ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ මාස ගණනාවක පටන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර වන ආකාරය දෙස කම්පනයෙන් බලා සිටියහ.
ඒ අතර ඔවුන් පුද්ගලයින් සහ සංවිධාන වශයෙන් එක්වී තම මව්බිමේ වැසියන් හට විවිධ පරිමාණයේ උපකාර කිරීමට පටන් ගත්තේය.
"ශ්‍රී ලංකාව මෙවැනි අන්දමේ ආර්ථික බංකොලොත්භාවයකට ඇද වැටෙතැයි ඔවුන් කිසි විටෙකත් සිතුවේ නැති නමුත් අපි එය කලින්ම දුටුවෙමු" යනුවෙන් නිව් සවුත් වේල්ස් සිංහල සංස්කෘතික සංසදයේ සභාපති නිහාල් රූපසිංහ මහතා SBS ප්රවෘත්ති සේවයට පැවසීය.
"මිනිසුන්ට වෙනත් විකල්පයක් නැහැ, තමන්ගේ එදිනෙදා දින චර්යාව අවුල් වූ විට ඔවුන් වෙන කුමක් කළ යුතුද?" යනුවෙන් ඔහු ඇසුවේය.

ඩයස්පෝරාවේ විශ්වාසය ගිලිහී ගිහින්
පොදු ජන පෙරමුණු රජය පාරදෘශ්‍ය හා විශ්වාසනීය නොවන නිසා ශ්‍රී ලංකවෙන් පිටත ජීවත් වන ලාංකේය ඩයස්පෝරාවේ විශ්වාසය ඔවුන්ට නැති වී තිබෙන බවද රූපසිංහ මහතා පැවසීය.
අන්තර්ජාලය සහ WhatsApp හරහා බෙදාගත් පණිවිඩ සහ ඡායාරූප හරහා මාස ගණනාවක් පුරාවට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව මිතුරන්ගෙන් සහ ඥාතීන්ගෙන් දුෂ්කරතා පිළිබඳ විස්තර මුලින්ම අසා ඇත.
"පිටතින් බලනකොට එතන මොකද වෙන්නේ කියලා බලන්න හරිම අමාරුයි, මිනිස්සු පාරේ ඉන්නවා, කෑම බීම නැහැ, ඉන්ධන නැහැ," රූපසිංහ මහතා පැවසීය.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ යැවීම
මේ හේතුවෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකේය ප්‍රජාව තම මව්බිමට අවශ්‍ය ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා වගකීම භාරගෙන ඇත.
ලංකාවේ විදුලිය විසන්ධි වීම සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සහ සුපිරි වෙළෙඳසල්වල භාණ්ඩ රාක්ක හිස් වෙමින් තිබියදී පසුගිය පෙබරවාරි මාසයේදී මොහාන් සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකාවට ගියේය.
එහි තත්වය අයහපත් අතට හැරෙන විට, ආධාර සැපයීමට උපකාර කිරීම සඳහා Rotary international හා එක්ව Save a Dream සංවිධානය පිහිටුවීමට ඔහු පියවර ගත්තේය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
දැනට ශ්‍රී ලංකාව තුළ හිඟ වී ඇති perinatal සහ neonatal care සඳහා අදාළ ඖෂධ කෙරෙහි එහිදී අවධානය යොමු විය.
"ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නොමිලේ වන නිසාත්, ආදායම් හිඟකම සහ විදේශ විනිමය නොමැතිකම නිසාත් ඖෂධ මෙන්ම අන්වීක්ෂ ස්ලයිඩ පවා ලංකාවේ දැන් නැහැ" සෙනෙවිරත්න මහතා පැවසීය.
"ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙන් සහ ශ්‍රී ලංකාවේ මිතුරන්ගෙන් තමන්ට හැකි පමණ මුදලින් මේ සඳහා දායක වන ලෙස ඉල්ලා සිටීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා, ලංකාවේ තත්ත්වය ඉතා භයානක බැවින් ඕනෑම දෙයක් පරිත්‍යාග කරන්න." යනුවෙන් ද ඔහු ඉල්ලා සිටියේය.

පිටරට සිට ඖෂධ යැවීම අභියෝගයක්
විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට ඖෂධ යැවීම බොහෝ කණ්ඩායම් සඳහා නව අභියෝගයක් වී තිබේ.
මොහාන් නානායක්කාර මහතා සිඩ්නි ශ්‍රී ලංකා සිංහ සමාජයේ දිගු කාලීන සාමාජිකයෙකි.
ශ්‍රී ලංකාවේ බිහිසුණු තත්ත්වය විසින් මතුවී ඇති ප්‍රවාහන හා භාණ්ඩ බෙදාහැරීමේ අභියෝග විසඳා ගැනීමට ශ්‍රී ලාංකිකයෝ බොහෝ වෙහෙසක් ගන්නා බව ඔහු පැවසීය.
"COVID කාලය තුළ, අපි රෝහල් විස්සකට වැඩි ප්‍රමාණයකට මිනිසුන්ට උපකාර කිරීමට උපකරණ ලබා දුන් අතර අපි ඒවා ඔස්ට්‍රේලියාවෙන් ලබා ගත්තා" යනුවෙන් ඔහු පැවසීය.
එම අත්දැකීම මෙවර ප්‍රයෝජනයට ගැනීමට හැකිවී තිබෙන බවද නානායක්කාර මහතා සඳහන් කළේය.







