SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ඉල්ලා අස්විය යුතු බවට බහුතර ඔස්ට්‍රේලියානුවෝ පවසති.

Most Australians want Barnaby Joyce to resign: Newspoll
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ Nationals  පක්ෂයේ නායක Barnaby Joyce ඉල්ලා අස්විය යුතු බවට බහුතර ඔස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය බව නවතම Newspoll සමීක්ෂණ දත්ත පෙන්වා දෙයි.

Barnaby Joyce ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ට සමස්ත ඔස්ට්‍රේලියාවෙන් 65% ක පමණ ප්‍රතිශතයක් ප්‍රකාශ කර ඇති අතර ඔහු ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවෙන්ද ඉවත්විය යුතු බවට අදාළ පිරිසෙන් තුනෙන් එකක් පවසා ඇත.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල මෙන්ම ප්‍රාදේශීය කලාප වලද වෙසෙන පුද්ගලයින් 1632 ක් සහභාගී කරවාගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර එහි ප්‍රතිඵල ඊයේ (18/02) නිකුත් විය.

මේ අතර Barnaby Joyce නියෝජ්‍ය අගමැතිධුරයෙන් ඉල්ලා අස්විය යුතු නමුත් ඔහු පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 29% ක් පවසා තිබේ.

එමෙන්ම, ඔහු ඉල්ලා අස්විය යුතු බවත් නැවත මැතිවරණයකට තරග නොකළ යුතු බවත් තවත් 21% ක පිරිසක් පවසා තිබේ.

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති සහ නැෂනල්ස් පක්ෂයේ නායක බානබි ජොයිස් තම මාධ්‍ය උපදෙශිකාව සමග පැවැත්වූ ලිංගික සබඳතාව හෙළිදරව් වීමෙන් අනතුරුව මේ තත්ත්වය උද්ගතවී ඇත.

බානබි ජොයිස් ගේ මෙම ක්‍රියාව අගමැති ටර්න්බුල් දැඩි ලෙස විවේචනය කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සහ වගකීම් සම්බන්ධයෙන් අචාර ධර්ම පද්ධතිය නැවත සකස් කිරීමට වහා පියවර ගත යුතු බවට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට තම කාර්යාල සේවකයින් සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් විසින් සපුරා තහනම් කර තිබේ.

මේ අතර බානබි ජොයිස් මේ සිද්ධියත් සමග පුද්ගලික නිවාඩු ගෙන ඇති අතර මෙම සතියේදී අගමැති ටර්න්බුල්ගේ ඇමෙරිකානු සංචාරය අතරතුර වැඩබලන අගමැති ලෙස බානබි ජොයිස් කටයුතු නොකරනු ඇත.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now