සංක්‍රමණිකයන්, ආබාධිත පුද්ගලයන් හා කාන්තාවන් හරහා ක්වීන්ස්ලන්තයේ රැකියා පුරප්පාඩු පියවීමට පියවර

ප්‍රාන්තයේ ශ්‍රම බලකායේ අඩු නියෝජනයක් ඇති සුළුතර කණ්ඩායම් සහ ප්‍රාදේශීය කලාපවල වෙසෙන ජනතාව සමඟ මෙම රැකියා පුරප්පාඩු පිරවීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk හට අවශ්‍ය වී තිබේ.

People sitting in an office waiting for a job interview

People at an office waiting for a job interview Source: Getty

Key Points
  • සේවක හිඟය පිරවීම සඳහා වැඩි වැඩියෙන් කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයින් සහ සංක්‍රමණිකයන් සේවයේ යොදවා ගැනීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය සූදානම් වේ.
  • සංක්‍රමණිකයන්, සරණාගතයින් සහ ජාත්‍යන්තර සිසුන්ට රැකියා සොයා ගැනීමට උපකාර කිරීම සඳහා ඩොලර් මිලියන 14 ක් ආයෝජනය කිරීමට ද තීරණය කර තිබේ.
  • රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව වසර 2020 සහ 2025 අතර ක්වීන්ස්ලන්තයේ රැකියා සංඛ්‍යාව 280,000 කින් පමණ වර්ධනය වනු ඇත.
සේවක හිඟය පිරවීම සඳහා වැඩි වැඩියෙන් කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයින් සහ සංක්‍රමණිකයන් සේවයේ යොදවා ගැනීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය විසින් සිය ප්‍රාන්තයේ ව්‍යාපාර දිරිමත් කරයි.

මේ සඳහා ඩොලර් මිලියන 20 ක් වියදම් කිරීමට ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය සැරසෙයි.


සංක්‍රමණිකයන්, සරණාගතයින් සහ ජාත්‍යන්තර සිසුන්ට රැකියා සොයා ගැනීමට උපකාර කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 14 ක් ආයෝජනය කිරීමට ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

අද (අගෝස්තු 30) නිකුත් කරන ලද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ දස අවුරුදු ශ්‍රම බලකා උපායමාර්ගයේ මේ බව සඳහන් වේ.

Jobs
Source: Getty / Getty Images

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ දස අවුරුදු ශ්‍රම බලකා උපායමාර්ගය

රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව වසර 2020 සහ 2025 අතර ක්වීන්ස්ලන්තයේ රැකියා සංඛ්‍යාව 280,000 කින් පමණ වර්ධනය වනු ඇත.

නමුත් ප්‍රාන්තයේ විශ්‍රාම යන වයසට එළැඹෙන පුද්ගලයින් සංඛ්‍යාව තුනෙන් එකකින් පමණ ඉහළ යනු ඇති බවද එම දත්ත පෙන්වා දෙයි.


මේ අනුව ප්‍රාන්තයේ ශ්‍රම බලකායේ අඩු නියෝජනයක් ඇති සුළුතර කණ්ඩායම් සහ ප්‍රාදේශීය කලාපවල වෙසෙන ජනතාව සමඟ මෙම රැකියා පුරප්පාඩු පිරවීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk හට අවශ්‍ය වී තිබේ.

ඇය මේ සතියේ කැන්බරා නුවරදී පැවැත්වෙන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා සහ නිපුණතා සමුළුවේදී සිය උපායමාර්ගය ඉදිරිපත් කිරීමට නියමිතය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

“ක්වීන්ස්ලන්ත ආර්ථිකයේ ශ්‍රමිකයින්ට වඩා දැන් රැකියා පුරප්පාඩු තිබෙනවා.” යනුවෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk අද දිනයේ (අගෝස්තු 30) පාර්ලිමේන්තුවට පැවසුවාය.

“ඉදිරි වසර තුන තුළ ක්වීන්ස්ලන්ත ආර්ථිකයේ වර්ධනය සමඟ ඉදිරියට යාමට අමතර සේවකයින් 280,000 ක් අවශ්‍ය වනු ඇති බව අපි ඇස්තමේන්තු කරනවා, එම ප්‍රමාණය Cairns සහ Mackay යන නගරවල ජනගහනයට සමානයි." ලෙසද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

නම්‍යශීලී සේවා විධිවිධාන, විශේෂයෙන් කාන්තාවන් සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා රැකියා අවස්ථා ලබාදීම මගින් ඔවුන්ගේ ශ්‍රම බලකාය විවිධාංගීකරණය කිරීමට සේවා යෝජකයන් දිරිමත් කිරීම සඳහා ශ්‍රම බලකායේ උපදේශකයින් පත් කරනු ලබන බවද වාර්තා වේ.

Queensland Premier Annastacia Palaszczuk
Queensland Premier Annastacia Palaszczuk Source: AAP

සංක්‍රමණිකයන්ට, සරණාගතයින්ට සහ ජාත්‍යන්තර සිසුන්ට රැකියා සොයා ගැනීමට උපකාර

සංක්‍රමණිකයන්, සරණාගතයින් සහ ජාත්‍යන්තර සිසුන්ට රැකියා සොයා ගැනීමට උපකාර කිරීම සඳහා ඩොලර් මිලියන 5.6 ක සේවාවක් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය ස්ථාපිත කරනු ඇත.

එය Townsville, Rockhampton සහ Sunshine Coast වෙත ව්‍යාප්ත කිරීමට ඩොලර් මිලියන 5.45ක් වෙන් කෙරේ.

සංක්‍රමණිකයන්ට සහ සරණාගතයින්ට ක්වීන්ස්ලන්තයේ පදිංචි වීමට උපකාර කිරීම සඳහා Skilled Workforce Attraction Office හෙවත් නිපුණතා ශ්‍රම බලකාය ආකර්ෂණය කරගැනීමේ කාර්යාලයක් පිහිටුවීමට තවත් ඩොලර් මිලියන 3ක් වැය කෙරේ.


එම ආයතනය අන්තර් රාජ්‍ය සහ ජාත්‍යන්තර ශ්‍රමිකයින් වැඩි ප්‍රමාණයක් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ආකර්ෂණය කර ගැනීමට ක්‍රම සකස් කරන අතරේ බහු සංස්කෘතික කටයුතු ස්ථාපිත කිරීමේ කණ්ඩායමක් සංක්‍රමණිකයන් සහ සරණාගත ශ්‍රමිකයින් වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

තිරසාර රැකියා සඳහා පුහුණු වැඩසටහන් සමඟ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සම්බන්ධ කිරීමට සහ රාජ්‍ය අංශය අඩු නියෝජනයක් සහිත කණ්ඩායම් සඳහා ආදර්ශ සේවා යෝජකයෙකු බවට සහතික කිරීමට ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය සැලසුම් කරයි.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service