ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික ප්‍රජාවන්ට විදේශීය රජයන්ගෙන් තර්ජන, ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය අනතුරු අඟවයි (SBS සිංහල / වාර්තා)

Director-General of the Australian Security Intelligence Organisation (ASIO) Mike Burgess speaks in Canberra.

Director-General of the Australian Security Intelligence Organisation (ASIO) Mike Burgess speaks in Canberra. Source: AAP

ඕස්ට්‍රේලියානු ඉහලම බුද්ධි සේවාව සඳහන් කොට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික ප්‍රජාවගේ පවුල් සහ පුද්ගලයින් ඉලක්ක කරමින් විදේශීය රජයන් බියගැන්වීම් සහ තර්ජන කිරීම් සිදුකරන බවයි.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන විවිධ ඩයස්පෝරා ප්‍රජාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව වන විමර්ශනය සඳහා වාර්තාවක් ඉදිරිපත් කරමින් ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය මෙම අනතුරු ඇඟවීම සිදුකොට තිබේ.

තම මතයන්ට අනුව ක්‍රියා නොකිරීම හේතුවෙන් මේ ආකාරයෙන් විදේශීය රජයන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන විවිධ ඩයස්පෝරා ප්‍රජාවන් සඳහා මැදිහත් වන අතර තම දේශපාලන මතය දැරීම හේතුවෙන් මෙම ප්‍රජාවන්හි වෙසෙන බොහෝ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින් හට තර්ජන කිරීම් පිළිබඳව සාක්ෂි පවතින බවද ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය පවසයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ඇතැම් අවස්ථාවන්හිදී ඔස්ට්‍රේලියාව තුල වෙසෙන ඩයස්පෝරා ප්‍රජාවන්හි පුද්ගලයින්ව නිරීක්ෂණය කිරීමට, පෙළඹවීමට සහ බලපෑම් සිදුකිරීමට පවා එම ප්‍රජවන්හිම සාමාජිකයින් යොදාගෙන ඇතැයිද හෙළිව තිබේ.

මෙම තත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ වෙසෙන විවිධ ජනවාර්ගික සහ ආගමික ප්‍රජා කණ්ඩායම් 100 කට අධික සංක්‍යාවක් සමග ක්‍රියාකාරීව කටයුතු කල බව ආරක්ෂක බුද්ධි සංවිධානය සඳහන් කරයි. විදේශීය මැතිවරණ, ප්‍රජාතන්ත්‍රවාදී ගැති ව්‍යාපාර සහ මානව හිමිකම් අවශ්‍යතා මෙම විදේශීය මැදිහත්වීම් සඳහා විශේෂයෙන් හේතු වී ඇති බවට මෙහිදී හඳුනාගෙන තිබේ.

මෙලෙස විවිධ ප්‍රජා කණ්ඩායම් සමග ක්‍රියාකිරීම ඕස්ට්‍රේලියාවට එල්ල වන අනාගත තර්ජන හඳුනාගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වන අතර ඉස්ලාම් අන්තවාදය ඔස්ට්‍රේලියාව තුල ප්‍රධානතම ත්‍රස්තවාදී තර්ජනය ලෙස පවතින බවද ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය අවධාරණය කොට තිබේ.

එමෙන්ම මේ වන විට ඕස්ට්‍රේලියාව තුල දක්ෂිණාංශික අන්තවාදය වෙත පෙළඹී සිටින පිරිස්ද සිටින බව බුද්ධි සංවිධානය පවසයි.

ඕස්ට්‍රේලියාවට පවතින තර්ජන පිළබඳව ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය විසින් ඕස්ට්‍රේලියානු ජාතික ආරක්ෂක ආයතනයට දැනුම්දීම මගින් සහ ඕස්ට්‍රේලියාව තුල වෙසෙන ඩයස්පෝරා ප්‍රජාවන් හි යහපත් ක්‍රියාකලාපය මත ඕස්ට්‍රේලියනුවන් ආරක්ෂා වීම සිදුවන බවද එම වාර්තාවේ ඇතුලත්ව තිබේ.

විදේශීය රාජ්‍ය තර්ජන හේතුවෙන් සරණාගතයින්ට අවධානමක්

ඕස්ට්‍රේලියව තුල වෙසෙන සරණාගතයින්, මෙම විදේශීය රාජ්‍ය තර්ජන සඳහා මුහුණ දීමේ වැඩි අවධානමක් පවතින බව ඕස්ට්‍රේලියානු බහු සංස්කෘතික කවුන්සිලය පවසයි. වාර්තාවක් මගින් ඔවුන් පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන සරණාගත ප්‍රජාවන් සහ ඔවුන් පැමිණි රටවල් අතර නිරන්තරයෙන් උණුසුම්කාරී තත්වයන් ඇතිවන බවයි.

මොවුන් පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර සරණාගත ප්‍රජාවන්ට විදේශීය ආණ්ඩු වල නියෝජිතයින් එල්ල කරන ප්‍රහාර සහ තර්ජන වලින් ආරක්ෂා කිරීම රජයේ වගකීම බවද කවුන්සිලය අවධාරණය කොට තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


මෙලෙස විදේශීය රජයන්ගෙන් සිදුවන මැදිහත්වීම් සඳහා මධ්‍යම රජය මගින් කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පසුගිය වසරේදී පියවර ගත්තේය.

ඔස්ට්‍රේලියාව තුල පුලුල් නායකත්වයක් සඳහා ඉල්ලීම්

වර්ගවාදයෙන් ආරක්ෂා වීම සඳහා ජාතික වර්ගවාදී විරෝධී උපාය මාර්ගයක් ඉල්ලා සිටින පරීක්ෂණයට වාර්තාවක් යොමුකරමින් ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කොට ඇත්තේ ඕස්ට්‍රේලියාව තුල සංස්කෘතික විවිධත්වය නියෝජනය කිරීම සඳහා පුලුල් නායකත්වයක් අවශ්‍ය බවයි.

ඩයස්පෝරා ප්‍රජාවන් සමග සන්නිවේදනය සහ හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම සඳහා වැඩි දියුණුවක් අවශ්‍ය බවට COVID-19 වසංගතයත් සමග හඳුනාගෙන ඇති බවද ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

විදේශ කටයුතු, ආරක්ෂක සහ වෙළඳ විමර්ශන කමිටුව විසින් මෙම වසර අගදී සිය වාර්තාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.


Share

3 min read

Published

Updated

By Tom Stayner, Nipuna Dodangoda

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now