SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..”කම්කරු පක්ෂය විසින් දෙමාපිය සංචාරක වීසා වල වෙනස්කම් යෝජනා කරයි

Richard Marles
Federal Labor Immigration spokesman Richard Marles arrives at the 2015 ALP National Conference Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Skip to article content

සංක්‍රමණිකයන්ගේ දෙමාපියන් සඳහා නව සංචාරක දෙමාපිය වීසා එකක් කම්කරු පක්ෂය යෝජනා කොට තිබේ. පවුලේ සාමාජිකයන් විසින් අනුග්‍රහය ලබා දී දෙමාපියන්ට එක දිගට වසර 3 ක් ඕස්ට්‍රේලියාවේ ජීවත් විය හැකි වීසා එකක් කම්කරු රජයක් යටතේ ලබා දෙන බව පවසයි.

දැනට ඇති ක්‍රමය අනුව දෙමාපියන්ට වසර 3ක් ලබා දෙන වීසා එකෙන් මාස 12 ඔවුන්ට එක දිගට ඕස්ට්‍රේලියාවේ සිටිය හැකි වුවත් මාස 6ක් ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටිය යුතුයි.එම තත්වය විශේෂයෙන් චීන හා දකුණු ආසියානු ප්‍රජාවන්ට එය අසීරු වන බව විපක්ෂයේ සංක්‍රමණ කටයුතු පිලිබඳ අමාත්‍ය Richard Marles පවසනවා.

සංස්කෘතිකමය පරිසරයක් තුල සිදුවන දරුවන්ගේ වර්ධනයේදී වැඩිහිටියන් ප්‍රධාන කාර්යයක් සිදු කරන බවත්, ඒ නිසා දරුවන්ගේ දෙමාපියන්ට ඕස්ට්‍රේලියානු ආර්ථිකයට වැඩ කිරීමෙන් දායක විය හැකි බවත් , දැනට මාස 12න වැඩිහිටියන්ට නැවත යන්නට සිදු වීම නිසා ගැටළු මතුව ඇති බවත් ඔහු පවසනවා.

නමුත් මෙම වීසා එක ලබා ගැනීමට ඔවුන්ට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් අවශ්‍ය වෙනවා.

මේ සඳහා කම්කරු නයක් Bill Shorten නිකුත් කර ඇති වීඩියෝව සඳහා link එක පහතින් දැක්වේ

https://www.facebook.com/852027688176104/videos/1137674529611417/ 

 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

  • සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
  • සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

  • සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)
  •  කතාකරන්න -  (03) 99492169
  • Fax කරන්න – (03) 99492385
  • කෙටි පණිවිඩ සඳහා – 042 999 6263 (වැඩසටහන ප්‍රචාරය වන වෙලාවේදී පමණි)

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now