කිසිදිනක ඔස්ට්‍රේලියාවට යලි නොපැමිණෙන බව තාවකාලික වීසා හිමියන් පවසයි (SBS සිංහල / වාර්තා)

International students

"A qualidade de vida da Austrália, o sistema educacional, isso tudo atrai o brasileiro,” diz o embaixador. Source: AAP Image/Julian Smith

ඕස්ට්‍රේලියාව තුල පීඩාවට පත්ව සිටින තාවකාලික වීසා ලාභීන් පිළිබඳව UnionsNSW සිදුකල පුලුල් සමීක්ෂණයකින් මේ බව හෙළිව තිබේ.

COVID - 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාව දැඩි සීමා පැනවීමත් සමග බොහෝ තාවකාලික වීසා හිමියන් හට සිය රැකියා අහිමි වූ අතර ඔවුන්ට සිය ජීවන වියදම් කළමනාකරණය කිරීම සඳහා දැරීමට සිදු වුයේ දැඩි වෙහෙසක්.

මෙම තාවකාලික වීසා හිමියන් අතරට ජාත්‍යන්තර සිසුන්, උපාධිදාරීන්, සංචාරයේ නිරත වන්නන්, අනුග්‍රාහක රැකියා ලාභීන් සහ සරණාගතයින් ඇතුලත් වේ.
Students
Source: Asanka Ratnayake/Getty Images
මෙම තාවකාලික වීසා ලාභීන් හට JobKeeper හෝ JobSeeker යන දීමනා ලබාදීම ඕස්ට්‍රේලියානු රජය ප්‍රතික්ෂේප කල අතර අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට සිටියේ, මෙම අවස්ථාවේදී තමා හට ස්ථාවර ලෙස ඔස්ට්‍රේලියාව තුල සිටීමට නොහැකිනම් තම රට වෙත යන ලෙසයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


තාවකාලික වීසා ලාභීන් 5,000 කට අධික පිරිසක් යොදාගනිමින් සිදුකල මෙම සමීක්ෂණය ඔස්සේ හෙළිව ඇති තොරතුරු වලට අනුව

  • 65% පිරිසකට සිය රැකියා අහිමි වී තිබේ.
  • 39% පිරිසකට සිය ජීවන වියදම දැරීමට තරම් මුදලක් නොපවතී.
  • 43% පිරිසක් නීති පතා සිය අහාර වේල මගහැරීමට කටයුතු කරයි.
  • 34% පිරිසක් සඳහා රන්දී සිටීමට නිවසක් නොමැති හෝ ගෙවීමට මුදල් නොමැතිකමින් තමන් සිටි කුලී නිවසින් ඉවත් කොට තිබේ.

තාවකාලික වීසා හිමියනගේ ආර්ථික තත්වය තවදුරටත් අයහපත් වන ලකුණු

බොහෝ තාවකාලික වීසා හිමියන් හට සිය ආර්ථික තත්වය තවදුරටත් අයහපත් තත්වයකට පත්වීමේ දැඩි අවධානමක් ඉදිරි මාස කිහිපයේදී පවතින බවට තවත් සමීක්ෂණයක් හෙළිකොට තිබේ. Migrant Worker Justice Initiative ලෙස හැඳින්වෙන මෙම සමීක්ෂණය UTS සහ UNSW විශ්ව විද්‍යාල මගින් සිදුකොට ඇති අතර එමගින් සොයාගෙන ඇත්තේ එම සමීක්ෂණය සඳහා සහභාගී වූ 6,000ක් පමණ තාවකාලික වීසා ලාභීන්ගෙන් 57% කගේ පමණ ආර්ථික තත්වය ඉදිරි මාස 6 ක කාලය තුලදී දරුණු පසුබෑමකට ලක්වන බවයි.

මෙය මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තය තුල පවතින Stage 4 lockdown තත්වයට පෙර සිදු කල සමීක්ෂණයකි.

බොහෝ තාවකාලික වීසා හිමියන් හට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසු පරිදි තම රටවල් කරා යාමට නොහැකි තත්වයක් පවතින අතර

  • 20% පමණ දෙනා ගුවන් ගමන් සේවා නොමැති වීම 
  • 27% පමණ දෙනා හට මුදල් නොමැති වීම 
  • 20% පමණ දෙනාගේ රටවල් සිය දේශසීමා වසා දැමීම
යන කරුණු මත පීඩාවට පත්ව සිටී.

එමෙන්ම ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව යාම තමාට යහපත් තීරණයක් නොවන බව බොහෝ දෙනෙකු සඳහන් කර ඇත්තේ 57%ක් තාවකාලික වීසා ලාභීන් සිය ඉගෙනීම් කටයුතු මෙහි සිදුකිරීම මත සහ 31% දෙනා සිය රැකියා කටයුතු මෙහි සිදුකිරීම මත වේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


"මෙම තත්වය මත සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් අඩකටත් වැඩි පිරිසක් වන 59%ක් දෙනා සඳහන් කොට ඇත්තේ තමන්ට ඕස්ට්‍රේලියානු රජයෙන් සිදු වූ සැලකීම අනුව කිසි ලෙසකින්වත් ඉගෙනීමට හෝ තාවකාලික රැකියා සඳහා ඔස්ට්‍රේලියාව අනුමත නොකරන බවයි."

සහාය පතා රජයට ලබා දුන් දුරකථන ඇමතුම් ප්‍රතික්ෂේප කිරීම

ඔස්ට්‍රේලියාව තුල ප්‍රධාන පෙලේ අද්‍යයන විශ්ලේෂකයින් 43 දෙනෙකු පසුගිය අප්‍රේල් මාසයේදී සඳහන් කොට සිටියේ ඕස්ට්‍රේලියානු රජයේ පවතින අවම සාහාය මත තාවකාලික වීසා හිමියන් හට දැඩි මානුෂීය බලපෑමක් සිදුවන බවයි.

මෙම කාලය තුලදී තාවකාලික වීසා ලාභීන් සඳහා විවිධ සංවිධාන සහ ආයතන සිය සහාය පලකල අතර ඔවුන් ආහාරමය වශයෙන් සහ මුල්‍යමය වශයෙන් මොවුන්ට සහාය විය.

කෙසේ නමුත් තවකාලිකා වීසා හිමියන් හට සිය සහාය ලබාදීමට මේ වන තෙක් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.

තාවකාලික වීසා හිමියන් හට සිය Superannuation ගිණුමෙන් මුදල් ලබාගැනීමට ඉඩ ලබාදුන් නමුත් බොහෝ පිරිසකට සිය ගිණුම තුල මුදල් නොතිබුනේ ඔවුන් බොහෝ දෙනා අඩු මුදල් ප්‍රමාණයක් සඳහා සිය රැකියා සිදු කොට තිබීම හේතුවෙනි.
Students
Source: Asanka Ratnayake/Getty Images

ඔස්ට්‍රේලියාව තාවකාලික වීසා හිමියන්ට සහාය දැක්විය යුත්තේ ඇයි?

මෙම වසංගත කාලසීමාව තුල තාවකාලික වීසා ලාභීන්ට සැලකීමේදී සෙසු රටවලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව දුර්වල තත්වයක පවතින අතර එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව සහ අයර්ලන්තය වැනි රටවල් තාවකාලික වීසා හිමියන් සඳහා දීර්ඝකාලීන වැටුප් සහනාධාර ලබාදීමට කටයුතු කොට තිබේ.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ සිය දේශසීමාව තුල සිටින සෑම පුද්ගලයකුගේම ආරක්ෂාව, ප්‍රමාණවත් ආහාර සහ මූලික සෞක්‍ය පහසුකම් ලබාදීම සඳහා ඔස්ට්‍රේලියාව බැඳී සිටී.
නමුත් ජාත්‍යන්තර සිසුන් හට තම ඉගෙනීම අතරමග නවතා දමා ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව යාම හෝ මේ වන තෙක් ඕස්ට්‍රේලියාවට බදු ගෙවූ ඕස්ට්‍රේලියාව සිය වාසස්ථානය ලෙස සැලකු පිරිස රටින් පිටත්ව යාම හෝ ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ බලාපොරොත්තුව වීම අසාධාරණ බව විශ්ලේෂකයින්ගේ මතය වේ.

එමෙන්ම මෙම තීරණ ඔස්සේ ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ක්ෂේස්ත්‍රයේ කීර්ති නාමයට එල්ල වන හානිය සහ තාවකාලික රැකියා ක්ෂේස්ත්‍රයේ කීර්ති නාමයට එල්ල වන හානිය පිළිබඳව වන ඕස්ට්‍රේලියානු රජය සිය අවධානය යොමු කලයුතු බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

 


Share

Published

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service