Explainer

ඔස්ට්‍රේලියාවට අද සිට හඳුන්වාදෙන නව බූස්ටර් එන්නත ලබාගත යුතු පිරිස් සහ එන්නත ලබාගත හැකි ස්ථාන මෙන්න

මෙය Moderna Spikevax bivalent එන්නත ලෙස හඳුන්වන අතර එය ඔස්ට්‍රේලියාව තුළ ලබා ගත හැකි මේ වර්ගයේ පළමු එන්නත බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසීය.

A graphic showing a hand holding a vial of vaccine

Moderna's new bivalent vaccine will be rolled out in Australia from 10 October. Source: SBS

නව Omicron ප්‍රභේදවලට විශේෂයෙන් ඉලක්ක කර සෑදු විශේෂ Moderna එන්නත අද (ඔක්තෝබර් 10) ඔස්ට්‍රේලියාවට හඳුන්වා දෙයි.

මෙය Moderna Spikevax bivalent එන්නත ලෙස හඳුන්වන අතර එය ඔස්ට්‍රේලියාව තුළ ලබා ගත හැකි මේ වර්ගයේ පළමු එන්නත බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම Moderna bivalent එන්නත ඔස්ට්‍රේලියාවේ දැනට පවතින COVID-19 බූස්ටර් එන්නත් වැඩසටහනට ඒකාබද්ධ කෙරේ.

මෙම එන්නතේ විශේෂත්වය කුමක්ද? මෙය ලබාගත හැක්කේ කාහටද සහ කොතැනින්ද යන්න පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

නව එන්නතේ විශේෂත්වය කුමක්ද?

Spikevax bivalent එන්නත mRNA වර්ගයේ එන්නතකි.

එය Pfizer සහ මුල් Moderna එන්නතේ තාක්ෂණයම භාවිතා කරයි.

'Bivalent' යන වචනය මෙම එන්නතට එක් ඉලක්කයක් වෙනුවට ඉලක්ක දෙකක් ඇති බව පෙන්වා දෙන බව බෝවන රෝග සම්බන්ධ වෛද්‍යවරයකු වන ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය Paul Griffin පැවසුවේය.

එය මුල් 2020 වසරේ මුලින්ම පැමිණි COVID-19 ප්‍රභේදය මෙන්ම Omicron BA.1 උප ප්‍රභේදයේ ආසාදනය නැවැත්වීම අරමුණු කර ගෙන ඇත.

එසේ වුවත් ඔස්ට්‍රේලියාවේ සංසරණය වන ප්‍රධාන Omicron ප්‍රභේද වන BA.4 සහ BA.5 යන උප ප්‍රභේදවලට එරෙහිව අමතර ආරක්ෂාවක් ලබා දෙන අයුරු පෙනී ගොස් ඇති බව මහාචාර්ය Paul Griffin පැවසීය.

Omicron උදාසීන කිරීම සඳහා වූ මුල් එන්නතට වඩා Moderna bivalent එන්නත කුඩා ප්‍රමාණයේ වර්ධනීය ප්‍රතිලාභයක් පෙන්නුම් කරන බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) පැවසීය.

මෙම එන්නත අනාගතයේදී නැගී එන නව ප්‍රභේදවලින් ආරක්ෂා වීමට ඉඩ සපයා දෙන බවද ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය Paul Griffin පැවසුවේය.

විශේෂයෙන් BA.4 සහ BA.5 Omicron ප්‍රභේදයන් ඉලක්ක කර ගන්නා වෙනත් නව එන්නත් ද සංවර්ධනය වෙමින් පවතින බව ඔහු සඳහන් කළේය.

මෙම නව එන්නත ලබා ගත යුත්තේ කවුරුන්ද?

ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක අධිකාරිය විසින් අගෝස්තු 29 වන දින වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා බූස්ටර් මාත්‍රාවක් ලෙස භාවිතා කිරීම සඳහා Moderna bivalent COVID-19 එන්නත තාවකාලිකව අනුමත කරන ලදී.

වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයින් සඳහා ඕනෑම බූස්ටර් මාත්‍රාවක් ලෙස මෙම එන්නත භාවිතා කළ හැකි බව ඔවුන් නිර්දේශ කර ඇත.

තුන්වන හෝ හතරවන එන්නත් ලබා නොගත් ඕනෑම අයෙකු Moderna bivalent එන්නත ලබා ගැනීම බූස්ටර් එන්නතක් ලෙස සලකා බැලිය යුතු බව ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය Paul Griffin පැවසුවේය.

SBS පුවත් සමග සම්බන්ධවූ සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා එන්නත ඛාණ්ඩ පරීක්ෂාවට ලක් කර ඇති බව තහවුරු කළ අතර සුදුසුකම් ලත් සියලුම ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ බූස්ටර් මාත්‍රාව ලෙස මෙය ලබා ගත හැකි බව සහතික කිරීමට රජයට ප්‍රමාණවත් සැපයුමක් ඇති බව පැවසීය.

කොන්ත්‍රාත් ගිවිසුම් හේතුවෙන් ඔස්ට්‍රේලියාව විසින් මෙම එන්නත් වර්ගය කොපමණ ප්‍රමාණයක් ඇණවුම් කර තිබේද, ලබාගෙන තිබේද හෝ පරිපාලනය කර තිබේද යන්න දෙපාර්තමේන්තුව හෙළි නොකරන බවද ඔහු පැවසීය.

The back of a woman is seen as a nurse wearing a visor gives her an injection
Moderna's new Spikevax bivalent vaccine is available from 10 October 2022. Source: AAP

නව එන්නත කෙතරම් ආරක්ෂිතද?

මෙම නව එන්නතෙහි ආරක්ෂාව ගර්භණී සමයේදී සහ ප්‍රතිශක්තිය අඩු වූවන් තුළ ආරක්ෂිත බව පෙන්නුම් කර ඇති මුල් එන්නතට සමාන බව මහාචාර්ය Griffin පැවසුවේය.

අවදානමට ලක්විය හැකි ජන කණ්ඩායම් පැහැදිලිවම ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයා හෝ ඔවුන්ගේ වෛද්‍ය විශේෂඥයා හෝ ඔවුන්ගේ ප්‍රසව වෛද්‍යවරයා සමඟ මෙය ගැනීමට පෙර සාකච්ඡා කළ යුතුය.

Pfizer සමාගම ද Omicron-විශේෂිත එන්නතක් නිපදවන බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පසුගිය සැප්තැම්බර් 28 දින ABC පුවත් වෙත පැවසුවේය.

"ලබන වසරේ Pfizer එන්නත සැලකිය යුතු ලෙස සැපයීම සඳහා හිටපු රජයෙන් අපට උරුම වූ කොන්ත්‍රාත්තුවක් තිබෙනවා. එය වඩාත්ම යාවත්කාලීන එන්නත බව සහතික කර ගැනීමට අපට අවශ්‍ය වනවා" යනුවෙන් ඔහු පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

ඔබට දැනටමත් බූස්ටර් එන්නත් දෙකක් ලබා ඇත්නම් කුමක් කළ යුතුද?

දැනටමත් කොවිඩ් එන්නත් මාත්‍රා හතරක් ලබාගෙන ඇති පුද්ගලයින් සඳහා පස්වන මාත්‍රාවක් ගැනීමට තමන් ඔවුන්ව දිරිමත් නොකරන බව මහාචාර්ය Griffin පැවසුවේය.

මේ මොහොතේ තවත් අමතර එන්නත් මාත්‍රාවක් ඔවුන් ගත යුතු යැයි තමා නොසිතන බව ඔහු සඳහන් කළේය.

එය අවශ්‍ය විය හැකි නිශ්චිත තත්ත්වයන් තිබිය හැකි නමුත් බොහෝ මිනිසුන් සඳහා අමතර මාත්‍රාවක් නිර්දේශ නොකරන බව ද ඔහු පැවසුවේය.

"අපට තවත් විශාල කොවිඩ් රැල්ලක් තිබේ නම් සහ අමතර මාත්‍රා අවශ්‍ය නම්, එය සෑම කෙනෙකුටම නිර්දේශ කරනු ඇති නමුත් දැන් එය එසේ නොවේ." යනුවෙන් ඔහු අවසාන වශයෙන් පැහැදිලි කළේය.

ඔබගේ එන්නත වෙන් කරවාගන්නේ කෙසේද?

COVID-19 Vaccine Clinic Finder හි වෙත ගොස් Moderna Spikevax bivalent එන්නත ලබාගත හැකි සායන ඔබට සොයාගත හැකිය.


Share

Published

By Charis Chang, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවට අද සිට හඳුන්වාදෙන නව බූස්ටර් එන්නත ලබාගත යුතු පිරිස් සහ එන්නත ලබාගත හැකි ස්ථාන මෙන්න | SBS Sinhala