Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කොරෝනා එන්නත තව දින කිහිපයකින් ජනතාවට ලබාදීමේ බ්‍රිතාන්‍යයේ තීරණය ඕස්ට්‍රේලියාවට කෙසේ බලපායිද? (SBS සිංහල/වාර්තා)

Allergic reactions to the Pfizer/BioNtech vaccine are said to be incredibly rare.

Allergic reactions to the Pfizer/BioNtech vaccine are said to be incredibly rare. Source: Photonews

Pfizer-BioNTech එන්නත ඉදිරි දින කිහිපයේදී ජනතාවට ලබා දෙන බව ඊයේ එක්සත් රාජධානිය සඳහන් කළේය. මෙය කොරෝනා එන්නතක් සඳහා බටහිර රජයක අවසර ලැබුණු ලොව පළමු අවස්ථාව ලෙස සැලකේ. මේ අනුව එක්සත් රාජධානිය තුල වැඩි අවධානමක් පවතින වැඩිහිටි ප්‍රජාව සඳහා මුලින්ම එන්නත ලබාදීමට නියිතව තිබේ.

මෙම නව තීරණයත් සමග සමස්ත ලෝකයම ඉක්මනින්ම සාමාන්‍ය තත්වයට පත්වෙතැයි විශ්වාස කරන බව එක්සත් රාජධානි සෞඛ්‍ය ලේකම් Matt Hancock පවසයි.

එක්සත් රාජධානියේ මෙම තීරණය ඔස්ට්‍රේලියාවට කෙසේ බලපායිද?

Pfizer-BioNTech එන්නත යනු ඔස්ට්‍රේලියාව මේ වන විට ගිවිසුම් වලට එළඹ ඇති එන්නත් 5න් එකක් වේ. මෙම ගිවිසුම් හි සෙසු එන්නත් ලෙස Oxford/AstraZeneca එන්නත, University of Queensland/CSL එන්නත, Novavax සහ COVAX එන්නත් හැඳින්විය හැක.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


9 NEWS පෙන්වා දෙන්නේ Pfizer එන්නත සඳහා ලබන ජනවාරි මස අගදී අවසර ලබාදීමට තීරණය කොට ඇති අතර එන්නත ලබන මාර්තු මසදී ලබාදෙන බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය ආමාත්‍ය Greg Hunt සඳහන් කරන බවයි. එමෙන්ම

Pedestrians walk past Pfizer world headquarters, Monday 9 November, 2020, in New York.
Pedestrians walk past Pfizer world headquarters, Monday 9 November, 2020, in New York. Source: AAP

එන්නත් සමාගමේ ඕස්ට්‍රේලියානු ප්‍රධාන විධායක නිලධාරියා සමග තමන් නැවතත් සාකච්චා කල අතර ඔවුන් ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලන අංශයට (Therapeutic Goods Administration (TGA)) දත්ත ලබාදෙමින් සිටින බව සඳහන් කළේය.

 

මෙම එන්නත ඔස්ට්‍රේලියාව තුල අනුමත වීම සඳහා එහි පවතින ආරක්‍ෂිත බව සහතික වියයුතු අතර එය ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලන අංශයේ දැඩි පරීක්ෂනයන්ටද ලක්වන බව සෞඛ්‍ය ආමාත්‍ය Greg Hunt පෙන්වා දේ. කෙසේ නමුත් මෙම පරීක්ෂණ මගින් මෙම එන්නත සම්මත වුවහොත් සැලසුම් කර ඇති පරිදි 2021 වසරේ මුල් භාගයේදී ඕස්ට්‍රේලියානු ජනතාව සඳහා එන්නත් මාත්‍රා මිලියන 10ක් නිකුත් කෙරේ.

මෙම මාත්‍රා එක්සත් ජනපදය, බෙල්ජියම සහ ජර්මනිය යන රටවල නිෂ්පාදනය කෙරේ.

Pfizer එන්නතට තාවකාලික ලියාපදිංචි වීමේ අවසරයක් ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලන අංශය මගින් 2020 ඔක්තෝබර් මාසයේදී ලබා දුන් අතර මේ හේතුවෙන් මෙම එන්නතෙහි අතිරේක මාත්‍රාවන් මිලදී ගැනීමේ හැකියාව ඔස්ට්‍රේලියාවට පවතී.

එක්සත් ජනපදයේ හා යුරෝපයේ මේ වනවිට උද්ගතව ඇති තත්වය මත කොරෝනා වසංගතය මැඩපැවැත්වීමේ කාර්යය සඳහා අනුමත එන්නත් කිහිපයක් අවශ්‍ය වන බව විද්‍යාඥයින් පෙන්වා දේ.

එන්නත් ජාත්‍යන්තර සංචාර සඳහා කෙතරම් වැදගත්ද?

ජාත්‍යාන්තර ගුවන් ගමන් යථා තත්ත්වයට පත්කිරීමේ ඕස්ට්‍රේලියානු සැලසුමත් සමග ජුනි මස මුලදී නැවතත් ඕස්ට්‍රේලියානුවන්ට ජාත්‍යන්තර සංචාර සඳහා අවසර ලැබෙනු ඇති බවට විශ්වාස කෙරේ.

ඉදිරි මූල්‍ය වර්ෂයේ ජුනි සහ ජූලි යන මාස අතර අන්තර්ජාතික මෙහෙයුම් රැසක් සිදුවෙතැයි අපේක්ෂා කරන බව Quantas සමාගමේ ප්‍රධාන විධායක

Qantas CEO Alan Joyce Qantas says international flights would not resume until mid-2021.
Qantas CEO Alan Joyce Qantas says international flights would not resume until mid-2021. Source: AAP

පසුගියදා පැවසීය. මෙම යතා තත්වයට පත්වීම සඳහා %50ක් එන්නෙතෙහි පවත්නා ආරක්‍ෂිත බව ඉවහල් වන අතර එන්නෙතෙහි මේ වනවිට පවතින දියුණුව ධනාත්මක බවද ඔහු පැවසීය.

 

එමෙන්ම මේ වන විට එක්සත් රාජධානිය අත්පත් කොටගෙන සිටින දියුණුවත් සමග ඉතා ඉක්මනින් ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීම සඳහා සුදානම් වීමට හැකි බවද Alan Joyce පෙන්වා දේ.

සෙසු කොරෝනා එන්නත්

මේ වන විට කොරෝනා එන්නත් ආරක්ෂා කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඩොලර් බිලියන 3.3ක ප්‍රමාණයක් ආයෝජනය කොට ඇති අතර ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලන අංශයේ අනුමැතිය අනුව කොරෝනා එන්නත් කිහිපයක් ඔස්ට්‍රේලියාවට ලබාගත හැකි වේ.

University of Oxford/AstraZeneca එන්නත

එන්නත සඳහා අවසර ලැබුනහොත් 2021 වසරේ මුල් භාගයේදී එන්නත ලබාදීමට හැකි වේ.

මෙම එන්නත AstraZeneca ආයතනය සහ බහුජාතික ජෛව ඖෂධ සමාගමක් වන CSL ආයතනය සමග එක්ව නිෂ්පාදනය කෙරේ.

මෙය, එන්නත් සංවර්ධනය වේගවත් කිරීම සඳහා වන ගෝලීය හවුල්කාරිත්වය වන Coalition for Epidemic Preparedness Innovations (CEPI) විසින් සහාය දක්වන එන්නත් 9න් එකකි.

University of Queensland/CSL එන්නත

මෙම එන්නතෙහි වැඩිදියුණු කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 5ක් ලබාදී තිබේ. එමෙන්ම මෙම එන්නත සඳහා ක්වීන්ස්ලන්ත රජය, වසංගත සූදානම නවෝත්පාදන සඳහා වන ජාත්‍යන්තර සන්ධානය නොහොත් Coalition for Epidemic Preparedness Innovation (CEPI) මෙන්ම CSL සහ philanthropic organisations මගින්ද ආධාර සැපයේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් මිලදී ගන්න එන්නත් මාත්‍රා Broadmeadows Victoria හි CSL ජීව විද්‍යා මධ්‍යස්ථානයේදී නිෂ්පාදනය කිරීමට නියමිතයි.

මෙයද, එන්නත් සංවර්ධනය වේගවත් කිරීම සඳහා වන ගෝලීය හවුල්කාරිත්වය වන Coalition for Epidemic Preparedness Innovations (CEPI) විසින් සහාය දක්වන එන්නත් 9න් එකකි.

Novavax එන්නත

එන්නත සඳහා අවසර ලැබුනහොත් 2021 වසරේ මුල් භාගයේදී එන්නත ලබාදීමට හැකි වේ.

2021 වසරේදී මාත්‍රා මිලියන 40ක් නිෂ්පාදනය කිරීමට නියමිතව තිබේ.

මෙම මාත්‍රා, යුරෝපයේ ස්ථාන කිහිපයක නිපදවීමට නියමිතයි.

COVAX එන්නත

මේ වනවිට ලොව පුරා රටවල් 188ක් මේ සමග සම්බන්ධ වී තිබේ.

2021 වසරේ අවසානය වනවිට එන්නත් මාත්‍රා බිලියන 2ක් පමණ ලොව පුරා බෙදාහැරීමට නියමිතව තිබේ.

COVAX එන්නත Gavi සමග සම්බන්ධීකරණය වන අතර Coalition for Epidemic Preparedness Innovations (CEPI), the World Health Organisation සහ UNICEF හි සහාය ලබයි.

Moderna එන්නත

Moderna ආයතනය එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතන සමග සිය අත්හදා බැලීම් සිදුකල අතර මේ වනවිට මෙම එන්නත %94ක පමණ සාර්ථක ප්‍රතිපල පෙන්වා තිබේ.

එමෙන්ම එන්නත මගින් උණ වැනි තාවකාලික අතුරු අබාධ තවමත් ඇතිවන නමුත් අවසන් පරීක්ෂණ අවසන් කිරීමට පෙර එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් නියම කර ඇති අවශ්‍යතා සපුරාලීමට මෙම එන්නත සමත්ව සිටින බව Moderna ආයතනය පවසයි.


5 min read

Published

Updated

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now