හැරී - මෙඝන් යුවල රාජකීය මතගැටුම් අතරතුරේ අලුත උපන් තම දියණියට ඩයනා ලෙස නම් තබලා (SBS සිංහල/ වාර්තා)

සසෙක්ස් හි ආදිපාදවරිය වන මේගන් ඇගේ දෙවන දරුවා බිහි කොට ඇති අතර බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය මිත්තනියට සහ මියගිය මවට ගෞරවයක් ලෙස ඇයට Lilibet Diana ලෙස නම් තබා තිබේ.

Prince Harry and Meghan Marklehave

Source: AAP

Highlights

  • හැරී කුමරු සහ මේගන් කුමරිය සිය දෙවන දරුවාට Lilibet Diana ලෙස නම් තැබීම
  • හැරී කුමරු සහ මේගන් කුමරියගේ දරුවා පිලිබඳ රජ පවුල තුල වූ අර්බුදය

හැරී කුමරු සහ මේගන් කුමරිය සිය දෙවන දරුවාට Lilibet Diana ලෙස නම් තැබීම

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය ඊයේ (06/06) දිනයේදී සිය දෙවන දරුවාගේ උපත ප්‍රකශයට පත් කොට තිබේ. හැරී කුමරුගේ මිත්තනිය වන 2 වන එලිසබත් රැජිනට සහ මියගිය මවට ගෞරවයක් වශයෙන් Lilibet Diana ලෙසින් ඔවුන් සිය දියණියට නම් තබා තිබේ.

Lilibet Diana දැරිය බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන පිරිස අතුරින් 8 වන ස්ථානයේ පසුවේ. දැරිය දකුණු කැලිෆෝනියාවේ සැන්ටා බාබරා නගරයේ නිරෝගී දරුවකු ලෙස උපත ලබා ඇති බව වාර්තා වේ.

2 වන එලිසබත් රැජිනගේ පවුලේ අන්වර්ථ නාමයක් වන Lilibet යන නමින් Lili යන කොටස සහ හැරී කුමරුගේ මියගිය මව වන Diana කුමරිය සිහි වීම සඳහා Diana යන නාමය එක් කොට දැරියට නම් තැබූ බව හැරී කුමරු සහ මේගන් කුමරිය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම නිවේදනයෙන් කෙටි වෙලාවකට පසු Buckingham මාලිගයේ ප්‍රකාශිකාවක සඳහන් කොට ඇත්තේ ඒ සම්බන්ධයෙන් රාජකීය පවුලට දැන්වූ අතර අලුත උපන් දියණිය සම්බන්ධයෙන් රාජකීය පවුල සිය සතුට ප්‍රකාශ කල බවයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Boris Johnson ද දියණිය සම්බන්ධයෙන් සිය සුබපැතුම් එක්කොට තිබේ.

‘You will be missed’: Harry, Meghan, join family to mourn Prince Philip’s death
A 2017 file photo of the royal family. Source: AAP

හැරී කුමරු සහ මේගන් කුමරියගේ දරුවා පිලිබඳ රජ පවුල තුල වූ අර්බුදය

පසුගිය වසරේදී ඉදිරි පෙළ රාජකීය රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කල අතර එම තීරණයෙන් පසු හැරී කුමරු සහ මේගන් කුමරිය ඇමරිකාවේ ජීවත් වේ.

හැරී කුමරු සහ මේගන් කුමරිය Oprah Winfrey සමග සිදු කල සාකච්චාවෙන් අනතුරුව රාජකීය පවුල තුල දරුණු අර්බුද හටගත් අතර එම සාකච්චාවේදී ඔවුන් සඳහන් කලේ බ්‍රිතාන්‍ය රජ පවුල තුලදී මුහුණ දුන් වර්ගවාදී තත්වයන් මත ඇමරිකාවට යාමට තීරණය කල බවයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට 

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ රජකීයකු, එවකට උපත ලැබීමට සිටි දරුවාගේ සම කෙතරම් දුරකට අඳුරු වනු ඇත්ද යන ප්‍රකාශය සිදු කල බවද ඔවුන් එම සාකච්චාවේදී සඳහන් කල අතර මේගන් කුමරිය සඳහන් කලේ ඇයට රජ පවුල සමග සිටින කාලය අතරතුර සියදිවි නසාගැනීමට පවා සිතුනු අවස්ථා පැවති බවයි.

එවකට 36 හැවිරිදි හැරී කුමරු හට සහ 39 හැවිරිදි මේගන් කුමරියට බ්‍රිතාන්‍ය පුවත් පත් හරහාද විවිධ චෝදනා එල්ල වී තිබේ.

හැරී කුමරු සිය පවුලේ සාමාජිකයින් සමග හොඳ සම්බන්ධතා පවත්වන්නකු වශයෙන් සැලකෙන අතර කෙසේ නමුත් ඔහු සඳහන් කොට සිටින්නේ තම බිරිඳ සම්බන්ධයෙන් ඔවුන් නැවතත් අන්ධ නිගමන වලට එළඹෙන බවයි.

තම දෙවන දරුවාගේ පැමිණීම සම්බන්ධයෙන් හැරී කුමරු සඳහන් කොට සිටින්නේ එය ඉතා මිහිරි අත්දැකීමක් වන අතර එමගින් ඔවුනගේ ජීවිතයේ වේදනාකාරී කලපරිච්චේදයක් මකා දමන බවයි.

තම දැරිය පිළිබඳව මුළු ලොවින්ම ආදරය සහ යාඥාවන් බලාපොරොත්තු වන අතර මේ දක්වා සහාය ලබාදුන් සෑම අයකු හටම ස්තුතිය පලකරන බවද හැරී කුමරු සහ මේගන් කුමරිය සඳහන් කොට තිබේ.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

 

 

 


Share

3 min read

Published

Updated

By Nipuna Dodangoda

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now