Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවට විදෙස් අත පෙවීම් සහ ඔත්තු බැලීම් නවත්වන්න සමාජ මාධ්‍යවලට නව නිර්දේශ, නැත්නම් තහනම්

සමාජ මාධ්‍ය හරහා විදේශ මැදිහත්වීම් සිදුකිරීම පිළිබඳ සෙනට් තේරීම් කාරක සභාව පසුගිය සතියේ සිය අවසන් වාර්තාව මධ්‍යම රජයට බාරදුන්නේය.

Social media apps on a smart phone screen

Social media apps, displayed on a phone screen (AAP) Source: AAP / Yui Mok

සමාජ මාධ්‍ය සමාගම් ඔස්ට්‍රේලියාවේදී තම සේවා සැපයීමේදී සහ කටයුතු කිරීමේදී පිළිපැදිය යුතු නීති මාලාවක් සමාජ මාධ්‍ය සමාගම් පිළිබඳ විමර්ශනය කළ සෙනට් කමිටුවක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට නිර්දේශ කර තිබේ.

ඒ අනුව සමාජ මාධ්‍ය සමාගම් විනිවිද භාවයේ අවශ්‍යතා මාලාවක් සපුරාලිය යුතු අතර වාරණ සහ විදේශ මැදිහත්වීමේ ක්‍රියාකාරකම් හෙළිදරව් කළ යුතුය.

එසේ නැතිනම් අදාළ සමාජ මාධ්‍ය තහනම් කිරීමේ අවදානමකට මුහුණ දිය යුතු බව අදාළ සෙනෙට් කමිටුව මධ්‍යම රජයට නිර්දේශ කර ඇත. 

සෙනට් විමර්ශනයේ නිර්දේශ

සමාජ මාධ්‍ය හරහා විදේශ මැදිහත්වීම් සිදුකිරීම පිළිබඳ සෙනට් තේරීම් කාරක සභාව පසුගිය සතියේ සිය අවසන් වාර්තාව මධ්‍යම රජයට බාරදුන්නේය.

“විදේශීය මැදිහත්වීම් සඳහා ගත හැකි ක්‍රියා මාර්ග” ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරමින් වෙනත් රටවලින් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැමිණෙන අභියෝග සහ අවදානම අවම කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිර්දේශ 17 ක් අදාළ කමිටුව මධ්‍යම රජයට ඉදිරිපත් කළේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් විශාල සමාජ මාධ්‍ය ජාල වේදිකා මත “දඩ සහිතව බලාත්මක කළ හැකි විනිවිදභාවය පිළිබඳ අවම අවශ්‍යතා මාලාවක්” පැනවීම එහි පළමු නිර්දේශය වේ.

කමිටුව විසින් නිර්දේශ කරන ලද එම අවශ්‍යතා නැවත නැවතත් කඩ කරන සමාජ මාධ්‍ය ජාල, අවසාන විකල්පය ලෙස තහනම් කළ යුතුය.

අදාළ කමිටුව අවම විනිවිදභාවය පිළිබඳ අවම අවශ්‍යතා ලැයිස්තුවක් යෝජනා කරන ලද අතර ඒවායින් ඇතැම් ඒවා ඩිජිටල් කර්මාන්ත සමූහයේ (DIGI) පවතින ව්‍යාජ තොරතුරු සහ වැරදි තොරතුරු පිළිබඳ ඔස්ට්‍රේලියානු ආචාර්ය ධර්ම සංග්‍රහය මගින් ආවරණය කෙරේ.

ව්‍යාජ තොරතුරු සහ වැරදි තොරතුරු පිළිබඳ ඔස්ට්‍රේලියානු ආචාර්ය ධර්ම සංග්‍රහයට අත්සන් තබා ඇති සමාගම්

Adobe, Apple, Facebook, Google, Microsoft, Redbubble, TikTok සහ Twitter එම ආචාර්ය ධර්ම සංග්‍රහයට දැනටමත් අත්සන් කර ඇත.

වාර්ෂිකව විනිවිදභාවය වාර්තා කිරීම ඇතුළුව ව්‍යාජ සහ වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමේ අරමුණු හතකට ඔවුන්ගේ කැපවීම එයින් අපේක්ෂා කරයි.

එම ආචාර්ය ධර්ම සංග්‍රහය යෝජිත නීති යටතේ ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරියේ (ACMA) නියම කළ චර්යාධර්ම සංග්‍රහයේ පදනම වනු ඇත.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය “විනිවිද භාවයේ පියවර කෙරෙහි කමිටුවේ මූලික අවධානය” සාදරයෙන් පිළිගන්නා බව මෙම වාර්තාවෙන් සොයාගත් කරුණු පිළිබඳ අදහස් දක්වමින් රජයේ සෙනෙට් සභික Jess Walsh සහ Raff Ciccone පැවසුහ.

නිර්දේශිත විනිවිද භාවයේ අවශ්‍යතා අනාගතයේදී අදාළ කර්මාන්තයේ ආචාර්ය ධර්ම සංග්‍රහයේ අංගයක් බවට පත්වන්නේ කෙසේදැයි රජය සලකා බලනු ඇති බවද ඔවුහු පැවසුහ.

යෝජිත වැරදි සහ සාවද්‍ය තොරතුරු නීතිවලට මෙම ආචාර්ය ධර්ම සංග්‍රහයට අනුකූල වීමට අපොහොසත් වුවහොත් වාර්ෂික පිරිවැටුමෙන් සියයට දෙකක් දක්වා දඩ මුදලක් පැනවීමද මෙම නිර්දේශවලට ඇතුළත් වේ.

විශාල දඩ මුදල් පැනවීම් ප්‍රමාණවත් නොවන බවත් සමාජ මාධ්‍ය සමාගම් අදාළ ආචාර්ය ධර්ම සංග්‍රහයට අනුකූලව කටයුතු නොකිරීමෙන් ඔවුන්ට බරපතල ප්‍රතිවිපාක ඇති බව තේරුම් ගත යුතු බවත් අදාළ සෙනට් කමිටුවේ සභාපති James Patterson පැවසීය.


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now