ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ක්‍රමිකව ඉහළ යයි, ප්‍රධාන හේතුව ආයතන අධිකව ලාභ ලැබීම බව හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ උද්ධමනයට ප්‍රධාන හේතුවක් ලෙස වැටුප් නොව ආයතනික අංශයේ ඉහළ යන ලාභ මට්ටම් හැඳින්විය හැකි බව ඔස්ට්‍රේලියානු ආයතනයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

A general view of the Treasury building in Canberra, Monday, May 1, 2017. Scott Morrison is preparing the Budget which will be delivered on May 9, 2017. (AAP Image/Lukas Coch) NO ARCHIVING

A general view of the Treasury building in Canberra. Source: AAP

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය තවමත් ක්‍රමිකව ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු ආයතනික අංශයේ ඉහළ යන ලාභ මට්ටම් මේ සඳහා ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇති බව නව වාර්තාවක් පෙන්වා දෙයි.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ උද්ධමනයට හේතු වන්නේ ආයතනික අංශයේ ඉහළ යන ලාභ මට්ටම් මිස වැටුප් නොවන බව හෙළිවෙයි.
  • ඔස්ට්‍රේලියාවේ වත්මන් උද්ධමනය 5.1% ක් වන අතර, එය පසුගිය වසර 20 තුළ වාර්තා වූ ඉහළම උද්ධමන අගය වේ.
  • මෙම අනුපාතය 7% ක් තරම් ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ඔස්ට්‍රේලියාවේ උද්ධමනයට ප්‍රධාන හේතුව

ඔස්ට්‍රේලියාවේ උද්ධමනයට ප්‍රධාන හේතුවක් ලෙස වැටුප් නොව ආයතනික අංශයේ ඉහළ යන ලාභ මට්ටම් හැඳින්විය හැකි බව ඔස්ට්‍රේලියානු ආයතනයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

2019/20 හෝ 2020/21 මුල්‍ය වර්ෂවලදී ඔස්ට්‍රේලියාවේ උද්ධමනය සඳහා වැටුප් දායක වී නොමැති බව ඔස්ට්‍රේලියානු ආයතනයේ එම වාර්තාව සොයා ගෙන තිබේ.

මේ වසරේ මේ දක්වා මිල ඉහළ යාමේ 4.1% න් වැටුප් 0.6% ක් පමණක් බව එම වාර්තාව අනාවරණය කරයි.

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අඛණ්ඩව ඉහළ යන බැවින් ඉදිරි මාස දෙක තුළ පවුල්වලට දැඩි ආර්ථික පීඩනයක් විඳ දරාගැනීමට සිදුවන බව මධ්‍යම රජයේ  භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers අනතුරු ඇඟවූ අතර එය ජීවන වියදම ඉහළ යාමට එකතු කරයි.

ඔස්ට්‍රේලියාවේ වත්මන් උද්ධමනය

ඔස්ට්‍රේලියාවේ වත්මන් උද්ධමනය 5.1% ක් වන අතර, එය පසුගිය වසර 20 තුළ වාර්තා වූ ඉහළම උද්ධමන අගය වේ.

මෙම අනුපාතය 7% ක් තරම් ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

සේවා යෝජකයන්ගේ සහ ව්‍යාපාරික කණ්ඩායම්වල වැටුප් වැඩිවීම පිරිවැය වැඩිවීමට දායක වනු ඇති බව නොතකා, දත්ත පෙන්වා දෙන්නේ සමාගම්වල ලාභ ඉහළ යාම උද්ධමනය සඳහා ප්‍රධාන සාධකයක් බව ඔස්ට්‍රේලියානු ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Richard Denniss පැවසුවේය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

ඔස්ට්‍රේලියාවේ උද්ධමනයට හේතු වන්නේ ලාභය ඉහළ යාම මිස ඉහළ යන වියදම් නොවන බව ජාතික ගිණුම් පෙන්වා දෙන බව ඔහු ප්‍රකාශ කළේය.

උද්ධමනය පාලනය කිරීම පිණිස කැපකිරීම් කරන ලෙස සේවකයින්ගෙන් ඉල්ලා සිටීම වෙනුවට සිය පටි තද කර ගත යුත්තේ ආයතනික අංශය බව මෙම දත්ත මගින් පැහැදිලි වන බවද ආර්ථික විද්‍යාඥ Richard Denniss අවධාරණය කරයි.

සමාගම් තම මිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවට තර්ක කරමින් සිටින අතරේ ඔවුන් වාර්තාගත ලෙස ලාභ ලබමින් සිටී.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ නංවන්නේ තරඟකාරීත්වයේ හිඟයකින් මිස පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයකින් නොවන බව ද ආර්ථික විද්‍යාඥ Richard Denniss පෙන්වා දුන්නේය.



2 min read

Published

Presented by Madhura Seneviratne

Source: AAP, SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now