වික්ටෝරියානු ප්‍රාන්තයේ වෙරළ තීර 36 ක පිහිනීම තහනම්. (SBS සිංහල/වාර්තා)

අධික වර්ෂාවත් සමග එම ජලයේ ඇති අශූචි ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවද සඳහන්. එනිසා එම වෙරල තීර වල පිහිනුම් කටයුතු වල නිරත වීම භයානක තත්ත්වයක් ලෙස අනතරු අඟවා තිබේ.

Melbourne beaches unsafe for swimming

Source: SBS

වික්ටෝරියානු ප්‍රාන්තයට පසුගිය ඉරිදා (05/02) රාත්‍රිය පහන් වන තුරු ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් Port Phillip බොක්ක ආශ්‍රිතව පිහිටි වෙරළ තීර 36 ක ජලයේ තත්ත්වයෙහි ගුණාත්මක භාවය බොහෝ පහත් මට්ටමක පවතින බව පරිසර ආරක්ෂණ අධිකාරිය (EPA) පෙන්වා දෙයි.

විශේෂයෙන්ම අධික වර්ෂාවත් සමග එම ජලයේ ඇති අශූචි ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවද සඳහන්. එනිසා එම වෙරල තීර වල පිහිනුම් කටයුතු වල නිරත වීම භයානක තත්ත්වයක් ලෙස අනතරු අඟවා තිබේ.

පසුගිය ඉරිදා රාත්‍රියේ මිලිමීටර් 50 දක්වා වැසි පතිත වූ බව EPA හි සමූහ කළමනාකරු, ව්‍යවහාරික විද්‍යා අංශයේ ආචාර්ය Anthony Boxshall පවසයි.

“මෙම බොක්ක නොගැඹුරු ඔරුවක් වන බවත් බොක්කේ එම වතුර දීර්ඝ කාලයක පටන් රැදී සිටින බවත් වාර්තා විය.

ජනප්‍රිය අභ්‍යන්තර පිහිනුම් ස්ථාන වන Kew හි Yarra River, Healesville සහ  Warrandyte නමැති ස්ථාන වලටද මේ තත්වය උද්ගතව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, සඳුදා දිනයේ මෙල්බන් කාලගුණය සෙල්සියස් 18 පමණ සෞම්‍ය උෂ්ණත්වයක් පැවතියද බදාදා දිනයේ එය සෙල්සියස් 34 දක්වා ඉහළ නගින බව වාර්තා වේ.

එළඹෙන බදාදා දිනයේදී පවා මෙම වෙරළ තීර වල උෂ්ණත්වය වැඩි දියුණු  නොවුඅහොත් තත්වය වඩාත් බරපතල වන බව ආචාර්ය Boxshall  පැවසුවේය.

ඔබේ ශරීරයේ විවෘත තුවාලයක් තිබෙනවානම් රෝග කාරක බීජ ඔබේ ශරීරය තුළට ඇතුළු වීමට පහසු බව ද ආචාර්ය Boxshall පවසයි.

මනා ශරීර සෞඛ්‍යය තත්ත්වයෙන් සිටින උදවියට පවා මෙවැනි විෂ බීජ ඇතුළුවීමේ හැකියාවක් පවතින නිසා ඔවුන්ද, කුඩා ළමුන්ද, මහලු උදවියද එමෙන්ම ගර්භනී කාන්තාවන්ද මෙම අපිරිසිදු ජලය සමග ගනුදෙනු නොකිරීමට වග බලාගත යුතුය.

ඉදිරි පැය 24 ඇතුළත තරමක් දුරින් පිහිටි වෙරළ තීර වන Lorne සහ Lakes Entrance ප්‍රදේශ වලද මේ තත්ත්වය සමාන බව පැවසේ. නමුත් වර්ෂාව නොමැති වුවහොත් ඉතා ඉක්මනින් මේ තත්වය සමනයකට  පත් නොවන බව ද පැවසේ.

පසුගිය ඉරිදා වික්ටෝරියානු ප්‍රාන්තයේ හටගත් අධික වර්ෂාව සහ සුළි කුනාටු තත්ත්වය හේතුවෙන් දුම්රිය, ට්‍රෑම් රථ ප්‍රමාද වූ අතර 5000 කට වැඩි ප්‍රමානයක නිවාස සඳහා විදුලිය අහිමිවූ බවද වාර්තා වේ.

කෙසේවෙතත්, St Kilda, Port Melbourne සහ Elwood වැනි ඇතුලාන්ත වෙරල තීර වලද පිහිණුම් ඉසව් අහෝසි කර ඇති බව වාර්තා වේ.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: The Age




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now