ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන Skilled Migration වැඩසටහනේ IT, Accounting සහ Engineering වෘත්තීන් සඳහා මෙවරත් ආරාධනා පත්‍ර නැහැ (SBS සිංහල/ වාර්තා)

Australia Skilled Independent visa Invitations February 2020 round

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ 2020 සැප්තැම්බර් 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

ඔස්ට්‍රේලියාවේ 2020/21 නව මුල්‍ය වර්ෂයේ Skilled වීසා වලට අදාළ තුන්වන ආරාධනා පත්‍ර වටය ලෙස මෙය වාර්තා වේ.

Skilled Migration Occupation Lists
Source: SBS

2020 සැප්තැම්බර් 11 ආරාධනා පත්‍ර වටය

2020 සැප්තැම්බර් 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 350 ක් පමණක් ද Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර 150 ක් පමණක් ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

සෑම මසකම 11 වන දින ක්‍රියාත්මක කෙරෙන මෙම ආරාධනා පත්‍ර වටයකදී සාමන්‍යයෙන් ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන නමුත් මෙවර එම ප්‍රමාණය 2000 කින් කප්පාදු කර තිබීම සුවිශේෂී සිදුවීමකි.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 80% ක කප්පාදුවකි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් නිපුණතා සංක්‍රමණික වීසා (Skilled Migration Visa) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව තිබේ.

Alterations have been made to the Australian permanent employer-sponsored skilled visa programs
Source: AAP

ආරාධනා පත්‍ර කප්පාදුවට හේතු

Skilled Independent වීසා (subclass 189) සහ Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර කප්පාදුවට ප්‍රධානතම හේතුව පවතින කොරෝනා වසංගතය බව අනුමාන කළ හැකිය.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ දේශ සීමා තවමත් වසා දමා ඇති බැවින් විදෙස් රටවල සිටින තාවකාලික හෝ නිපුණතා සංක්‍රමණිකයින් හට තවමත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව නොලැබේ.

මේ හේතුවෙන් මෙවර අය වැයේදී Skilled වීසා සඳහා තිබෙන වාර්ෂික කෝටාවද සැලකිය යුතු ලෙස අඩු කර ඇත.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන තාවකාලික සංක්‍රමණිකයින් ගේ Skilled වීසා අයදුම්පත් වලට මේ නිසා ඉහළ ප්‍රමුඛතාවක් හිමිවනු ඇතැයිද බොහෝ සංක්‍රමණික විශේෂඥයෝ පවසති.

Western Australia announced 2022-23 Migration Program changes with the new Occupation List
Large Group of Diverse People with Different Occupations Source: Getty Images

IT, Engineering සහ Accounting සඳහා මෙවරත් ආරාධනා පත්‍ර නැහැ

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT, Engineering සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නැති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

පසුගිය අගෝස්තු මාසයේදී නිකුත් කළ ආරධනා පත්‍ර වටයේදී ද IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නොතිබුණි.


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now