Feature

මෙල්බර්න්හි සංවිධානය කෙරෙන Lankan Fest 2025 සංස්කෘතික සහ වෙළඳ ප්‍රදර්ශන සැනකෙළිය

ඕස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකේය සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි

Lankan-Fest-2025.jpg

Source: Supplied / Lankan Fest Inc.

2025 නොවැම්බර් 16 වෙනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දී ශ්‍රී ලාංකේය ප්‍රජාවට සුවිශේෂී වැදගත් කටයුත්තක් සඳහා සියලු කටයුතු සූදානම් වී තිබෙනවා.

ඒ තමයි 7 වෙනි වතාවටත් මෙල්බර්න්හි සංවිධානය කෙරෙන සුවිසල් ශ්‍රී ලාංකේය අත්දැකීම Lankan Fest 2025 සංස්කෘතික සහ වෙළඳ ප්‍රදර්ශන සැනකෙළිය. 2015 වසරේ පළමු වරට සංවිධානය වූ Lankan fest මේ වසරේ එහි 10 වන සංවත්සරය සැමරීම ද මෙවර එහි ඇති සුවිශේෂීත්වයක් වනවා.
ලොව සංචාරයට සුදුසුම දූපත ලෙස ශ්‍රී ලංකාව නම් දරා ඇති මොහොතක, ඔස්ට්‍රේලියාව සිය නිවහන කරගත් අපේ ශ්‍රී ලංකේය ප්‍රජාව සිය මව්බිම, ශ්‍රී ලංකාවට පුද කරන තිළිණයක් ලෙස මේ Lankan Fest සංස්කෘතික උළෙල හඳුන්වන්න පුළුවන්
ශ්‍රී ලාංකේය අනන්‍යතාව, ප්‍රෞඪ ඉතිහාසය, ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමය ඒ වගේම ලොව පුරා ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින අපේ ශ්‍රී ලාංකේය ආහාර යන මේ සියල්ලේම එකතුවක් ලෙසයි Lankan Fest 2025 සංවිධානය වන්නේ.

විවිධ ජාතීන් අතිවිශාල ප්‍රමාණයක් එක්ව වෙසෙන ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික කේන්ද්‍රස්ථානය වෙන මෙල්බර්න් නගර මධ්‍යයේ ජනාකීර්ණ Crown Riverwalk හි මෙවර Lankan Fest 2025 පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 16 වෙනිදා, එනම් ඉරිදා උදෑසන 10 සිට රාත්‍රී 8 වන තුරු දවස පුරා පැවැත්වෙන මේ සුවිසල් අත්දැකීම විඳගන්නට ලංකාවට ආදරය කරන , ලංකාවේ ආහාර වර්ග රස විදීමට ප්‍රිය කරන, ලංකාවේ සංගීතය විදගන්න බලාපොරොත්තුවෙන් සිටින , ලංකාවේ නැටුම් කලාවට ළැදියාවක් දක්වන දස දහස් ගණනක ජනතාවක් Crown Riverwalk හි Lankan 2025 පරිශ්‍රය වෙත අද දිනයේදී පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Lankan-Fest-2025-SBS-Sinhala.jpg
Source: Supplied / Lankan Fest Inc.
ඔස්ට්‍රේලියාවේ සිංහල බසින් ඇහෙන එකම ජාතික නාලිකාව ,SBS සිංහල ගුවන් විදුලි සේවය සමගින් වැඩිදුර තොරතුරු කතා බහ කරන්න, ඔබේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න, Lankan Fest පරිශ්‍රයට පැමිණෙන ඔබට හැකියාව තිබෙනවා.

SBS සිංහල සේවය මෙන්ම SBS දෙමළ , SBS South Asia යන ගුවන් විදුලි වැඩසටහන් එක්ව Lankan Fest 2025 සඳහා මාධ්‍ය සත්කාරකත්වය දක්වනවා.
Lankan Fest 2025 සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශන පැවැත්වෙන පරිශ්‍රයට ඔබ ආවොත් එහි ප්‍රදර්ශන කුටි අංක 24 හි SBS ගුවන් විදුලි සේවයේ අපි දවස පුරා රැදී සිටිනවා. SBS කුටිය වෙත පැමිණෙන ඔබට ජායා රූප ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එපමණක් නොවෙයි SBS වෙතින් ඔබට තෑගි ලබා ගැනීමටත් හැකියාවක් තිබෙනවා.

Lankan Fest 2025, 10 වෙන සංවත්සරය වෙනුවෙන් අළුත්ම අංගයක් විදියට මෙවර හඳුන්වා දුන් සැණකෙළි ක්‍රීඩා ( Carnival games) කුඩා දරුවන්ගේ ආකර්ෂණය වඩ වඩාත් දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Lankan Fest Carnival Games
Lankan Fest Carnival Games in Kids Zone Credit: Lankan Fest Inc

ඔස්ට්‍රේලියාවේ සිටින, මෙල්බර් සිටින මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින , ශ්‍රී ලාංකේය ප්‍රජාවේ විවිධ ව්‍යාපාර වල නියැලෙන ,විවිධ සේවාවන් සපයන , විවිධ වෙළඳ කටයුතු, නර්තන සහ කලා කටයුතු වලට සම්බන්ධ වෙළඳ කුටි විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශන භූමියේ දී ඔබට දැක බලා ගන්නට හැකියාව හිමි වෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවට ආවේණික කොත්තු ආප්ප ඇතුළු ආහාර වර්ග බොහොමයක් පවුලේ සැම සමගින් රස විඳින්නට මෙන්ම දවස පුරා Lankan Fest 2025 ප්‍රධාන වේදිකාව මත දිග හැරෙන විවිධ වැඩසටහන් ලංකාවේ නැටුම්, ගැයුම් ,වැයුම් රස විදින්නටත් ඔබට මෙහිදී අවස්ථාව හිමි වෙනවා.

Lankan Fest 2025 පරිශ්‍රයට එන්නේ කොහොමද?

Lankan Fest පැවැත්වෙන මෙල්බර්න්හි Crown Riverwalk වෙත අද දවසේ පැමිණීමට බලාපොරොත්තු වෙන ඔබට පහසුම ක්‍රමය වෙන්නේ ඔබේ ළගම ඇති දුම්රිය ස්ථානයෙන් Flinder Street දුම්රිය ස්ථානය වෙත දුම්රියකින් පැමිණීමයි. Flinder Street දුම්රිය ස්ථානයෙන් පිටතට පැමිණෙන ඔබට ඇසට පෙනෙන මානයේ ඇති Crown Riverwalk වෙත පහසුවෙන් ඇවිද යා හැකියි.

ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන ඔබේ දරුවන්ට ශ්‍රී ලාංකේය සංස්කෘතිය පිළිබඳ ව අපූරු සුන්දර අත්දැකීමක් ලබා දෙන්නට එමෙන්ම ශ්‍රී ලාංකේය පසුබිමක් නැති වෙනත් ප්‍රජාවන්ට අයත් ඔබේ හිත මිතුරන්ට ශ්‍රී ලංකාවට යන්නට පෙර මෙල්බර් සිටම ශ්‍රී ලංකේය අත්දැකීමක් විද ගන්නට සලස්වන්න ඔවුන් සමග Lankan Fest 2025 පරිශ්‍රයට අනිවාර්යයෙන්ම පැමිණෙන්න.









Share

Published

By Athini Amarasiri
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service