SKIP TO MAIN CONTENT

ජුනි 11: වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා නොවීම සහ මෙල්බර්න් හි අලුත් අවධානම් කලාප

ප්‍රාන්තය තුල ස්ථාන කිහිපයක් කොරෝනා ආසාදිතයින් ගිය අවදානම් සහිත ස්ථාන බවට හඳුනා ගැනේ

Victoria records seven new local COVID-19 cases linked to NSW outbreak.
Victoria records seven new local COVID-19 cases linked to NSW outbreak. Source: AAP

2 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

පසුගිය පැය 24 තුල වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නොමැත. පසුගිය පැය 24ක කාලය තුලදී ප්‍රාන්තය තුල කොරෝනා පරීක්ෂණ 17,604 ක් සිදු කොට තිබේ.

එමෙන්ම ඊයේ දිනයේදී කොරෝනා එන්නත් මාත්‍රා 20,752 ක් වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කොට තිබේ. මේ වන විට ප්‍රාන්තය තුල සිටින සක්‍රීය කොරෝනා අසදිතයින්ගේ සංක්‍යාව 75කි.

කෙසේ නමුත් පසුගියදා කොරෝනා වෛරසය අසාදිත බවට හමුවූ එකම පවුලේ සාමාජිකයින් හට එම වෛරසය සම්ප්‍රේෂණය වූ අයුරු සම්බන්ධයෙන් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පරීක්ෂණ සිදු කරයි.

ප්‍රාන්තයේ Pascoe Vale, Scoresby සහ Vermont යන ප්‍රදේශයන්හි අපජලයේ තිබී කොරෝන වෛරස කොටස් හමුව තිබේ.

එමෙන්ම පසුගිය 28 වැනිදා සිට ජුනි මස 7 වැනිදා දක්වා කොරෝනා ආසාදිතයින් ගමන් කල බවට හඳුනාගත් මෙල්බර්න් හි Bundoora, Heidelberg සහ Thomastown යන ප්‍රදේශ වල අවදානම් සහිත ප්‍රදේශ හඳුනාගෙන තිබේ.

  • Heidelberg Warringal Shopping Centre හි Coles 
  • Bundoora Square shopping Centre හි Coles 
  • Thomastown හි McDonald's drive-through 
  • Epping හි Gami Chicken & Beer

එමෙන්ම පහත ප්‍රදේශ වල පුද්ගලයින් සඳහාද බලධාරීන් නිවේදන නිකුත් කොට තිබේ.

  • Glenroy, Hadfield, Oak Park, Pascoe Vale
  • Burwood East, Forest Hill, Glen Waverley, Scoresby, Vermont South, Wantirna South, Wheelers Hill
  • Balwyn, Balwyn North, Blackburn, Blackburn, North, Box Hill, Box Hill North, Bulleen, Doncaster, Doncaster East, Donvale, Mitcham, Mont Albert, Mont Albert North, Nunawading

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න


 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now