ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළ පිළිබඳ ඔස්ට්‍රේලියාවේ වෙසෙන බහුතරයක් පිරිස නිරතුරුවම අවධානයෙන් සිටියි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
පසිගිය වසර දෙක තුළ සිට ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළ මිල ගණන් පහත බැස තිබුණු නමුත් මේ වසරේ ජූලි මාසයේ පටන් නැවත එහි වර්ධනයක් දකින්නට ලැබේ.

පහළ ගිය නිවාස වෙළෙඳපොළ
ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළ පිළිබඳ නිරතුරුවම සමීක්ෂණ සහ අධ්‍යනයන් සිදුකරන ආයතනයක් ලෙස CoreLogic ආයතනය ඉතා ප්‍රසිද්ධය.
සමස්ත ඔස්ට්‍රේලියාවේ සෑම උප නගරයකම පාහේ නිවාස මිල ගණන් වල සුළු හෝ බැස්මක් 2019 වසරේ මධ්‍යන අගය ගත් විට පෙනී යන බව ඔවුන්ගේ නවතම වාර්තාව පෙන්වා දෙයි.
මෙය ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලද එක ලෙස දැකිය හැකිය.
ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය පසුගාමී තත්ත්වයක පැවතීම සහ මහජනයා අතර මුදල් සංසරණය අවම මට්ටමක පැවතීම ඒ සඳහා ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබේ.
කෙසේහෝ පසුගිය මාස කිහිපය තුළ ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය 0.25% බැගින් තුන්වරක් කප්පාදු කිරීමට පියවර ගැනීමත් සමග නිවාස වෙළෙඳපොළ නැවතත් යහපත් තත්ත්වයට පත්වන ආකාරයක් පෙනී යමින් පවතී.

2019 වසරේ බරපතල ලෙස නිවාස වෙළෙඳපොළ මිල ගණන් කඩා වැටුණු කලාප
2019 වසරේ දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ සැලකිය යුතු ලෙස මිල ගණන් පහත වැටුණු කලාප 8 ක් පිළිබද CoreLogic ආයතනය ගැනුම්කරුවන්ට අනතුරු අඟවා තිබේ.
එම කලාප වල නිවාස සහ Unit මාදිලියේ නිවාස වල මිල ගණන් බැස්ම පහත පරිදි ඔවුන් දක්වා තිබේ.




