Centrelink robodebt ක්‍රමය නිසා තමන් නොගත් ණය ගෙවීමට සිදුවූ ඔස්ට්‍රේලියානුවාසීන්ට සුබ ප්‍රවෘත්තියක්

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය Centrelink ආයතනයේ robodebt හෙවත් ස්වයංක්‍රීය සුබසාධන ණයට ගොදුරු වූවන්ගේ සිද්ධීන් තවමත් සමාලෝචනය කරමින් පවතින අතර, ඒවා සම්බන්ධයෙන් තවදුරටත් ලුහුබැඳ නොයනු ඇතැයි වාර්තා වේ.

Nearly 200,000 Australians will have their robodebt cases wiped

Nearly 200,000 Australians will have their robodebt cases wiped Source: AAP

තමන් ලබා නොගත් සුබසාධන ණය පියවීමට එරෙහිව වසර ගණනාවක් සටන් කළ 200,000කට ආසන්න ඔස්ට්‍රේලියානුවාසීන්ගේ මේ වන විට සිදු කෙරෙන සක්‍රීය Centrelink විමර්ශනයන් අහෝසි කරනු ඇත.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය Centrelink ආයතනයේ robodebt හෙවත් ස්වයංක්‍රීය සුබසාධන ණයට ගොදුරු වූවන්ගේ සිද්ධීන් තවමත් සමාලෝචනය කරමින් පවතින අතර, ඒවා සම්බන්ධයෙන් තවදුරටත් ලුහුබැඳ නොයනු ඇතැයි වාර්තා වේ.
නීත්‍යානුකූල නොවන සුබසාධන ණය අයකර ගැනීමේ යෝජනා ක්‍රමය 2015 දී ආරම්භ වූ අතර සුබසාධන ලාභීන් රජයට මුදල් ගෙවිය යුතු බවට සාවද්‍ය චෝදනා කළේය.

එම robodebt හෙවත් ස්වයංක්‍රීය සුබසාධන ණය ය කරගැනීමේ කාලය තුළ මිනිසෙකු වෙනුවට පරිගණක වැඩසටහනක් අදාළ Centrelink හිඟ ගෙවීම් හඳුනාගෙන ඒවා පසුපස හඹා යන ලදී.

මීට පෙර මිනිසුන් සම්බන්ධ වූ විට වසරකට ණය නිවේදන 20,000 ක් යවනු වෙනුවට robodebt ක්‍රමය හරහා සතියකට ණය නිවේදන 20,000 ක් යැවීමට හැකියාවක් එම පද්ධතිය සතුවිය.

Social Services Minister Amanda Rishworth
Social Services Minister Amanda Rishworth Source: AAP / Morgan Sette
මෙම robodebt ක්‍රමය හරහා පුද්ගලයන් 381,000 කින් ඩොලර් මිලියන 750 කට වඩා වැරදි ලෙස අයකර ගත් බව වාර්තා විය.

කැපී පෙනෙන සුබ සාධන පැමිණිලි අහෝසි කිරීම නොගෙවිය යුතු Centrelink හිඟ ගෙවීම් ගෙවීමට සිදුව ඇති ඔස්ට්‍රේලියානුවන්ගේ හිසරදය නැතිකිරීමට සහතිකයක් ලබා දෙන බව සමාජ සේවා අමාත්‍ය Amanda Rishworth පැවසුවාය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
අදාළ පැමිණිලි විභාග කිරීම මිල අධික හා කාලය ගතවන බවත්, සුබසාධන පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වන බවත් ඇය පෙන්වා දුන්නාය.

"robodebt fiasco යනු සියලුම ඔස්ට්‍රේලියානුවන් කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්විය යුතු දෙයක්. එයට සැලකිය යුතු මිනිස් පිරිවැයක් දැරීමට සිදු වූ බව අපි දන්නවා" යනුවෙන් ද සමාජ සේවා අමාත්‍ය Amanda Rishworth ප්‍රකාශ කළාය.

මෙම robodebt වැඩසටහනට සම්බන්ධ රාජකීය කොමිසමක් ඔක්තෝබර් මස අවසානයේදී මහජන සාක්ෂි විමසීම් ආරම්භ කරනු ඇත.

Robodebt රාජකීය කොමිසමට හේතු වූයේ කුමක්ද?

මෙම Robodebt වැඩසටහන හඳුන්වාදීමේ සිටම, මධ්‍යම ඔම්බුඩ්ස්මන්වරයා විසින් 2017 වසරේ දී මේ ක්‍රමය සම්බන්ධයෙන් බහුවිධ ගැටලු සොයා ගැනීමත් සමඟ, එය පිළිබඳව නොයෙකුත් විමර්ශන සහ විමසීම් සිදු කර ඇත.

2019 වසරේදී, Robodebt වැඩසටහන ෆෙඩරල් අධිකරණය විසින් නීති විරෝධී ලෙස තීන්දු කරන ලදී.

ඩොලර් මිලියන 721 ක වියදම තමන් සම්පූර්ණයෙන් ආපසු ගෙවන බව පවතී රජය පැවසූ අතර 2020 නොවැම්බර් මාසයේදී වින්දිතයින් 400,000 ක් විසින් ගෙන එන ලද ඩොලර් බිලියන 1.2 ක් සම්බන්ධ පැමිණිලි බාරගැනීමේ ක්‍රියාමාර්ගයකට එකඟ විය.


2021 ජුනි මාසයේදී, විනිසුරු Bernard Murphy විසින් ගෙවන ලද Centrelink ණය ආපසු ගෙවීම, හිඟ ණය අහෝසි කිරීම සහ නීතිමය වියදම් ඇතුළුව ඩොලර් බිලියන 1.8 ක පියවීමක් අනුමත කළේය.

ඔස්ට්‍රේලියාවේ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයේ "ලැජ්ජා සහගත පරිච්ඡේදයක්" ලෙස ඔහු මෙම Robodebt වැඩසටහන විස්තර කළේය.

මෙම robodebt රාජකීය කොමිසම අගෝස්තු 25 දින ප්‍රකාශයට පත් කරන ලද අතර, මෙම වැඩසටහන සැබෑ ප්‍රතිවිපාක සහිත මානව ඛේදවාචකයක් ලෙස අගමැති Anthony Albanese විස්තර කළේය.

මෙම කුරිරු වැඩසටහනට ඔස්ට්‍රේලියානුවන් 400,000ක් පමණ ගොදුරු වූ බව දැනගැනීමට ලැබුණු බවද ඔහු පැවසීය.

මෙම විමර්ශනය මඟින් robodebt වැඩසටහන ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීම, මිනිසුන්ට වූ බලපෑම සහ පිරිවැය මෙන්ම එවැනි අඩුපාඩුවක් නැවත සිදු නොවීමට වගබලා ගැනීමේ ක්‍රියාමාර්ග පිළිබඳ පරීක්ෂා කරනු ඇත.

ක්වීන්ස්ලන්තයේ හිටපු අගවිනිසුරු Catherine Holmes මෙම රාජකීය කොමිසමේ ප්‍රධානියා වන අතර ඇයගේ අවසන් වාර්තාව 2023 අප්‍රේල් 18 වන විට ආණ්ඩුකාරවරයා වෙත භාර දෙනු ඇත.


Share

Published

By Madhura Seneviratne
Source: SBS, AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service