SKIP TO MAIN CONTENT

89 වන ඔස්කාර් සම්මාන උළෙලේ La La Land චිත්‍රපටය තත්පර කිහිපයකට පමණක් හොඳම චිත්‍රපටය බවට පත් වෙයි. (SBS සිංහල)

Janelle Monae reacts as the cast and crew accept the award for best picture for "Moonlight" at the Oscars on Sunday, Feb. 26, 2017, at the Dolby Theatre in Los Angeles. (Photo by Chris Pizzello/Invision/AP)
Janelle Monae reacts as the cast and crew accept the award for best picture for "Moonlight" at the Oscars on Sunday, Feb. 26, 2017 Source: Invision

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ලෝක සිනමාවේ මහා මංගල්‍යය ලෙස හැඳින්වෙන ඔස්කාර් සිනමා උළෙල 89 වන වරටත් ඇමෙරිකාවේ කැලිෆෝනියාහි Dolby රඟහලේදී අද (27/02) නිමාවට පත් විය.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන 14 ක් සඳහා නිර්දේශ වුණු  La La Land චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙසද වැරදීමකින් නිවේදනය කිරීම කාගේත් අවධානයට ලක්වූ සුවිශේෂී සිදුවීමක් විය. එහෙත් පසුව එය නිවැරදි කෙරුණු අතර හොඳම චිත්‍රපට ලෙසට Moonlight චිත්‍රපටය සම්මාන දිනාගන්නා බව නිවේදනය කෙරින.

ඔස්ට්‍රේලියාවත් මෙවර ඔස්කාර් නිර්දේශිත නාම අතරට

මෙවර ඔස්කාර් සම්මාන සඳහා ඕස්ට්‍රේලියානුවන් කිහිප දෙනෙකුම නිරේදේශ වී තිබූ අතර Hacksaw Ridge සිනමා පටයේ රංගනය වෙනුවෙන් Mel Gibson,  Lion සිනමා පටයේ රංගනය වෙනුවෙන් Nicole Kidman ද  Deepwater Horizon චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් නවක ශිල්පී Jason Billington ද ඒ අතර විය.

සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය ලෙස Tanna සිනමා පටයද නිර්දේශිත නාම අතරට එක්ව තිබිණ. එම ඛාණ්ඩයෙන් ඔස්කාර් සම්මාන ඉතිහාසයේ නිර්දේශිත නාම අතරට එක්වූ ප්‍රථම ඕස්ට්‍රේලියානු සිනමා පටය ලෙසද මෙය හැඳින් වේ.

මෙවර සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් පහත පරිදි වේ.

හොඳම චිත්‍රපටය                          - Moonlight

හොඳම අධ්‍යක්ෂණය                    - Damien Chazelle (La La Land)

හොඳම නිළිය                             - Emma Stone (La La Land)

හොඳම නළුවා                            - Casey Affleck (Manchester By The Sea)

හොඳම සහය නිළිය                      - Viola Davis (Fences)

හොඳම සහය නළුවා                     - Mahershala Ali (Moonlight)

හොඳම කැමරා අධ්‍යක්ෂණය          - Linus Sandgren (La La Land)

හොඳම සංගීතය                           - Justin Hurwitz (La La Land)

හොඳම ගීතය                               - Justin Hurwitz, Benj Pasek and Justin Paul (La La Land)

හොඳම විදෙස් චිත්‍රපටය                 - Asghar Farhadi (The Salesman)

හොඳම සංස්කරණය                     - John Gilbert (Hacksaw Ridge)

හොඳම දෘශ්‍ය ප්‍රයෝග                   - Robert Legato, Adam Valdez, Andrew R. Jones and Dan Lemmon (The Jungle Book)

හොඳම නිෂ්පාදන සැලැස්ම           - David Wasco and Sandy Reynolds Wasco (La La Land)

හොඳම සජීවිකරන චිත්‍රපටය          - Byron Howard, Rich Moore and Clark Spencer (Zootopia)


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now