ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත සංක්‍රමණිකයන් සහ සරණාගතයින් ඔවුන් වෙසෙන රටවල පුරවැසියන්ට වඩා දුර්වල සෞඛ්‍ය ප්‍රතිඵල අත්විඳින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවක් පවසයි
ඔස්ට්‍රේලියාවේ, ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත පුරවැසියන්ට අමතරව, ස්ථිර පදිංචිකරුවන් සහ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරන අයට අමතරව, වෙනත් වීසා බලපත්‍රලාභීන් ගණනාවක් සහ බොහෝ සංක්‍රමණිකයන් සහ සරණාගතයින් Medicare ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබයි.
ජාත්‍යන්තර සිසුන් Medicare සඳහා සුදුසුකම් නොලබන අතර, ඔවුන්ව Overseas Student Health Cover මගින් ආවරණය කරනු ලැබේ. ඒ සඳහා අවම සෞඛ්‍ය රක්ෂණ ආවරණයේ අවම පිරිවැය මාස 12කට තනිකඩයකු සඳහා $478 වේ.
නමුත් ක්වීන්ස්ලන්තයේ World Wellness Group හි Rita Prasad-Ildes වැනි බහු සංස්කෘතික උපදේශකයින්ට අනුව, Medicare වෙත ප්‍රවේශය ඇති සංක්‍රමණිකයන් සහ සරණාගතයින් පවා සැලකිය යුතු ගැටළුවලට මුහුණ දෙයි.
“සංක්‍රමණිකයන්ට සහ සරණාගතයින්ට සෞඛ්‍ය සේවයට ප්‍රවේශ වීම සඳහා සැලකිය යුතු ප්‍රශ්න සහ අභියෝග තිබෙන බව ඇය SBS පුවත් සේවයට පැවසුවාය.
Medicare නොමැති පුද්ගලයින් සඳහා පවුලේ වෛද්‍යවරුන් මුණ ගැසීම සඳහා ඩොලර් සියගණනක් වැය විය හැකි බැවින් මුල්‍ය ගැටලුව මෙහි එක් කොටසක් පමණි.
ඔස්ට්‍රේලියානු සරණාගත සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Deb Stringer ට අනුව භාෂා බාධකය වඩාත්ම වැදගත් ප්‍රශ්නය වේ.
ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සෞඛ්‍ය සේවා පද්ධතියම සකසා ඇත්තේ මුළු ජීවිත කාලයම ඉංග්‍රීසි ඉගෙන ගත් පුද්ගලයින් සඳහා බව Deb Stringer SBS පුවත් සේවයට පැවසුවාය.
විවිධ භාෂා කතා කරන පුද්ගලයින්ව ඇතුළත් කෙරෙන වැඩසටහන් කිරීමට සෞඛ්‍ය අංශයට තවත් බොහෝ දේ කළ හැකි බවද ඇය පැවසුවාය.
COVID-19 මරණ සංඛ්‍යාව විදේශයන්හි උපන් ඔස්ට්‍රේලියානුවන් අතර තුන් ගුණයකින් වැඩිය
ඔස්ට්‍රේලියාවේ COVID-19 මරණ අනුපාතය මගින් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවා සංක්‍රමණික සහ සරණාගත ජනගහනයට කෙතරම් අවාසි සහගතද යන්න පෙන්නුම් කරන බව World Wellness Group හි Rita Prasad-Ildes පැවසුවාය.
පසුගිය පෙබරවාරි මාසයේ නිකුත් කරන ලද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවලට අනුව, ඔස්ට්‍රේලියාවේ විදේශයන්හි උපන් පදිංචිකරුවන් COVID-19 හේතුවෙන් රට තුළ උපත ලබන පුද්ගලයින්ගේ අනුපාතය මෙන් තුන් ගුණයකින් මිය ගොස් ඇති බව පෙන්නුම් කරන බව ඇය පෙන්වා දුන්නාය.
මැද පෙරදිග ප්‍රජාවන් වැනි ඇතැම් ප්‍රජාවන් සඳහා කොවිඩ් මරණ අනුපාතය 10 ගුණයකින් වැඩි වූ බවද ඇය පැවසුවාය.
COVID-19 සම්බන්ධ සෞඛ්‍ය පණිවිඩ යැවීම මෙම ප්‍රජාවන්ට මනාව සේවය නොකළ ආකාරය පිළිබඳ කදිම උදාහරණයක් බවද ඇය පෙන්වා දුන්නාය.

ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් මුහුණ දෙන සෞඛ්‍ය සේවාවේ අවාසි පුහුණු සංක්‍රමණිකයන්ට වඩා දරුණුයි
ඔස්ට්‍රේලියාවේ සිටින සරණාගතයින් සහ රැකවරණ තත්ත්වය අපේක්ෂා කරන පුද්ගලයින් මුහුණ දෙන සෞඛ්‍ය සේවාවේ අවාසි, පුහුණු සංක්‍රමණිකයන්ට වඩා දරුණු බව මෙල්බර්න් හි සරණාගත සම්පත් මධ්‍යස්ථානයේ උපදේශිකා Jana Faver SBS ප්‍රවෘත්ති සේවයට පැවසුවාය.
සරණාගතභාවය සහ රැකවරණ තත්ත්වය අපේක්ෂා කරන පුද්ගලයින් සැබවින්ම ඔවුන් සිටින්නේ කුමන වීසා බලපත්‍රයක්ද යන්න සහ වීසා බලපත්‍රයේ කොන්දේසි නොදන්නා බවද Jana Faver පැවසුවාය.
රැකවරණ තත්ත්වය අපේක්ෂා කරන පුද්ගලයින්ගෙන් 20% කට පමණ Medicare පහසුකම් නොමැති බව වාර්තා වේ.
සරණාගතයින්ට සහ රැකවරණ තත්ත්වය අපේක්ෂා කරන පුද්ගලයින්ට Medicare පහසුකම් ඇති විට පවා, එම පද්ධතිය තේරුම් ගැනීම ඔවුන්ට ඉතා අපහසු බව Jana Faver පැවසුවාය.
එය රඳා පවතින්නේ ඔබ සිටින්නේ කුමන වීසා බලපත්‍රයක් මතද සහ එම වීසා බලපත්‍රයේ කොන්දේසිය මත බවද ඇය ප්‍රකාශ කළාය.
මේ අතර සියලුම ස්ථිර සරණාගතයින් සහ humanitarian සහ protection වීසා හිමියන්ට Medicare සහ වධහිංසාවෙන් සහ කම්පනයෙන් දිවි ගලවා ගත් අය සඳහා උපකාර කිරීමේ වැඩසටහන වැනි අනෙකුත් සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය ඇති බව SBS පුවත් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
වාර්තාව පවසන්නේ කුමක්ද?
සංක්‍රමණිකයන් සහ සරණාගතයින් සහජයෙන්ම අඩු සෞඛ්‍ය සම්පන්නබවකට උරුමකම් නොකියන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සරණාගතයින්ගේ සහ සංක්‍රමණිකයින්ගේ සෞඛ්‍යය පිළිබඳ ලෝක වාර්තාව පවසයි.
නමුත් අධ්‍යාපනය, ආදායම, නිවාස සහ සේවා සඳහා ප්‍රවේශය වැනි සාධක මෙම ප්‍රජාවන් සඳහා දුර්වල සෞඛ්‍ය ප්‍රතිඵල ඇති කරයි.
මෙම වාර්තාවට අනුව භාෂාමය, සංස්කෘතික හා නීතිමය බාධාවන් නිසා තත්ත්වය තවදුරටත් උග්‍ර වේ.
“සරණාගතයින්ගේ සහ සංක්‍රමණිකයින්ගේ සෞඛ්‍ය පිළිබඳ ගෝලීය සමාලෝචනයක් ඉදිරිපත් කරන පළමු වාර්තාව මෙම වාර්තාවයි. ඔවුන්ගේ අවශ්‍යතාවලට සංවේදී සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම සඳහා කඩිනම් සහ සාමූහික ක්‍රියාමාර්ගයක් එය ඉල්ලා සිටිනවා” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus පැවසීය.

