කොරෝන වසංගතය හේතුවෙන් වසා දැමුණු ඔස්ට්‍රේලියානු දේශ සීමා නිසා විදෙස් රටවලට ගොස් සිටින දහස් ගණනක් වූ ඔස්ට්‍රේලියානු තාවකාලික වීසා ලාභීන්ට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිවී තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
දේශ සීමා වසාදැමීම නොතකා තමන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබාදෙන ලෙසට ඔවුන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලීම් කර ඇති නමුත් එවැනිවූ අවස්ථාවක් ලබා දිය නොහැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

තාවකාලික වීසා ලාභීන්ට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වෙයි
ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් පසුගිය මාර්තු 20 වන වින ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට හැර අනෙකුත් සියලු තාවකාලික වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගත්තේය.
ඒ අනුව ඒ වන විට විදෙස් රටවලට ගොස් සිටි තාවකාලික රැකියා වීසා ලාභීන් සහ ජාත්‍යන්තර සිසුන් ඇතුළුව දහස් ගණනක් තාවකාලික වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඉඩ නොලැබිණි.
මෙම සංචාරක තහනම නිමවන දිනය කෙදිනද කියා තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව මධ්‍යම රජය පවසයි.
මේ අතර වත්මනයේ පනවා ඇති දේශ සීමා තහනමින් තමන්ව නිදහස් කර නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දෙන ලෙස මේ වන විට විදෙස් රටවල සිටින තාවකාලික වීසා ලාභීන් දහස් ගණනක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා තිබේ.
අදාළ තාවකාලික වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දෙන ලෙස ඉල්ලා 12,000 කට අධික පිරිසක් අත්සන් කළ පෙත්සමක්ද මේ වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ලැබීමට සලස්වා ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා දිගටම වසා දැමෙයි
ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට හැර අනෙකුත් සියලු පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා තව කලක් වසා දමන බව වැඩබලන ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alan Tudge පැවසුවේය.
තව ටික කලක් මෙම වසා තැබීම සිදුවනු ඇතැයි ඔහු පැවසීය.
කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාව තුළ සාර්ථකව පාලනය කිරීමට හැකි තත්ත්වයක් පැමිණි විට සියලු දෙනාට ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කරන බව ද අමාත්‍ය Alan Tudge සඳහන් කළේය.

පෙත්සම ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට
දේශ සීමා වසා දැමීම නොතකා තාවකාලික වීසා ලාභීන්ට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබදෙන ලෙසට ඉල්ලා අත්සන් කරන ලද පෙත්සම ග්‍රීන්ස් පක්ෂයේ නියෝජ්‍ය නායක Nick McKim විසින් ඊයේ දිනයේදී සෙනට් සභාවට ඉදිරිපත් කළේය.
දහස් ගණනක් තාවකාලික වීසා ලාභීන් මෙම ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම නිසා විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව සිරවී සිටින බව ග්‍රීන්ස් පක්ෂයේ නියෝජ්‍ය නායක Nick McKim පැවසුවේය.
ඉන් බොහොමයක් ඔස්ට්‍රේලියාව තුළ රැකියා කර ආදායම් බදු ගෙවූ පුද්ගලයින් බවද ඔහු සඳහන් කළේය.
නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබාදෙන ඉල්ලුම් පත්‍රයේ අයදුම්කරුවන්ට ඉදිරිපත් කර ඇති විකල්ප ප්‍රමාණය සීමිත නිසා ඔස්ට්‍රේලියානු වීසා හිමි තාවකාලික වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම ඉතා අපහසු වී ඇති බවද ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alan Tudge පැවසුවේය.
දේශ සීමා වසා දැමීම තිබුණද යම් තාවකාලික වීසා ලාභීයෙකුට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දීම ඔස්ට්‍රේලියානු දේශ සීමා කොමසාරිස් හට බලය ඇති බව අමාත්‍ය Alan Tudge පැවසුවේය.
නමුත් පනවා ඇති දේශ සීමා තහනම එලෙසෙම තව කාලයක් පවතිනු ඇතැයි ඔහු පැහැදිලි කළේය.
ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ පිරිසෙන් තුනෙන් දෙකක් පමණ විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින් බව ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට අවසර ඉල්ලා ලැබුණු අයදුම්පත් වලින් මැයි 05 වන දින වන විට අයදුම්පත් 1,170 ක් අනුමත වී ඇති නමුත් අයදුම්පත් 220 ක් ප්‍රතික්ෂේප වී ඇත.

