Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකි මානසික සෞඛ්‍ය සේවා පිළිබඳව ඔබ දැනගතයුතු දේ SBS සිංහල සේවයෙන්

ඔස්ට්‍රේලියාව තුල ජීවත් වන විවිධ භාෂා පසුබිම් සහිත ප්‍රජාවට ඔස්ට්‍රේලියාවේදී ඔවුන්ගේ භාෂාවෙන් මානසික සෞඛ්‍යය සේවා ලබාගැනීමේ හැකියාව පවතී. එලෙස ඔබ ජීවත් වන ප්‍රාන්තය තුල හෝ ටෙරිටරිය තුල මව් භාෂාවෙන් මානසික සෞඛ්‍ය සේවා ලබාගත හැකි අයුරු පිළිබඳව මෙම ලිපියෙන් ඔබට සමීප කෙරේ.

Mental health services in Australia
Source: Pixabay / marcellomigliosi1956

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
  • වික්ටෝරියා ප්‍රාන්තය
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
  • නොදර්න් ටෙරිටරිය 
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
  • ටස්මේනියා ප්‍රාන්තය
  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය (ACT)
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

ඔස්ට්‍රේලියාව තුල මානසික සෞඛ්‍ය සේවාවන් විවිධ භාෂාවන් ගෙන් ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන අතර ඒවා බොහොමයක් ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් ක්‍රියාත්මක වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් හටගැනීමට හැකි depression and anxiety, to mental illnesses like bipolar disorder, post-traumatic stress, personality disorders හෝ psychosis යන මානසික තත්ත්ව හේතුවෙන් පුද්ගලයින් හට මානසික සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට විවධ හේතුන් පැන නැගී තිබේ.

නමුත් බොහෝ අවසථා වලදී මෙම සේවා ලබාදෙන සංවිධාන තුල තමන්ගේම භාෂා පරිවර්තකයින් නොමැත. එමනිසා ඔවුන් Translating and Interpreting Service - TIS https://www.tisnational.gov.au නැමති ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අරමුදල් සපයන භාෂා පරිවර්තන සේවාව භාවිත කරයි.

 


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙරවරු 11 සිට , 93.1fm, 97.7fm, 105.5fm

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

එම භාෂා පරිවර්තන සේවාව හරහා භාෂා 150 කට අධික සංඛ්‍යාවක් සඳහා දුරකථනය ඔස්සේ හෝ අදාළ ස්ථානයට පැමිණ හෝ භාෂා පරිවර්තන සේවාවන් ලබා දීම සිදු කෙරේ.

Embrace Mental Health යනු culturally and linguistically diverse හෙවත් සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ පුද්ගලයින් ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කරන ඔස්ට්‍රේලියාව මෙහෙයවන ව්‍යාපෘතියකි. මේ ඔස්සේ සම්පත්, සේවා සහ තොරතුරු සඳහා සංස්කෘතියට අදාළ වශයෙන් ප්‍රවේශ වීමට හැකියාව පවතී.

Forum of Australian Services for Survivors of Torture and Trauma (FASSTT) යනු වධ හිංසා වලින් සහ ක්ෂතිය (Torture සහ Trauma) තත්ත්වයෙන් බේරී විදෙස් රටවලින් ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින් සමග කටයුතු කරන ඔස්ට්‍රේලියාවේ විශේෂ පුනරුත්ථාපන ඒජන්සි 8 ක් මගින් නිර්මාණය වූ සංසදයකි.

FASSTT ආයතනයෙන් සේවය ලබන බොහෝ දෙනා ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ සරණාගතයින් ලෙස හෝ ඔස්ට්‍රේලියාවේ රැකවරණය පතන්නන් ලෙස වේ.

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම හා ටෙරිටරියකම එක් FASSTT ආයතනයක් බැගින් පිහිටුවා තිබේ https://www.fasstt.org.au/members/

ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන මානසික සෞඛ්‍ය සහන සපයන සේවා

Beyond Blue මගින් විවිධ භාෂා ඔස්සේ තොරතුරු සැපයීම සිදු කරයි:

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් භාෂා විශාල ගණනකට පරිවර්තනය කරන ලද මානසික සෞඛ්‍ය ව්‍යාපාර තුනක් ලබා දී ඇති අතර ඒවා පහත පරිදි වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

NSW Mental Health Line

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මානසික සෞඛ්‍ය සේවා දුරකතන සේවාව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙසෙන ඕනෑම අයෙකුට පැය 24 පුරා විවෘත වේ.

එය සතියේ දින හත පුරා ක්‍රියාත්මකය.

මෙහි සේවාව 1800 011 511 යන දුරකතන අංකයෙන් හෝ https://www.health.nsw.gov.au/mentalhealth/Pages/Mental-Health-Line.aspx යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

Transcultural Mental Health Centre (TMHC)

විවිධ සංස්කෘතිකමය සහ භාෂාමය පසුබිමක් සහිත පුද්ගලයින් හට මානසික සෞඛ්‍ය සේවා ලබාදීම ප්‍රාන්තය පුරා පැතිරුණු මෙම සේවාවෙන් සිදු කෙරේ.

මේ හරහා සායනික උපදේශනය සහ ඇගයීම්, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය, සම්පත් වර්ධනය කිරීම සහ මානසික සෞඛ්‍ය සේවා පිළිබඳ අධ්‍යාපනය ලබා දීම හා පුහුණුව ලබා දීම වැනි කටයුතු TMHC හරහා සිදු කෙරේ https://www.dhi.health.nsw.gov.au/transcultural-mental-health-centre

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මානසික සෞඛ්‍ය සේවාවන් සමග සම්බන්ධ පුද්ගලයින් හා පවුල් සඳහා ද්වි භාෂා වෛද්‍ය හමුවන් භාවිතා කර TMHC මගින් නොමිලයේ සේවාවක් ලබාදේ.

එම සේවාව ලබාගැනීමට තමන්ගේ ප්‍රදේශයේ මානසික සෞඛ්‍ය කණ්ඩායමෙන් නිර්දේශයක් අවශ්‍ය වේ.

TIS මගින් භාෂා පරිවර්තනය කිරීම https://www.tisnational.gov.au යන වෙබ් අඩවිය ඔස්සේ සිදු කළ හැකිය.

Treatment and Rehabilitation of Torture and Trauma Survivors හි සේවාවන් (STARTTS)

ඒ ඒ සංස්කෘතියට අදාළව මානසික ප්‍රතිකාර සහ උපකාර STARTTS මගින් සැපයීම සිදු කරයි.

එමෙන්ම සරණාගතයින්ගේ ඇති බිය දුරු කොට ඔස්ට්‍රේලියාව තුළ ඔවුන්ගේ ජීවිත යළි නගා සිටුවීම https://www.startts.org.au/ වෙබ් අඩවිය හරහා සිදු කෙරේ.

STARTTS දුරකථන සේවාවෙහි අන්තර්ගත නොවන භාෂාවන්ගෙන් යුත් සේවාවන් https://www.tisnational.gov.au/වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක.

වික්ටෝරියා ප්‍රාන්තය

Foundation House for Survivors of Torture

ඉංග්‍රීසි, අරාබි, බුරුම, හකා-චින්, ඩාරි, ඩින්කා, Karen, පර්සියානු, Swahili, දෙමළ සහ Tigrinya යන පසුබිමක් සහිත සරණාගතයින්ට හෝ සරණාගතයින්ට සමාන පසුබිමක් ඇති පුද්ගලයින්ට මෙම සංවිධානය නොමිලේ සේවාවන් සැපයීම සිදු කරයි. https://foundationhouse.org.au/for-clients/client-services/

මෙම සේවාවන් වෙත ප්‍රවේශ වීමේ නිර්ණායක ඔබ සපුරාලන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙම වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගත හැකිය. https://foundationhouse.org.au/for-clients/make-a-referral/

මෙම සේවාවෙහි අන්තර්ගත නොවන භාෂාවන්ගෙන් යුත් සේවාවන් https://www.tisnational.gov.au/ වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක.

විවිධ භාෂාවලින් මානසික සෞඛ්‍ය තොරතුරු පිළිබඳ නාමාවලියක් වික්ටෝරියා ප්‍රාන්තය සතු වේ.

එය වික්ටෝරියානු රජයේ මුලපිරීමක් වන අතර සංස්කෘතික මධ්‍යස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන්නකි.

ඒ හරහා පරිවර්තනය කරන ලද සෞඛ්‍ය තොරතුරු විශාල එකතුවකට පහසුවෙන් පුද්ගලයින් හට ප්‍රවේශ විය හැක: https://www.healthtranslations.vic.gov.au/

තවත් වික්ටෝරියානු සංවිධාන දෙකක් මානසික සෞඛ්‍යය පිළිබඳ පුහුණුව ලබා දෙන නමුත් පුද්ගලයන්ට සෘජුව සහය ලබා දීම සිදු නොකරයි.

Action on Disability in Ethnic Communities (ADEC)

බහු සංස්කෘතික පසුබිම්වලින් පැමිණෙන පුද්ගලයින් හට මානසික සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීමට Transcultural Mental Health Access Program (TMHAP) වැඩසටහනක් ADEC යට ඇතුළත් කොට තිබේ.

මානසික සෞඛ්‍ය ගැටලු සහ මානසික සෞඛ්‍ය හා සත්කාරක සේවා වෙත ප්‍රවේශ විය හැකි මාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඔවුන් විවිධ ජනවාර්ගික ප්‍රජාවන් සමඟ කටයුතු කරයි.

සංස්කෘතිකමය වශයෙන් ප්‍රතිචාර දක්වන ආකෘති සහ ජනවාර්ගික ප්‍රජාවන් සම්බන්ධ කර ගැනීමේ උපාය මාර්ග සංවර්ධනය සම්බන්ධ මානසික සෞඛ්‍ය සේවාවන්ට ද ඔවුන් සහය වේ. http://www.adec.org.au/index.php/programs/mental-health

Victorian Transcultural Mental Health (VTMH)

මීට පෙර මෙය Victorian Transcultural Psychiatry Unit (VTPU) ලෙස හඳුන්වා තිබේ.

VTMH යනු, සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ (CALD) පාරිභෝගිකයින් සහ රැකබලාගන්නන් සමඟ කටයුතු කරන වෘත්තිකයින් සඳහා සායනික මානසික සෞඛ්‍ය සේවා සහ මනෝ චිකිත්සක ආබාධිත උපකාරක සේවාවන් සපයන වික්ටෝරියා ප්‍රාන්තයේ ඒකකය වේ.

වෘත්තිකයින් සඳහා විමසීම් සේවාවක්, සේවා සහ ප්‍රජා සංවර්ධනය, අධ්‍යාපනය, පාරිභෝගික හා රැකබලාගන්නන් වෙනුවෙන් වැඩසටහන් මේ සඳහා ඇතුළත් නමුත් තනි පුද්ගලයන් හට සෘජුවම සේවා සැපයීම සිදු නොකෙරේ. http://www.vtmh.org.au/

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

Queensland Transcultural Mental Health Centre (QTMHC)

QTMHC යනු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක විශේෂඥ සේවාවකි.

සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම්වල සිටින පුද්ගලයින්ට සංස්කෘතිකමය වශයෙන් ප්‍රතිචාර දක්වන මානසික සෞඛ්‍ය රැකවරණය සහ සහාය ලබා දීමට මෙම සේවාව ක්‍රියාත්මක වේ.

මෙම සේවාව මගින් පරිවර්තන උපදෙස් https://metrosouth.health.qld.gov.au/qtmhc/translated-information ලබා දෙන අතරම දේශීය මානසික සෞඛ්‍ය සම්බන්ධීකාරකවරුන් හරහා වෘත්තිකයන්ට ප්‍රවේශ වීමටද හැකියාව https://metrosouth.health.qld.gov.au/qtmhc/programs-and-services/multicultural-mental-health-coordinator-program ලබා දෙයි.

Queensland Program of Assistance to Survivors of Torture and Trauma (QPASTT)

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට පෙර වධහිංසාවට ලක්වූ හෝ සරණාගතයින් සම්බන්ධ කම්පනයන්ට ලක්වූවන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා නම්‍යශීලී හා සංස්කෘතිකමය වශයෙන් සංවේදී සේවාවන් QPASTT හරහා සපයයි.

ඔවුන් උපදේශන සේවා ද ඇතුළුව වධහිංසා වලින් දිවි බේරාගත් අයට නොමිලේ මානසික හා සමාජීය සහාය ලබා දීම සිදු කරයි. https://qpastt.org.au/

World Wellness Group

බ්‍රිස්බේන් මුල් කරගනිමින් පිහිටි World Wellness Group සඳහා සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ ප්‍රජාවන් සඳහා වැඩසටහන් මාලාවක් ඇතුළත් කොට තිබේ:

බහු සංස්කෘතික මනෝවිද්‍යාත්මක චිකිත්සක වැඩසටහන: බ්‍රිස්බේන් උතුරු සහ දකුණු කලාපවල සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම්වල පුද්ගලයින්ට ලබා දීම සිදුකරයි. ඔවුන් මෘදු හා මධ්‍යස්ථ මානසික රෝග ඇති පුද්ගලයින් සඳහා සංස්කෘතිකමය වශයෙන් ආරක්ෂිත හා සංවේදී ව්‍යුහාත්මක මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් සිදුකරයි. https://worldwellnessgroup.org.au/multicultural-psychological-therapies-program/

සරණාගතයින් සහ රැකවරණය පතා පැමිණි පුද්ගලයින්ගේ සෞඛ්‍යය: දිගු කාලීන සෞඛ්‍ය අසමානතාවය අවම කිරීම සඳහා අවදානම් සහිත පුද්ගලයින්ට සංස්කෘතිකමය වශයෙන් ආරක්ෂිත, පරිපූර්ණ, පවුල් කේන්ද්‍රීය හා ඒකාබද්ධ සත්කාර සැපයීම සිදුකරයි. https://worldwellnessgroup.org.au/refugee-asylum-seeker-health/

ජාත්‍යන්තර සිසුන්ට සෞඛ්‍ය සේවා: සංස්කෘතිකමය වශයෙන් විවිධ පසුබිම්වල සිටින පුද්ගලයින් සඳහා සෞඛ්‍ය සේවා පිළිබඳ විශේෂඥයින් වශයෙන් විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි විදේශීය ශිෂ්‍ය සෞඛ්‍ය ආවරණයක් (OSHC) සහිත ජාත්‍යන්තර සිසුන්ට මෙය භාවිතා කළ හැකිය: https://worldwellnessgroup.org.au/international-students-services/

Culture In Mind යනු බ්‍රිස්බේන් නගර කලාපයේ වෙසෙන වයස අවුරුදු 18 ට වැඩි සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ පුද්ගලයින්ට මානසික - සාමාජීය සහාය ලබා දෙන ප්‍රජා මූලික වැඩසටහනකි. https://worldwellnessgroup.org.au/culture-in-mind/

Harmony Place

Harmony Place යනු රාජ්‍ය නොවන ප්‍රජා මූලික බහු සංස්කෘතික සංවිධානයක් වන අතර එය සංස්කෘතික හා භාෂාමය විවිධ පසුබිම්වල සිටින පුද්ගලයින් සඳහා සංස්කෘතිකමය වශයෙන් සංවේදී මානසික සෞඛ්‍ය සේවාවන් සපයයි.

සංක්‍රමණිකයන් සහ ඔවුන්ගේ දරුවන්, සරණාගතයින්, රැකවරණය පතා පැමිණි පුද්ගලයින්, නිපුණතා සංක්‍රමණිකයන් සහ ඔවුන්ගේ සහකරුවන් ඇතුළු වයස අවුරුදු 12 ට වැඩි පුද්ගලයින් සමඟ ඔවුන් කටයුතු කරයි.

සංස්කෘතිකමය වශයෙන් විවිධ වූ බ්‍රිස්බේන් හෝ ගිනිකොණ දිග ක්වීන්ස්ලන්ත කලාප වන Logan, Ipswich සහ Gold Coast වෙත විශේෂයෙන් අවධාරණය කරමින් ඒවා ක්වීන්ස්ලන්තය පුරා ක්‍රියාත්මක කෙරේ. http://harmonyplace.org.au/

Mental health line

1300 MH CALL (1300 642255) යනු ක්වීන්ස්ලන්ත වැසියන් සඳහා වන රහස්‍යභාවය සුරකින මානසික සෞඛ්‍ය දුරකථන සේවාවක් වන අතර එය මහජන මානසික සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රමුඛ සම්බන්ධතාවය ලබා දෙයි. https://www.qld.gov.au/health/mental-health

TIS සේවාවෙන් භාෂා පර්වර්තන සේවාවන් ලබාගත හැකිය. https://www.tisnational.gov.au/

නොදර්න් ටෙරිටරිය

MHACA (Central Australia)

මානසික රෝගී තත්වයෙන් පෙළෙන වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සඳහා MHACA මගින් සේවාවන් ලබා ගත හැක.

කලින් වෙන් කරවාගත් වේලාවන් සඳහා භාෂා පරිවර්තක සේවාවන් ලබා ගැනීමට හැකි අතර චීන, උර්දු, අයරිෂ් සහ හින්දි කතා කරන සේවකයින් අඩංගුවේ. https://mhaca.org.au/

TeamHealth (Darwin)

TeamHealth විසින් මානසික සෞඛ්‍ය ගැටළුවක් ඇති හෝ මානසිකව අවදානමට ලක්විය හැකි Northern Territory හි දේශීය ජනතාවට සේවා සහ සහාය සපයයි. https://www.teamhealth.asn.au/

TIS සේවාවෙන් භාෂා පර්වර්තන සේවාවන් ලබාගත හැකිය. https://www.tisnational.gov.au/

Melaleuca Refugee Centre

ලාභ නොලබන මෙම සංවිධානය සරණාගත හා සංක්‍රමණික පසුබිම්වලින් පැමිණි පුද්ගලයන්ට සහ පවුල්වලට උසස් පුද්ගල කේන්ද්‍රීය මානුෂීය සේවාවන් සපයයි.

ඔවුන් පවුල්, වැඩිහිටියන්, ළමුන් සහ තරුණයින් සඳහා නොමිලේ සේවාවන් සපයයි. http://www.melaleuca.org.au/

The Northern Territory Mental Health Coalition (NTMHC)

NTMHC යනු Northern Territory පුරා ප්‍රජා කළමණාකරන මානසික සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රමුඛතම ස්ථානයයි. https://www.ntmhc.org.au/

Northern Territory Mental Health Line: 1800 682 288

Mental Health Line හරහා රාජ්‍ය මානසික සෞඛ්‍ය සේවාවන්ට ප්‍රවේශ විය හැකි අතර අවශ්‍ය විටෙක පරිවර්ථන සේවාවන්ද භාවිත කරයි. https://www.tisnational.gov.au/

https://nt.gov.au/wellbeing/mental-health/24-hour-mental-health-hotlines

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

Association for Services to Torture and Trauma Survivors (ASeTTS)

Arabic Dinka, Caren සහ Kirundi භාෂා ඇතුළත් සේවාවන් සමඟ වධහිංසාවෙන් හා කම්පනයෙන් දිවි ගලවා ගත් සරණාගතයින් හට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට උපකාර කිරීම සඳහා ASeTTS විසින් පරිපූර්ණ සේවාවන් සපයයි. https://asetts.org.au/our-services/counselling/

West Australian Transcultural Mental Health Centre

Royal Perth රෝහල තුළ සහ රෝගීන් රෝහලෙන් පිටත් වීමෙන් පසු සැසි තුනක් සඳහා පමණක් මෙම සේවාව ලබා ගත හැක.

භාෂා පරිවර්තකයන් පෞද්ගලිකව හෝ දුරකථනය ඔස්සේ ලබා ගත හැක: https://www.healthdirect.gov.au/australian-health-services/20072382/west-australian-transcultural-mental-health-centre/services/perth-6000-50-murray-street

ටස්මේනියා ප්‍රාන්තය

Phoenix Centre

සංක්‍රමණික සම්පත් මධ්‍යස්ථානය තුළ Phoenix Centre ක්‍රියාත්මක වන අතර වධහිංසා හා කම්පනයෙන් දිවි ගලවා ගත් පුද්ගලයින් සඳහා විශේෂඥ සේවාවන් සපයයි.

එය උපදේශන සේවා සහ පුළුල් පරාසයක පුහුණු වැඩසටහන් මෙන්ම පුද්ගලයන්ගේ සහ ප්‍රජාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්මට සහාය වන ව්‍යාපෘති සපයයි.

Phoenix Centre සතුව Hobart සහ Launceston මූලික කරගත් කාර්ය මණ්ඩලයක් සිටින අතර ටස්මේනියා ප්‍රාන්තය පුරා සේවාවන් සපයයි. https://mrctas.org.au/phoenix-centre/

ටස්මේනියානු රජයේ මානසික සෞඛ්‍ය සේවාවන් මගින් නේවාසික රෝගීන්ට සහ ප්‍රජාව තුළ දැඩි මානසික සෞඛ්‍ය තත්වයන් ඇති පදිංචිකරුවන්ට සෘජුවම රජයේ සායන මගින් හෝ ප්‍රධාන ධාරාවේ සෞඛ්‍ය සේවා සපයන්නන්, පෞද්ගලික විශේෂඥයින් මගින් සේවා සපයයි.

එමෙන්ම පවුලේ වෛද්‍ය පහසුකම්ද ඒ හරහා සැපයීම සිදුකරයි.

මානසික සෞඛ්‍ය සේවාවන්ට ප්‍රවේශ වන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු සඳහා පිවිසෙන්න: http://www.dhhs.tas.gov.au/mentalhealth/mhs_tas හෝ 1800 332 388 අමතන්න.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය (ACT)

Companion House, Assisting Survivors of Torture and Trauma

රැකවරණය පතා පැමිණි පුද්ගලයින් සහ සරණාගතයින් සමඟ කටයුතු කිරීමට සේවකයින්ට සහාය සැපයීමට උපදේශන සේවා සිදු කරයි , Companion House හි අරමුණ වන්නේ ඔස්ට්‍රේලියාවේ ජනතාවගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට, දුෂ්කර ජීවන තත්වයන් කළමනාකරණය කිරීමට සහ අතීත කම්පනවල බලපෑම් දුරු කිරීමට පුද්ගලයින් හට උපකාර කිරීම වේ.

උපදේශකයින් අලුතින් පැමිණි පුද්ගලයින් සහ දිගු කාලීන පදිංචිකරුවන් සමඟ කටයුතු කරන අතර වැඩිහිටියන්, ළමුන් සහ තරුණයින් සමඟ කටයුතු කිරීම සඳහා විශේෂඥයින් සිටියි: http://www.companionhouse.org.au/

ACT රජයට මානසික සෞඛ්‍ය අර්බුද සේවාවක් පවතින අතර එම සේවාව 1800 629 354 හෝ 02 6205 1065 යන දුරකථන අංක ඔස්සේ ලබා ගත හැක.

නැතිනම් https://www.health.act.gov.au/services-and-programs/mental-health/getting-help වෙබ් අඩවියෙන් ලබාගත හැක.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

Relationships Australia

Personal Education and Community Empowerment (PEACE) සේවාව විවිධ පසුබිම්වලින් පැමිණි බහු සංස්කෘතික ප්‍රජාවන්ට සේවය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

ඔවුන්ගේ වීසා තත්ත්වය කුමක් වුවත්, පුද්ගලයන්ට, පවුල්වලට සහ ප්‍රජාවන්ට PEACE උපකාරක සේවාවන් සැපයීම සිදු කරයි: https://www.rasa.org.au/services/couples-families/peace-multicultural-services/

Survivors of Torture and Trauma Assistance and Rehabilitation Service, STTARS

STTARS යනු සරණාගතයින් සහ සරණාගතයින් වැනි පසුබිම්වල සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ සුවය සහ සුව කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා උපදේශනය ලබා දෙන විශේෂිත සේවාවකි.

මෙහි සේවාවන් නොමිලේ වන අතර ඔස්ට්‍රේලියාවේ කොපමණ කාලයක් වාසය කළද මේ සඳහා ප්‍රවේශ විය හැකිය.

STTARS සේවාවන් සඳහා පොරොත්තු ලේඛනයක් (waiting list) තිබේ.

නමුත් එය කළමනාකරණය කරනු ලබන්නේ triage ආකාරයෙන් වන අතර ඉහළම අවශ්‍යතා ඇති අයට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.

STTARS සේවාව නොමිලේ, ස්වේච්ඡාවෙන්, රහස්‍ය බව ආරක්ෂා කරමින් මෙන්ම සුදුසුකම් ලත් උපදේශකයින් සහ පරිවර්තකයන් ඔස්සේ සැපයීම සිදු කරයි.

ළමුන් සහ තරුණයින්, පවුල් සහ සරණාගතයින් සඳහා ඔවුන් සතුව විශේෂ වැඩසටහන් පවතී. https://www.sttars.org.au/

 

ඔස්ට්‍රේලියාව තුල පුද්ගලයින් අවම වශයෙන් එකිනෙකාට මීටර 1.5ක් ඈතින් සිටිය යුතුය

ඔබට උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගලක්ෂණ පෙන්වයි නම් වහාම කොරෝනා පරීක්ෂාව සඳහා යොමුවීම සහ නිවසේම රැඳී සිටීම සිදු කලයුතුය

කොරෝනා වයිරසය හා සම්බන්ධ ප්‍රවෘත්ති සහ තොරතුරු භාෂා 63 කින්  www.sbs.com.au/language/coronavirus වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

ඔබගේ ප්‍රාන්තය හෝ භූමිය සඳහා අදාළ මාර්ගෝපදේශ මෙතනින් පරීක්ෂා කරගන්න: වික්ටෝරියා ප්‍රාන්තයනිව් සවුත් වේල්ස් ප්‍රාන්තයක්වීන්ස්ලන්ත ප්‍රාන්තයදකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයබටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයටස්මේනියා ප්‍රාන්තයNorthern TerritoryAustralian Capital Territory

SOURCE : AUSTRALIAN GOVERNMENT DEPARTMENT OF HOME AFFAIRS


11 min read

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now