මෙම වසර මැද සිට ජාත්‍යාන්තර සිසුන් ගෙන්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තීරණය කරයි (SBS සිංහල /වාර්තා)

මෙම වසර මැද භාගයේ සිට සෑම දෙසතියකටම වරක් ජාත්‍යාන්තර සිසුන් 250 දෙනෙකු ගෙන්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කොට තිබේ.

University students.

Source: AAP Image/AP Photo/Mark Baker

Highlights

  • ජාත්‍යාන්තර සිසුන් ගෙන්වා ගැනීමේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත නියමු වැඩසටහන
  • හැකි ඉක්මනින් ජාත්‍යාන්තර සිසුන් ගෙන්වාගතයුතු බව ප්‍රාන්ත භාණ්ඩාගාරිකවරයා පැවසීම
  • නව සැලසුම් පිලිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මතය 

ජාත්‍යාන්තර සිසුන් ගෙන්වා ගැනීමේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත නියමු වැඩසටහන

නියමු වැඩසටහනක් වශයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මෙම වසර මැද භාගයේ සිට සෑම දෙසතියකටම වරක් ජාත්‍යන්තර සිසුන් 250 දෙනෙකු ගෙන්වීමට තීරණය කොට තිබේ.

මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය අද(10/6) නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සිදු කලේය.

හැකි ඉක්මනින් ජාත්‍යාන්තර සිසුන් ගෙන්වාගතයුතු බව ප්‍රාන්ත භාණ්ඩාගාරිකවරයා පවසයි

මෙලෙස ප්‍රාන්තය වෙත පැමිණෙන ජාත්‍යාන්තර සිසුන් මේ වනවිට බලපැවැත්වෙන නිරෝධායන නීතීන්ට අනුව නිරෝධායනය විය යුතු බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත භාණ්ඩාගාරික Dominic Perrottet පවසයි.
ඔහු සඳහන් කොට සිටියේ කොරෝනා වසංගතයට පෙර, සාමාන්‍යයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල ජාත්‍යාන්තර සිසුන් 250,000කට වඩා වැඩි සංක්‍යාවක් සිටින අතර ඔවුන් ප්‍රාන්තය තුල රැකියා 95,000කට පමණ සෘජු දායකත්වයක් සපයන බවයි.

හැකි ඉක්මනින් ජාත්‍යාන්තර සිසුන් ගෙන්වාගැනීමේ මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළහොත් ඔවුන් වෙනත් රටවල් සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන අතර ප්‍රාන්තය නැවත යතා තත්වයට පත් වීමට දශක ගණනාවක් ගතවනු ඇති බවද ප්‍රාන්ත භාණ්ඩාගාරිකවරයා පෙන්වා දෙයි.
Victoria launches a new digital jobs program
Source: Getty Images
මෙලෙස නැවතත් ගෙන්වීමට නියමිත ජාත්‍යාන්තර සිසුන් තෝරාගැනීම ඔවුනගේ සුදුසුකම් වලට අනුව විශ්වවිද්‍යාල මගින් සිදු කරන අතර උසස් උපාධි පර්යේෂණ සිසුන් (higher degree research students) සඳහා ප්‍රමුඛතාවයක් හිමි වේ.

මෙම සැලසුම් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල ක්ෂේස්ත්‍රය මගින් දියත් කරන අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ඊට සහාය ලබා දීම සිදු කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර ශිෂ්‍ය කවුන්සිල ප්‍රකාශිකා Belle Lim පෙන්වා දෙන්නේ ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල ක්ෂේස්ත්‍රය නැවත යතා තත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර පැමිණෙන ජාත්‍යාන්තර සිසුන් සංක්‍යාවද ක්‍රමයෙන් ඉහල යනු ඇති බවට විශ්වාස කරන බවයි.

නව සැලසුම් පිලිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මතය

මෙම ජාත්‍යාන්තර සිසුන් නැවත ගෙන්වීම සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන සැලසුම් සමාලෝචනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය වෙත භාරදීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය Alan Tudge සඳහන් කොට සිටින්නේ මෙම සැලසුම් අදාළ නිර්ණායක සපුරන බවට පෙනෙන්ට ඇති නමුත් මේ සම්බන්ධයෙන් තවදුරටත් ගැඹුරින් අධීක්ෂණය කරන බවයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


අමාත්‍යවරයා SBS සේවයට සඳහන් කොට සිටියේ ජාත්‍යාන්තර සිසුන් නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට දැඩි අවශ්‍යතාවයක් පවතින නමුත් ඔස්ට්‍රේලියාව තුල නැවතත් කොරෝනා වෛරස අවදානමක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවයි.

ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන්ගෙන් සෑම තිදෙනෙකුගෙන් එක් අයකුටත් වඩා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල අධ්‍යාපනය ලබයි.

නව දත්තයන්ට අනුව, පසුගිය මැයි 31 වැනිදා වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සිය අධ්‍යාපන කටයුතු සඳහා පැමිණීමට නොහැකිව ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින ජාත්‍යන්තර සිසුන් සංක්‍යාව 47,000ක් ලෙස වාර්තා වේ.


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න


 


Share

Published

Updated

By Rashida Yosufzai, Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මෙම වසර මැද සිට ජාත්‍යාන්තර සිසුන් ගෙන්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තීරණය කරයි (SBS සිංහල /වාර්තා) | SBS Sinhala