Highlights
- වෙනත් ප්‍රාන්තයක සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සංචාරය කිරීමේදී දැන සිටිය යුතු කරුණු
- නිව් සවුත් වේල්ස් පදිංචිකරුවන් ප්‍රාන්තයට ඇතුළු වීම සඳහා වන නීති
- නිව් සවුත් වේල්ස් පදිංචිකරුවන් නොවන පිරිස ප්‍රාන්තයට ඇතුළු වීම සඳහා වන නීති
- ජාත්‍යන්තරයේ සිට ද්විත්ව එන්නත් ලද පිරිස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සංචාරය කිරීමේදී දැන සිටිය යුතු කරුණු
- ජාත්‍යන්තරයේ සිට පැමිණෙන පිරිස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිරෝධායනය වීම සම්බන්ධයෙන් දැනගත යුතු දේ
වෙනත් ප්‍රාන්තයක සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සංචාරය කිරීමේදී දැන සිටිය යුතු කරුණු
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට සංචාරය කිරීමේදී NSW Health මගින් යාවත්කාලීන කරන මහජන සෞඛ්‍ය නියෝග සහ සීමා කිරීම් යටතේ එන COVID-19 concerns notice යන කොටස පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පිටත කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ සහ අවදානමක් සහිත ප්‍රදේශ සම්බන්ධයෙන් මෙම COVID-19 concerns notice යන ලේඛනයේ යාවත්කාලීන කෙරේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇතුලු වීමේදී entry declaration එකක් සම්පුර්ණ කිරීමට අවශ්‍ය නොවේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පිටත කොවිඩ් ව්‍යාප්තව පවතින ප්‍රදේශයක සිට, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇතුලුවීමට ඔබට අවසර ලැබුන හොත් ඔබ පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වේ.
කොවිඩ් 19 සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සැලකිලිමත් වන ප්‍රදේශයක සිට හෝ දැඩි සැලකිල්ලක් දක්වන ප්‍රදේශයක සිට ඔබ පැමිණෙන්නේ නම් ඔබ interstate traveller guidelines ලේඛනය පිළිබඳව අවධානය යොමු කල යුතු වේ.
ඔබට නිර්දේශිත නම් කොවිඩ් පරීක්ෂණයක් සඳහා බඳුන් විය යුතු වේ.

A health worker shows a positive result from a Rapid Antigen Test. Source: AAP
නිව් සවුත් වේල්ස් පදිංචිකරුවන් ප්‍රාන්තයට ඇතුළු වීම සඳහා වන නීති
කොවිඩ් අවදානමක් රහිත ප්‍රදේශයක සිට පැමිණේ නම්
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇතුළු විය හැක
- NSW entry declaration පෝරමය පිරවිය යුතු නැත
- ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ
පසුගිය දින 14 ක කාලය තුලදී කොවිඩ් අවදානමක් සහිත ප්‍රදේශයක සිට පැමිණේ නම්
- ප්‍රාන්තයට ඇතුළුවීමට පැය 24කට පෙර NSW entry declaration පෝරමය පිරවිය යුතු වේ
ප්‍රාන්තයට තුලු වීමෙන් අනතුරුව -
- ඔබ වාසය කරන ස්ථානයට යා යුතුය
- අත්‍යවශ්‍ය හේතුවක් මත පමණක් තමන වාසය කරන ස්ථානයෙන් බැහැරට යා හැක
- කොවිඩ් අවදානමක් සහිත ප්‍රදේශයට ගමන් ගත් දින සිට දින 14ක් තමන වාසය කරන ස්ථානයේ සිටිය යුතු වේ.
පසුගිය දින 14 ක කාලය තුලදී කොවිඩ් දැඩි අවදානමක් සහිත ප්‍රදේශයක සිට පැමිණේ නම්
- COVID-19 concerns notice සම්බන්ධයෙන් අවධානය යොමු කල යුතු වේ
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණීමෙන් අනතුරුව දින 14ක කාලයක් ස්වයන් නිරෝධායනය විය යුතු වේ
- ඔබ කොවිඩ් ආසාදිතයකුගේ සමීප ආශ්‍රිතයකු නම් දින 14ක් හුදකලා විය යුතු අතර ඔබ ද්විත්ව එන්නත් ලබා ඇත්නම් දින 7ක් ස්වයං හුදකලා විය යුතු වේ.
Image
නිව් සවුත් වේල්ස් පදිංචිකරුවන් නොවන පිරිස ප්‍රාන්තයට ඇතුළු වීම සඳහා වන නීති
කොවිඩ් අවදානමක් රහිත ප්‍රදේශයක සිට පැමිණේ නම්
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇතුලු විය හැක
- NSW entry declaration පෝරමය පිරවිය යුතු නැත
- ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ
පසුගිය දින 14 ක කාලය තුලදී කොවිඩ් අවදානමක් සහිත ප්‍රදේශයක සිට පැමිණේ නම්
- ප්‍රාන්තයට ඇතුළුවීමට පැය 24කට පෙර NSW entry declaration පෝරමය පිරවිය යුතු වේ
SBS සිංහල ගුවන් විදුලි සේවයට සවන්දෙන්න,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
ප්‍රාන්තයට තුලු වීමෙන් අනතුරුව -
- ඔබ වාසය කරන ස්ථානයට යා යුතුය
- අත්‍යවශ්‍ය හේතුවක් මත පමණක් තමන වාසය කරන ස්ථානයෙන් බැහැරට යා හැක
- කොවිඩ් අවදානමක් සහිත ප්‍රදේශයට ගමන් ගත් දින සිට දින 14ක් තමන වාසය කරන ස්ථානයේ සිටිය යුතු වේ.
පසුගිය දින 14 ක කාලය තුලදී කොවිඩ් දැඩි අවදානමක් සහිත ප්‍රදේශයක සිට පැමිණේ නම්
- COVID-19 concerns notice සම්බන්ධයෙන් අවධානය යොමු කල යුතු වේ
- ඔබ කොවිඩ් ආසාදිතයකුගේ සමීප ආශ්‍රිතයකු නම් ඔබට ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර ලබා නොදීමට ඉඩ පවතී
- මේ වනවිට ඔබ සිටින ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ නීති පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ
- ඔබ කොවිඩ් ආසාදිතයකුගේ සමීප ආශ්‍රිතයකු නම් දින 14ක් හුදකලා විය යුතු අතර ඔබ ද්විත්ව එන්නත් ලබා ඇත්නම් දින 7ක් ස්වයං හුදකලා විය යුතු වේ.
ඔබ කොවිඩ් ආසාදිතයකුගේ Casual contact එකක් ලෙස සැලකේ නම්
- ද්විත්ව එන්නත් මාත්‍රා ලබා ඇතිනම් ඔබට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇතුල් වීමට හැකියාව හිමි වන අතර කොවිඩ් පරීක්ෂණයෙන් සෘණාත්මක ප්‍රතිපල ලැබිය යුතුය
- ඔබ ප්‍රාන්තයට ඇතුල් වීමෙන් පැය 24ක් ඇතුලත ප්‍රාන්තයට ඇතුල් වීමේ ප්‍රකාශය සම්පුර්ණ කල යුතුය
Image
ජාත්‍යන්තරයේ සිට ද්විත්ව එන්නත් ලද පිරිස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සංචාරය කිරීමේදී දැන සිටිය යුතු කරුණු
ජාත්‍යන්තරයේ සිට ද්විත්ව එන්නත් ලද පිරිස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇතුලු වීමේදී
- සෘජු ලෙසම ඔබ නවතන් ගන්නා හෝ වාසය කරන ස්ථානයට යා යුතු වේ
- COVID-19 rapid antigen පරීක්ෂණයක් ලබා ගත යුතු වේ
- එමගින් සෘණාත්මක ප්‍රතිපල පැමිණෙන තුරු ස්වයං හුදකලා වියයුතු වේ
- 6 වන දිනයේ නැවතත් COVID-19 rapid antigen පරීක්ෂණයක් ලබා ගත යුතු වේ
- ඔබේ පරීක්ෂණ ප්‍රතිපල සෘණාත්මක නම් දින 7ක් යනතුරු කොවිඩ් අවධානමක් සහිත ස්ථාන වෙත යාමෙන් වැලකී සිටිය යුතු වේ
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ජාත්‍යන්තරයේ සිට පැමිණෙන පිරිස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිරෝධායනය වීම සම්බන්ධයෙන් දැනගත යුතු දේ
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රජාවගේ ආරක්ෂාව උදෙසා ජාත්‍යන්තරයේ සිට පමිණෙන සම්පුර්ණ එන්නත් ලද පිරිස ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පැය 24ක් ඇතුලත rapid antigen පරීක්ෂණයක් සිදු කලයුතු වේ. ඉන් අනතුරුව සෘණාත්මක ප්‍රතිපලයක් ලැබෙන තුරු ස්වයං හුදකලා කාලසීමාවකට යටත් වියයුතු වේ.
සම්පුර්ණ එන්නත් නොලද ජාත්‍යන්තරයේ සිට පැමිණෙන පිරිස දින 14ක අනිවාර්ය හෝටල් නිරෝධනයනයකට යොමු වියයුතු වේ.
මෙම නීති 2021 දෙසැම්බර් මස 31 වැනිදා උදෑසන 12,01 සිට ක්‍රියාත්මක වේ.
ජාත්‍යන්තරයේ සිට පැමිණෙන පිරිසට අවශ්‍ය වැඩි විස්තර සඳහා පිවිසෙන්න