ඔස්ට්‍රේලියාවේ රැකියා කරන්නන්ගේ වැටුප් වර්ධනය පිළිබඳ නවතම දත්ත ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කර තිබේ.
ඒවාට අනුව 2021 ජුනි මාසයෙන් අවසන්වූ කාර්තුව වන විට පුද්ගලික අංශයේ වැටුප් 1.9% කින්ද රාජ්‍ය අංශයේ වැටුප් 1.3% කින්ද ඉහළ ගොස් ඇත.
Highlights
- පසුගිය කාර්තුවේදී රාජ්‍ය අංශයට වඩා පුද්ගලික අංශයේ වැටුප් වැඩිවී තිබේ.
- පසුගිය මුල්‍ය වර්ෂයේ රාජ්‍ය සහ පුද්ගලික දෙඅංශයෙන්ම ඉහළම වැටුප් වර්ධන වේගයක් පෙන්නුම් කර ඇත්තේ ටස්මේනියා ප්‍රාන්තය විසිනි.
- Rental, රැකියාවලට බඳවා ගැනීම් සහ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රවල පසුගිය කාර්තුවේ ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුප් වර්ධනයක් පෙන්නුම් කර ඇත.
පසුගිය කාර්තු 4 තුළ ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධනය
රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම්
- 2020 සැප්තැම්බර් කාර්තුව අවසානයේදී - 1.8%
- 2020 දෙසැම්බර් කාර්තුව අවසානයේදී - 1.6%
- 2021 මාර්තු කාර්තුව අවසානයේදී - 1.5%
- 2021 ජුනි කාර්තුව අවසානයේදී - 1.3%
පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීම්
- 2020 සැප්තැම්බර් කාර්තුව අවසානයේදී - 1.2%
- 2020 දෙසැම්බර් කාර්තුව අවසානයේදී - 1.4%
- 2021 මාර්තු කාර්තුව අවසානයේදී - 1.4%
- 2021 ජුනි කාර්තුව අවසානයේදී - 1.9%

ඔස්ට්‍රේලියාවේ කර්මාන්ත අනුව වැටුප් වර්ධනය
Rental, රැකියාවලට බඳවා ගැනීම් සහ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රවල පසුගිය කාර්තුවේ ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුප් වර්ධනයක් පෙන්නුම් කර ඇත.
එය ප්‍රතිශතයක් ලෙස 0.6% කි.
මේ අතර විදුලිය, ගෑස්, ජලය සහ අපද්‍රව්‍ය සේවා, ප්‍රවාහන, තැපැල් සහ ගබඩා, සෞඛ්‍ය සේවා, සමාජ සේවා, කලා හා විනෝදාත්මක සේවා යන කර්මාන්ත ක්ෂේත්‍ර පසුගිය කාර්තුවේදී අඩුම වැටුප් වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
එය ප්‍රතිශතයක් ලෙස 0.1% කි.
ඊට අමතරව පසුගිය මුල්‍ය වර්ෂය තුළ තනි ක්ෂේත්‍රයක් ලෙස ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් වර්ධනයක් පෙන්නුම් කළ ක්ෂේත්‍රය ලෙස Other services හෙවත් වෙනත් සේවා ක්ෂේත්‍රය සටහන් වී ඇති අතර එහි වර්ධනය 2.6% කි.
මේ අතර වෘත්තීය, විද්‍යාත්මක හා තාක්‍ෂණික සේවාවන් එහි දෙවැනි තැනට පත්වී ඇත්තේ 2.5% ක වාර්ෂික වැටුප් වර්ධනයක් පෙන්නුම් කරමිනි.
පසුගිය මුල්‍ය වර්ෂය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 2.5% ක වාර්ෂික වැටුප් වර්ධනයක් සිදුව තිබේ.
තවද පසුගිය වසරේ මෙම ජුනි කාර්තුවට සාපේක්ෂව කලා හා විනෝදාත්මක සේවා ක්ෂේත්‍රය 0.9% ක අඩුම වැටුප් වර්ධනයක් වාර්තා කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව වැටුප් වර්ධනය
පසුගිය මුල්‍ය වර්ෂයේ රාජ්‍ය සහ පුද්ගලික දෙඅංශයෙන්ම ඉහළම වැටුප් වර්ධන වේගයක් පෙන්නුම් කර ඇත්තේ ටස්මේනියා ප්‍රාන්තය විසිනි.
එය ප්‍රතිශත ලෙස 2.2% බැගිනි.
එමෙන්ම පසුගිය කාර්තුවේ පුද්ගලික අංශයේ ඉහළම වැටුප් වර්ධන වේගය වන 0.6% පෙන්නුම් කර ඇත්තේ Australian Capital Territory විසිනි.
Northern Territory පසුගිය කාර්තුවේ අඩුම වැටුප් වර්ධනය වූ 0.1% වාර්තා කර තිබේ.
මේ අතර අඩුම වැටුප් වර්ධනය පෙන්නුම් කර ඇත්තේ දකුණු සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වන අතර එය ප්‍රතිශතයක් ලෙස 1.6% කි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව රාජ්‍ය හා පුද්ගලික අංශවල පසුගිය වර්ෂයේ වැටුප් වර්ධනය පහත පරිදි වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

