පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පැමිණ ඕස්ට්‍රේලියාවේ නතර වූ ක්‍රීඩකයින් හේතු පැහැදිලි කරයි (SBS සිංහල / වාර්තා )

සියෙරා ලියෝන්, රුවන්ඩා, උගන්ඩා සහ කැමරුන් වැනි රටවල ක්‍රීඩකයින් සහ නිලධාරීන් මෙලෙස ඕස්ට්‍රේලියාවේ නතර වී ඇති අතර, මේ අතරින් 200ක් පමණ ඕස්ට්‍රේලියාවේ සරණාගත රැකවරණ සදහා අයදුම් කර ඇති බව සදහන්. මෙලෙස අයදුම් පත් 200ක් ලැබී ඇති බව ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති අතර අදාල අයදුම් පත් සලකා බැලෙන තුරු එම සරණාගත රැකවරණ බලාපොරොත්තු වන පිරිස තාවකාලික වීසා යටතේ (bridging visas) මෙරට රැදී සිටිනු ඇති බව සදහන්.

Commonwealth Games athlete

'I couldn't go back' the athlete told SBS News. Source: SBS News

පසුගිය අප්‍රේල් මාසයේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ඇතුළුව 250කට ආසන්න පිරිසක් නැවතත් තම මවු රටවලට නොගොස් ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතා නතර වූ බවට තොරතුරු වාර්තා වූ අතර, ඔවුන් මෙරට රැකවරණ පැතීමට හේතු පසුගියදා SBS ප්‍රවෘත්ති සමගින් කතාබහකට එක් වෙමින් සමහරෙක් අනාවරණය කර තිබිණි. මේ අතරින් බොහොමයක් අප්‍රිකානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බව සදහන්.

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

SBS සමග කතාබහට එක් වූ එක් ක්‍රීඩකයෙක් වන Amos (ඔහුගේ අන්වර්ථ නාමය) පවසන්නේ තමන්ගේ ඉසව්වට සහභාගී වීමට දින කීපයකට පෙර තම මවු රටේ ආරක්ෂක අංශ විසින් තම නිවාස වැටලු බවටත්, තමන් නැවතත් පැමිණෙන තුරු එම නිලධාරීන් බලා සිටින බවටත් තමන්ට දැනගන්නට ලැබුණු බව ඔහු සදහන් කරයි. මෙහිදී වීරයෙකුලෙස තම මවු රටට ගොස් ජිවිතක්ෂයට පත් වනවාද නැත්නම් ඕස්ට්‍රේලියාවේ නතර වනවාද යන අසීරු තීරණය ගැනීමට සිදු වූ බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 

වැඩිම පිරිසක් අප්‍රිකානු රටවලින්

සියෙරා ලියෝන්, රුවන්ඩා, උගන්ඩා සහ කැමරුන් වැනි රටවල ක්‍රීඩකයින් සහ නිලධාරීන් මෙලෙස ඕස්ට්‍රේලියාවේ නතර වී ඇති අතර, මේ අතරින් 200ක් පමණ ඕස්ට්‍රේලියාවේ සරණාගත රැකවරණ සදහා අයදුම් කර ඇති බව සදහන්. මෙලෙස අයදුම් පත් 200ක් ලැබී ඇති බව ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති අතර අදාල අයදුම් පත් සලකා බැලෙන තුරු එම සරණාගත රැකවරණ බලාපොරොත්තු වන පිරිස තාවකාලික වීසා යටතේ (bridging visas) මෙරට රැදී සිටිනු ඇති බව සදහන්.

 

මෙලෙස ඕස්ට්‍රේලියාවේ නතර වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් කුඩා කණ්ඩායමක් SBS ප්‍රවෘත්ති සමගින් අදහස් දක්වන්නට එක් වූ අතර, සමහරෙකුගේ දේශපාලන විශ්වාශ නිසාත්, සමහරෙකුගේ ලිංගිකත්වය නිසාත් මෙලෙස නැවතත් ඔවුන්ගේ මවු රටට යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව සදහන්.

 

 

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රීඩක ගම්මානයෙන් පිටව වෙනත් නගරයකට තමන් ඇතුළු ක්‍රීඩකයින් ගිය බවත් එහිදී තමන් සමහර දිනවල රාත්‍රියේ නිදා ගත්තේ උද්‍යානයක බවත්, නොදන්නා කෙනෙකුගෙන් කෑමට යමක් ඉල්ලා ගැනීමට පවා සිදු වූ බවත් අන්වර්ථ නාමයකින් SBS සමග කතාබහට එක වූ Amos සදහන් කළේය. සරණාගතයින් යහපත් පුද්ගලයින් කොටසක් ලෙස තමන් විශ්වාශ නොකළ බවත්, ඔවුන් අසාර්ථක පුද්ගලයින් පිරිසක් ලෙස තමන් විශ්වාශ කල බවත් ඔහු සදහන් කළේය. නමුත් දැන් තමන් එම තත්වයට පත්ව සිටින නිසා  ඒ පිලිබදව දරන ආකල්පය වෙනස් බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර තිබිණි. තවද තම බිරිදගෙන් සහ දරුවන්ගෙන් වෙන්ව සිටීම ඉතා අසීරු කාරණයක් බව ඔහු ඉතා සංවේදී ලෙස SBS සමග සදහන් කළේය.

පදක්කම් ජයග්‍රහණය නොකලොත් දඩුවම් කරන බවට තර්ජන

ක්‍රීඩා උළෙල අතරතුරු ඔවුන්ගේ රටවලින් පැමිණි නිලධාරීන් ඔවුන්ගේ ජංගම දුරකථන සහ ගමන් බලපත්‍ර එම නිලධාරීන් භාරයට ගත් බව සමහරක්  ක්‍රීඩකයින් පවසනවා. මේ තත්වය නිසා ඔවුන්ගේ සරණාගත රැකවරණ අයදුම් පත් සකස් කිරීමේදී අවශ්‍ය ලියකියවිලි සකස් කිරීම ඉතා අසීරු කාරණයක් වී ඇති බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ඕස්ට්‍රේලියානු            නීතිඥවරිය Liz Huang Hughes-Brown පවසයි. තවද සමහරක් ක්‍රීඩකයින්ට, ක්‍රීඩා උළෙල තුල පදක්කම් හිමි කරගත්තේ නැත්නම් ඉතා දැඩි දඩුවම් වලට මුහුණ දිය හැකි බවට තර්ජනය කර තිබු බවද Liz Huang Hughes-Brown මහත්මිය සදහන් කරයි.

 

තම රැකවරණ වීසා අයදුම් පත් සලකා බැලෙන අතරතුරු මෙම පිරිස මේ වන විට විවිධ රැකියා සදහා පුහුණුවීම සහ රැකියාවන් වල නිරත වීම ආරම්භ කර ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි. තමන් ඕස්ට්‍රේලියාවට පැමිණියේ ලාභ බලාපොරොත්තුවෙන් හෝ මෙරට සමාජ ආරක්ෂණ ක්‍රම වේදයෙන් යැපීමට නොවන බව Amos සදහන් කරයි. මෙරට යහපත වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීමට තමන් සුදානම් බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

 

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)


3 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now