඇතැම් ප්‍රදේශ සෙල්සියස් 40 ඉක්මවන බවද වාර්තා වේ.

SBS පුවත් සේවය වාර්තා කරන පරිදි මෙල්බන් නුවර උෂ්ණත්වය සෙල්සියස් 41 ක් වන බවත් Geelong, Bendigo, Shepparton, Swan Hill සහ Mildura යන ප්‍රදේශ වලද උෂ්ණත්වය සෙල්සියස් 40 ඉක්මවන බවත් වාර්තා වේ.

මේ අතර ඇඩිලේඩ් සහ බටහිර සිඩ්නි ප්‍රදේශ වලද හෙට දිනයේදී උෂ්ණත්වය සෙල්සියස් 40 වෙත ලඟා වන බව වාර්තා වේ.

මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් නැගෙනහිර සහ දකුණු ඔස්ට්‍රේලියානු කලාප වල ලැව් ගිනි ඇතිවීමේ අවදානමක්ද මතුව තිබේ.

මෙවැනි වූ අධික උෂ්ණත්වයක් පවතින විට ඔබේ සිරුර විජලනය වීමට පහසුවෙන් හැකියාව පවතී.

සිරුර විජලනය වීමෙන් නොයෙක් රෝගී තත්ත්වයන්ට මුල පිරීමට සිදු වන බව www.mydr.com.au වෙබ් අඩවිය පවසයි.

අධික උෂ්ණත්වයක් ඇති විටදී ඔබේ සිරුර විජලනය වීමෙන් තොරව පවත්වා ගැනීමට සරල පිළිවෙත් කිහිපයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

01. ඔබට පිපාසය නොමැති වුවද හැකිතාක් ජලය පානය කරන්න.

02. මධ්‍යහන කාලයේදී හිරු රැස් වලින් මිදෙන්න.

03. ඔබේ ව්‍යායාම් කටයුතු උදෑසන කාලයේදී හෝ සවස් කාලයේදී කරන්න.

04. නිවසින් බාහිර ක්‍රියා කාරකම් උදෑසන කාලයේදී හෝ සවස් කාලයේදී කරන්න.

05. නිර්දේශිත sunscreen ආලේපන සිරුරෙහි විවෘත කොටස් වල ආලේප කරන්න.

06. ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් අඳින්න.

07. මත්පැන් පානය කිරීමෙන් මිදෙන්න.

08. හැකිතාක් පළතුරු සහ එළවලු ආහාරයට ගන්නට වග බලාගත යුතු අතර මේද සහිත මස් ආහාරයට ගැනීමෙන් වළකින්න.

09. ඔබේ නිවස සිසිල්ව තබාගන්න.

10. ඔබේ දෛනික වැඩකටයුතු උෂ්ණත්වය අනුව සැලසුම් කරගන්න.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now