ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය කරන්න නම් පොලී අනුපාත තව ඉහළ දාන්න IMF කියයි

රටේ උද්ධමනය පහත හෙලීමට නම් ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයන් විසින් පොලී අනුපාත ඉහළ නැංවීමට අවශ්‍ය වනු ඇති බව ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය පිළිබඳ ස්වාධීන තක්සේරුවකින් පෙනී ගොස් තිබේ.

A worker arranges apples for sale at a market

Headline inflation lifted 5.4 per cent annually in the September quarter, far above the central bank's target range of 2-3 per cent. Source: AAP / Joel Carrett

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඔස්ට්‍රේලියානු මහ බැංකුවෙන් ඉල්ලා සිටින්නේ උද්ධමනය වේගයෙන් පහත හෙලීම සඳහා පොලී අනුපාත තවදුරටත් ඉහළ නංවන ලෙසයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ ඉලක්ක පරාසයට වඩා පාරිභෝගික මිල වර්ධනය "ඉහළින්" පවතින බවට IMF විසින් අනතුරු අඟවා ඇති අතර, බොහෝ දියුණු ආර්ථිකයන්හි සිදු වන පරිදි ඔස්ට්‍රේලියාවේ සේවාවල මිල ද ඉහළ මට්ටමක පවතී.

එබැවින් 2025 වන විට රටේ උද්ධමනය ඉලක්කගත පරාසයට පැමිණීම සහතික කිරීම සඳහා තවදුරටත් රට තුළ මුදල් ප්‍රතිපත්ති දැඩි කළ යුතු බ්ව IMF කාර්ය මණ්ඩලය ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් නිර්දේශ කරයි.

පසු ගිය සැප්තැම්බර් කාර්තුවේදී උපරිම උද්ධමනය වාර්ෂිකව සියයට 5.4කින් ඉහළ නංවන ලද අතර, එය ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ ඉලක්කගත පරාසය වන සියයට 2-3 ට වඩා බෙහෙවින් වැඩි වුවද දෙසැම්බර් මාසයේ උපරිම උද්ධමනය වූ සියයට 7.8 ට වඩා බෙහෙවින් අඩු විය.

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය පිළිබඳ බලාපොරොත්තු වූවාට වඩා ප්‍රබල දත්ත මෙම වාර්තාව මගින් ලැබී ඇති බැවින් එළඹෙන අඟහරුවාදා ඔස්ට්‍රේලියානු මහ බැංකු මණ්ඩලය රැස්වන විට තවත් පොලී අනුපාත ඉහළ නැංවීමක් පිළිබඳ අපේක්ෂා කළ හැකිය.

සැපයුම් සීමාවන් සැලකිල්ලට ගනිමින් රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී වඩාත් සම්බන්ධීකරණය කිරීමෙන් උද්ධමනය අඩු කිරීමට මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් සැලකිලිමත් විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානු ආර්ථිකය සඳහා IMF විසින් සිදු කළ ස්වාධීන තක්සේරුව ආණ්ඩුවේ අයවැය උපාය මාර්ගයට සහය වූ බවත්, පසුගිය සතියේ නිකුත් කරන ලද මෙම උද්ධමනය පිළිබඳ දත්ත වලට අනුව ජීවන වියදම් ප්‍රතිපත්ති මගින් උද්ධමනයෙන් සියයට පනහක් නියෝජනය කරන බවත් ඔස්ට්‍රේලියාවේ මධ්‍යම රජයේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පැවසුවේය.

මෙම IMF වාර්තාව මගින් රජයේ පුළුල් ආර්ථික න්‍යාය පත්‍රය පිළිගන්නා අතර ලාභ සහ පිරිසිදු බලශක්තිය සඳහා ආයෝජනය කිරීම, අඩු වියදම් ළමා රැකවරණය, කුසලතා සහ වෘත්තීය පුහුණුව මෙන්ම නිවාස සැපයුම ඉහළ නැංවීමේ ප්‍රතිපත්ති ද මීට ඇතුළත් වේ.

2024 දී ආර්ථික වර්ධනය මන්දගාමී වීම හෝ සියයට 1.25 ක් වනු ඇති බවට පුරෝකථනය කර ඇතත්, ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයේ ඇති ඔරොත්තු දීමේ හැකියාව ඔප්පු වී ඇති බව IMF වාර්තාව පෙන්වා දෙයි.

මීටත් වඩා දුර්වල ආර්ථික වර්ධනයකට තුඩු දිය හැකි අවදානම් සාධක ඇති නමුත් IMF විසින් වඩාත් සැලකිලිමත් වී තිබෙන්නේ රටේ උද්ධමන පාලනය කිරීම පිළිබඳවයි.

මිල ගණන් වේගයෙන් පහළ යාම කෙරෙහි ජනතාව තුළ විශ්වාසය නැතිවීමේ හැකියාව ඇතුළුව, ඉහළ වැටුප් ඉල්ලා සිටීමට ඔවුන් පෙළඹීමේ හැකියාව පිළිබඳව ද මෙම වාර්තාව මගින් පෙන්වා දෙයි.

බලශක්තිය, විශේෂයෙන් පෙට්‍රල් සහ ආහාර මිල ගණන් උද්ධමනයේ ඉදිරි දැක්මට අවදානම් ලෙස හඳුනාගෙන ඇති අතර, ගෘහස්ථ පරිභෝජන රටා පිළිබඳ අවිනිශ්චිතතාවය සහ වසංගතය අතරතුර ගොඩනගා ගත් ඉතිරිකිරීම් වියදම් කිරීමට ජනතාව තුළ කැමැත්ත යන සාධක ද මේ සඳහා අවදානම් ලෙස සැලකේ.

බදු ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කිරීම, ඵලදායිතා වර්ධනය සහ හරිත සංක්‍රාන්තියට (green transition) සහාය වීම ඇතුළුව දිගුකාලීන නිර්දේශ කිහිපයක් ද IMF විසින් මෙහිදී ඉදිරිපත් කර තිබේ.


Share

3 min read

Published

By Athini Amarasiri, AAP

Source: AAP




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now