නව රෝගීන් සඳහා bulk billing ලබා දෙන පවුලේ වෛද්‍යවරුන්ගේ සායනයක් සොයා ගැනීම පිණිස ඔස්ට්‍රේලියානුවන් සිය දහස් ගණනකට තම මැතිවරණ බල ප්‍රදේශවලින් ඔබ්බට ගමන් කිරීමට සිදුවී ඇති බව අනාවරණය වෙයි.
Online සෞඛ්‍යසේවා නාමාවලියක් වන Cleanbill සංවිධානයේ Health of the Nation නවතම වාර්තාව මේ බව හෙළිකර ඇත.
අමතර මුදල් නොගන්නා පවුලේ වෛද්‍යවරුන් සොයා යාම
ඔස්ට්‍රේලියාවේ පවුලේ වෛද්‍යවරුන්ගේ සායනවලින් 35% ක් පමණක් නව රෝගීන් සඳහා bulk billing ලබා දෙන බව එම වාර්තාව සොයා ගත්තේය.
වෛද්‍ය වෘත්තිකයා වෛද්‍ය උපදේශනය සඳහා වන සම්පූර්ණ ගෙවීම Medicare වෙතින් අයකරගන්නා අතර රෝගියාට තම සාක්කුවෙන් අමතර මුදලක් ගෙවීමට නොමැතිවීම bulk billing ලෙස හඳුන්වයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————
මෙම වාර්තාව 2023 ජනවාරි සහ අප්‍රේල් අතර පවුලේ වෛද්‍යවරුන්ගේ සායන 6,363ක දත්ත ෆෙඩරල් මැතිවරණ කොට්ඨාශ මගින් වර්ගීකරණය කර ඇත.
මෙය පවුලේ වෛද්‍යවරුන් මුණ ගැසීමේ හැකියාව පිළිබඳ ඔස්ට්‍රේලියාවේ වඩාත්ම පුළුල් සහ විස්තරාත්මක සමීක්ෂණය බව Cleanbill පවසයි.
ඉහළම bulk billing අනුපාතය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්
රෝගීන් සඳහා ඉහළම bulk billing අනුපාතය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සතුවන අතර එහි සායනවලින් අඩකට අඩුවෙන් bulk billing පිරිනමනු ලැබේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ එම ප්‍රතිශතය 34.6% ක් වන අතර bulk billing අඩුම අනුපාතයක් ඇත්තේ ACT වල බවත් එය 5% ක් බවත් ටස්මේනියාවේ එය 6.9% ක් බවත් වාර්තා වේ.
මේ අතර නව රෝගීන් සඳහා bulk billing සායන නොමැති මැතිවරණ බලප්‍රදේශ හතරක් ඇති බවත් NSW හි Newcastle, දකුණු ඕස්ට්‍රේලියාවේ Mayo, ක්වීන්ස්ලන්තයේ Fairfax සහ ටස්මේනියාවේ Franklin එම මැතිවරණ බලප්‍රදේශ හතර බවත් හෙළිවී තිබේ.
වඩාත්ම මිල අධික පවුලේ වෛද්‍යවරුන්ගේ සායන පිහිටා ඇත්තේ සිඩ්නි හි Parramatta සහ Wentworth යන ෆෙඩරල් මැතිවරණ බලප්‍රදේශවල වන අතර, සාමාන්‍යයෙන් සම්මත වෛද්‍ය උපදේශනයක් සඳහා රෝගීන්ගෙන් ඩොලර් 56කට වඩා ඒවායේදී අය කෙරේ.
නව පවුලේ වෛද්‍යවරයකු සොයන රෝගීන් කෙරෙහි මෙම සමීක්ෂණය අවධානය යොමු කර තිබේ.
මෙම මැතිවරණ බලප්‍රදේශවල ඇතැම් පවුලේ වෛද්‍යවරුන්ගේ සායන දැනට ඒවායේ ලියාපදිංචිව සිටින රෝගීන් සඳහා bulk bill ක්‍රමයට පමණක් ගෙවිය හැකි නමුත් සායනයට ඇතුළු වන නව රෝගීන් සඳහා එම ක්‍රමය ඉවත් කර ඇත.
ඔස්ට්‍රේලියාවේ ඔබේ ප්‍රදේශයේ පවුලේ වෛද්‍යවරුන්ගේ සායනයත් bulk-billing කරනවාද?
පැවති ලිබරල් සන්ධාන රජයට දොස්
පසුගිය වසරේ ජූලි සහ දෙසැම්බර් අතර ජාතික bulk billing අනුපාතය 82% ක් ලෙස පැවති අතර ඊට පෙර වසරේ 89% ක් වූ බව පසුගිය පෙබරවාරි මාසයේ නිකුත් කරන ලද ෆෙඩරල් සෞඛ්‍ය දත්ත වාර්තා කළ නමුත් එම දත්තවලට වඩා මෙම Cleanbill දත්ත සැලකිය යුතු ලෙස වෙනස් ය.
bulk-billed COVID-19 එන්නත් ඉවත් කිරීම නිසා එම අගය 2020-21 හි 67.5% සිට 2021-22 අතර 64.3% දක්වා පහත වැටුණි.

සාමාන්‍ය වෛද්‍ය උපදේශනයක් සඳහා සාමාන්‍ය ව්‍යාපාරික වේලාවන් තුළ වැඩිහිටියෙකුට bulk bill කරන ඔස්ට්‍රේලියාවේ සායනවල ප්‍රතිශතය සොයා ගැනීමෙන් Cleanbill හි මෙම දත්ත ගණනය කරන ලදී.
මේ අතර ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර්, COVID-19 වසංගතය තුළ අත්විඳින ලද bulk-billing පහත වැටීම හෙළි කළ දත්ත සැඟවීම සම්බන්ධයෙන් හිටපු ලිබරල් සන්ධාන රජයට දොස් පැවරීය.

COVID-19 එන්නත් සහ පවුලේ වෛද්‍යවරුන්ගේ සායනවල වෙනත් හමුවීම් ඇතුළුව bulk-billing අනුපාතය කෘතිමව වැඩි කළ බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.
එමෙන්ම ඔස්ට්‍රේලියානුවන්ට නොමිලේ පවුලේ වෛද්‍යවරුන්ව දැකීම පහසු කිරීම සඳහා රජය සෞඛ්‍ය පාර්ශවකරුවන් සමඟ දිගටම කටයුතු කරන බව ද ඔහු පැවසීය.

