ඔස්ට්‍රේලියාවේ දරුවන්ට ඇමතිය හැකි Kids Helpline වෙත ලැබෙන ඇමතුම්වලින් අඩකටත් වඩා පිළිතුරු නොලැබෙන බව හෙළිවෙයි

පසුගිය වසරේ ළමුන් 328,424ක් පමණ Kids Helpline වෙත ඇමතුම් ලබා දුන් නමුත් උපදේශකයින්ගේ හිඟය හේතුවෙන් උපදේශකයෙකු වෙත ළඟා වීමට හැකි වූයේ එම පිරිසෙන් සෑම පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට පමණක් බව නවතම දත්ත පෙන්වා දෙයි.

A landline phone on a desk.

Some 328,424 children contacted the Kids Helpline last year but only two in five were able to reach a counsellor. Source: Getty / deepblue4you/Getty Images

ඔස්ට්‍රේලියාවේ Kids Helpline සේවාව අමතන දරුවන්ගෙන් අඩකට වඩා counsellor හෙවත් උපදේශකයෙකු සම්බන්ධ කරගැනීමට නොහැකි වන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය ගැටළු සඳහා සහාය ලබාගැනීමට කෙරෙන ඉල්ලීම් මධ්‍යයේ මෙම ගැටලුව මතුවී ඇති බව හෙළිවී ඇත.

Kids Helpline වෙත ලැබෙන ඇමතුම්වලින් අඩකට වඩා පිළිතුරු නොලැබේ

පසුගිය වසරේ ළමුන් 328,424ක් පමණ Kids Helpline වෙත ඇමතුම් ලබා දුන් නමුත් උපදේශකයින්ගේ හිඟය හේතුවෙන් උපදේශකයෙකු වෙත ළඟා වීමට හැකි වූයේ එම පිරිසෙන් සෑම පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට පමණක් බව නවතම දත්ත පෙන්වා දෙයි.

පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද මානසික බලපෑම් පිළිබඳ වාර්ෂික වාර්තාවකට අනුව ඔස්ට්‍රේලියාවේ සියදිවි නසාගැනීම්, මානසික සෞඛ්‍යය, පවුල් සබඳතා සහ සිතුවිලිවල යහපැවැත්ම යන කරුණු යෞවනයන් අතර ඉහළම අවධානයට යොමු විය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ළමුන් සහ යොවුන් ප්‍රජාව මුහුණ දෙන යම් යම් ගැටළු නිසා 5,000 ට වැඩි රැකවරණය සඳහා මැදිහත්වීම් සිදු වී ඇති අතර සෑම තුන් දෙනෙකුගෙන් එක් අයකු සියදිවි නසාගැනීම සඳහා උත්සාහයන් ගෙන ඇති අතර තුන් දෙනෙකුගෙන් එක් අයකු ළමා අපයෝජනයට ගොදුරුවී ඇති බවත් සෑම දස දෙනෙකුගෙන් එක් අයකු ලිංගික අතවරවලට ගොදුරුවී ඇති බවත් 1හෙළිවී තිබේ.

ළමයින්ට උපකාර කිරීම සඳහා උපදේශකයින් පොලිසිය සහ වෙනත් හදිසි සේවා වැනි බාහිර සේවාවන් සමඟ සම්බන්ධ වන විට රැකවරණය සඳහා මැදිහත්වීම් සිදු වේ.

කොවිඩ් වසංගතයට පෙර සිට සියදිවි නසාගැනීමේ උත්සාහයන්, සියදිවි නසාගැනීමේ සිතුවිලි සහ ළමා අපචාර සඳහා මැදිහත්වීම් වැඩි වී ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි.

සියදිවි නසාගැනීමේ උත්සාහයන් 2021 වසරේ 33% සිට පසුගිය වසරේ 37% දක්වා වැඩි වී ඇත.

තරුණ ප්‍රජාව අතර මානසික සෞඛ්‍ය අර්බුදයක්

තරුණයින් අතර මානසික සෞඛ්‍ය අර්බුදයක් පවතින බව Kids Helpline සේවාව මෙහෙයවන ලාභ නොලබන ආයතනයක් වන yourtown හි ප්‍රධාන විධායක Tracy Adams පැවසුවාය.

ළමා කාලයේ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම ආශ්‍රිත ගැටළු වල ව්‍යාප්තිය වැඩි වන විට, මානසික සෞඛ්‍ය සහාය ලබා ගැනීමේ සැලකිය යුතු පරතරයක් ඇතිවන බව ඇය පැවසුවාය.

Kids Helpline සේවාව ඔස්ට්‍රේලියාවේ ළමුන් සහ තරුණයින් සඳහා තීරනාත්මක ආරක්ෂක ජාලයක් ලෙස නොකඩවා කටයුතු කෙරෙන නමුත් එයට ඇති ඉල්ලුම සමඟ වේගයෙන් ගමන් කළ නොහැකි බවද ඇය ප්‍රකාශ කළාය.

මේ සඳහා වැඩි අරමුදල් සැපයීම මගින් අවසානයේ ජීවිත රැසක් බේරා ගත හැකි බව පවසමින් Tracy Adams, ඔස්ට්‍රේලියාවේ Kids Helpline සේවාවට මැදිහත් වන ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියාය.

"ළමා උපකාරක සේවාව සඳහා අරමුදල් සැපයීම රජයේ ප්‍රමුඛතාවයක් විය යුතුයි. වර්තමාන බරපතල අරමුදල් හිඟය නිසා බොහෝ ළමයින්ට සහ තරුණයින්ට අවශ්‍ය කාලෝචිත රැකවරණය ලැබෙන්නේ නැහැ," ඇය පැවසුවාය.

සෞඛ්‍ය ඇමතිගෙන් සාධනීය ප්‍රතිචාරයක්

2018-19 සිට, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් Kids Helpline සේවාවට මූලික අරමුදල් වශයෙන් ඩොලර් මිලියන 21 කට වඩා සහ අමතර COVID-විශේෂිත සහායක් ලෙස ඩොලර් මිලියන 9.6 කට වඩා ලබා දී ඇත.

මේ අතර මෙම නවතම වාර්තාව අවධානය යොමු කළ යුතු එකක් බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසුවේය.

මානසික උපදේශකවරුන්ගේ හිඟය සහ යෞවනයන් ඉදිරිපත් කරන පැමිණිලිවල සංකීර්ණත්වය වැඩිවීම පිළිබඳ මධ්‍යම රජය සැලකිලිමත් බවද ඔහු පැවසීය.

Kids Helpline සේවාවේ වැදගත් කාර්යයට සහාය වීම සඳහා මධ්‍යම රජය නොකඩවා කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

1991 වසරේ සිට මේ දක්වා Kids Helpline සේවාව හරහා මිලියන 8.6 ක ළමුන් සහ යෞවනයන්ගේ ගැටලුවලට මානසික උපදේශකවරුන් ප්‍රතිචාර දක්වා ඇති බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය ගැටළු සඳහා සහය ලබා ගැනීමට පහත සේවාවන් ඇමතිය හැකිය:

  • Lifeline - 13 11 14
  • Suicide Call Back Service - 1300 659 467
  • Kids Helpline - 1800 55 1800 (වයස අවුරුදු 25 දක්වා පුද්ගලයින් සඳහා)

මානසික සෞඛ්‍යය පිළිබඳ වැඩිදුර තොරතුරු සහ සහාය beyondblue.org.au වෙබ් අඩවියෙන් සහ 1300 22 4636 යන දුරකතන අංකය අමතා ලබා ගත හැකිය.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: AAP




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now