SKIP TO MAIN CONTENT

Iron Man ගේ ඇඳුම හොරකම් කරලා. වටිනාකම ඇමෙරිකානු ඩොලර් 325,000 යි.

Someone has stolen Iron Man's suit
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: AFP, SBS


Skip to article content

ලොව ප්‍රකට සුපිරි වීරයකු වන Avengers චිත්‍රපට මාලාවේ පැමිණෙන Iron Man ගේ මුල්ම ඇඳුම් කට්ටලය යම් කිසිවෙකු විසින් සොරකම් කර ඇති බවක් වාර්තා වේ.

2008  වසරේ මුල් වරට තිරගත වූ Iron Man මංගල චිත්‍රපටයේ Iron Man ගේ චරිතය නිරූපනය කරන  Robert Downey Jr. හැඳි Iron Man ගේ මුල්ම ඇඳුම් කට්ටලය  මෙසේ නැතිවී ඇති බව ලොස් ඇන්ජලීස් පොලීසිය පවසයි.

මෙම ඇඳුම් කට්ටල ගබඩා කර ඇති ස්ථානයෙන් එය යම් කිසිවෙකු සූක්ෂම ලෙස සොරා ගන්නට ඇති බව පොලීසිය මේ වන විට සැක පළ කරයි.

Someone has stolen Iron Man's suit
Actor Robert Downey Jr holds an 'Iron Man' mannequin in Sydney in 2008. Source: Getty Images

ලොස් ඇන්ජලීස් නුවර පිහිටි මෙම ගබඩාවෙන් Iron Man ගේ මෙම ඇඳුම් කට්ටලය පසුගිය පෙබරවාරි සහ අප්‍රේල් 25 දින අතර නැතිවන්නට ඇති බව ලොස් ඇන්ජලීස් පොලීසියේ නිලධාරී Christopher No, AFP  පුවත් සේවයට පැවසීය.

මෙම ඇඳුම් කට්ටලය ඇමෙරිකානු ඩොලර් 325,000 ක් පමණ වටින බව New York Post පුවත්පත වාර්තා කර තිබුණි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now