Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නිව් සවුත් වේල්ස් Skilled Work Regional (491) ලයිස්තුවට නව රැකියා (SBS සිංහල/ වාර්තා)

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (01/04) දින සිට නිපුනතා ලයිස්තුවේ Skilled Work Regional visa (Subclass 491) කාණ්ඩය සඳහා වන නිපුනතා රැකියා ලැයිස්තුවට තවත් වෘත්තීන් එක්කිරීමට පියවර ගනී. මේ අතර ‘Living and working outside of regional NSW’ stream ලෙස හැඳින්වෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය නොවන ප්‍රදේශයන්හි අයදුම්පත් භාර ගැනීම නැවැත්වීමද සිදු කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ.

Regional Visa

According to the Department of Home Affairs new Contributory Parent visa applications are likely to take at least 65 months to be released for final processing Source: Getty Images

Highlights

  • Skilled Work Regional visa යනු 
  • නිවේදනය සතුටුදායක බව සංක්‍රමණ නියෝජිතයික් පැවසීම 
  • Living and working outside of regional NSW අයදුම්පත් භාරගැනීම නැවතීම පිලිබඳ 

Skilled Work Regional visa යනු

Skilled Work Regional visa (Subclass 491) යනු පුහුණු ශ්‍රමිකයින් සඳහා ලබා දෙන තාවකාලික වීසා බලපත්‍රයකි.මෙම වීසා කාණ්ඩය යටතේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට, එම ප්‍රාන්තයේ කලාපීය ප්‍රදේශයන්හි critical sector සේවය කරන පිරිස නම් කිරීමට හැකියාව පවතී.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙම Skilled Work Regional visa (Subclass 491) කාණ්ඩය සඳහා අද (01/04) පුළුල් පරාසයක රැකියා ඇතුලත් කරන බවට සංක්‍රමණ නියෝජිතයින් හට මේ වනවිටත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් දැනුම් දී තිබේ.

මෙලෙස යාවත්කාලීන වන රැකියා පිළිබඳව දැනගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ වෙබ්අඩවියට මෙතනින් පිවිසෙන්න

නිවේදනය සතුටුදායක බව සංක්‍රමණ නියෝජිතයික් පවසයි

මේ සම්බන්ධයෙන් සංක්‍රමණ නියෝජිත Chaman Preet සඳහන් කොට සිටින්නේ මෙම නිවේදනය සතුටුදායක වන අතර මෙලෙස පුළුල් පරාසයක රැකියා ඇතුලත් කිරීම ඔස්සේ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු සඵල වීමේ ඉඩකඩක් පවතින බවයි.

එමෙන්ම ඔහු සඳහන් කොට සිටින්නේ, කෙසේ නමුත් මෙම නව රැකියා ඇතුලත් කිරීම නිව් සවුත් වේල්ස් හි ප්‍රාදේශීය නොවන ප්‍රදේශයන්හි ජීවත්වන පිරිස සඳහා බලපා නොමැති බවයි.

Living and working outside of regional NSW අයදුම්පත් නවතී

එමෙන්ම අද (01/04) දින සිට, Living and working outside of regional NSW’ stream ලෙස හැඳින්වෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය නොවන ප්‍රදේශයන්හි ජීවත් වන පිරිස සඳහා වන අයදුම්පත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය භාරගැනීමද නවතනු ඇතැයි වාර්තා වේ.

ප්‍රාන්ත නිලධාරීන් දැනුම් දී ඇත්තේ කෙසේ නමුත් Stream 1 (Living and working in regional NSW) සහ Stream 2 (Recently completed study in regional NSW) යන වීසා ධාරාවන් සඳහා අඛණ්ඩව අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි.

වීසා අපේක්ෂකයින් සිය වීසා ඉල්ලුම් කිරීම සඳහා උපායමාර්ගිකව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වන බව Chaman Preet සඳහන් කොට සිටී.

--මෙම කොටසේ අඩංගු තොරතුරු සාමාන්‍ය වන අතර එය උපදෙස් නොවේ.ඔබට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා කරුණාකර ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයකු හමුවන්න.--

ඔබේ ප්‍රියතම සිංහල අවුරුදු ආහාරයට මනාපය පළ කර SBS සිංහල ගුවන් විදුලියෙන් වටිනා තෑගී මල්ලක් දිනාගන්න ඔබටත් අනගි අවස්ථාවක්,

මේ සඳහා SBS සිංහල ගුවන් විදුලිය සිදු කරන Online මත විමසුමට මෙතනින් පිවිසෙන්න


2 min read

Published

Updated

By Vivek Kumar, Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now