වික්ටෝරියා ප්‍රාන්තයේ වැටුප් සහිත අසනීප නිවාඩු ලැබිය හැකි casual සේවකයින්ගේ රැකියා ලැයිස්තුව තවත් දිගු වෙයි

මෙම තීරණය නිසා අනියම් සේවකයින් වැඩි පිරිසකට දැන් වැටුප් සහිත අසනීප නිවාඩු හිමිවේ.

A hairdresser in a floral top combs a client's blonde hair

A raft of occupations have been added to the state's casual pay program, including factory workers, fruit pickers and hairdressers. Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ Casual හෙවත් අනියම් සේවකයින් ලෙස රැකියා කරන කොණ්ඩා මෝස්තරකරුවන්, rideshare රියදුරන් සහ fitness instructors හෙවත් ශරීර යෝග්‍යතා උපදේශකයින් දැන් රජයේ අරමුදල් සහිත අසනීප වැටුප් සඳහා සුදුසුකම් ලබයි.

අනියම් සේවකයින් සඳහා වන වැටුප් සහිත අසනීප නිවාඩු පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්ත රජයේ නියමු වැඩසටහනක් පුළුල් කිරීමෙන් පසු මේ අවස්ථාව ඔවුන්ට හිමිව තිබේ.

අනියම් සේවකයින් වැඩි පිරිසකට දැන් වැටුප් සහිත අසනීප නිවාඩු

මෙම තීරණය නිසා අනියම් සේවකයින් වැඩි පිරිසකට දැන් වැටුප් සහිත අසනීප නිවාඩු හිමිවේ.

කොවිඩ් වසංගත සමයේදී අනියම් සේවකයින්ට වැටුප් සහිත අසනීප නිවාඩු නොමැතිකම අනෙක් සේවකයින්ට සාපේක්ෂව ඉතා බරපතල ලෙස කැපී පෙනීමත් සමග 2022 මාර්තු මාසයේදී මෙම වැඩසටහන දියත් කරන ලදී.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඒ අනුව පහත සඳහන් ප්‍රධාන වෘත්තීන් ද මෙම වැටුප් සහිත අසනීප නිවාඩු හිමිකම් ලේඛනයට දැන් අලුතින් ඇතුළත් කර තිබේ.

  • Community support workers
  • කුලී රථ රියදුරන් සහ rideshare රියදුරන්
  • Fitness instructors හෙවත් ශරීර යෝග්‍යතා උපදේශකයින්
  • Tourism and outdoor recreation workers හෙවත් සංචාරක සහ එළිමහන් විනෝදාස්වාද සපයන සේවකයින්
  • Factory workers හෙවත් කර්මාන්තශාලාවල සේවකයින්
  • Fruit pickers හෙවත් පළතුරු නෙළන්නන්
  • Hairdressers කොණ්ඩා මෝස්තරකරුවන්

මේ සඳහා සුදුසුකම් ලබන බව නියම වශයෙන් දැනගන්නේ කෙසේද?

අනියම් සේවකයින්ට Service Victoria app එක හරහා ඔවුන් මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබන්නේ දැයි පරීක්ෂා කළ හැකිය.

සුදුසුකම් ඇත්නම්, ඔවුන්ට වසරකට පැය 38ක් දක්වා පැයකට ඩොලර් 23.23ක අවම වැටුපකට ගෙවනු ලබන අසනීප සහ carer නිවාඩු සඳහා ප්‍රවේශ විය හැක.

මිනිසුන් කිසි විටෙකත් අසනීපයෙන් රැකියාවට යාම හෝ වැටුප් අහිමිවීම අතර තෝරා ගැනීමක අතරමං නොවිය යුතු බව වික්ටෝරියා ප්‍රාන්ත රජයේ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍ය Ben Carroll පැවසීය.

"අනාරක්ෂිත රැකියා භයානක ප්‍රතිවිපාක ඇති කරන අතර, මිනිසුන්ට රැකියාවේදී උපකාර ලබා ගැනීම කෙතරම් වැදගත් දැයි අපි දනිමු, ඔවුන් අසනීප වුවහොත් හෝ ආදරය කරන කෙනෙකු රැකබලා ගන්නේ නම් නිසැකවම ඔවුන් නිවසේ රැඳී සිට සුවය ලැබිය යුතුය," ඔහු පැවසීය.

මෙම වැඩසටහන ආරම්භයේ සිට සේවා පැය මිලියන 1.8 කට වඩා වැඩි කාලයක් අසනීප සහ carer වැටුප් ආවරණය කර ඇති බවද වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් මෙම නියමු වැඩසටහනේ කාලයද ද පුළුල් කරමින් සිටින අතර, එය දැන් 2025 මාර්තු දක්වා අමතර වසරක් ක්‍රියාත්මක වනු ඇත.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: AAP




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now