ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන Skilled Migration වැඩසටහනේ IT සහ Accounting සඳහා ජුනි මාසයේ ආරාධනා පත්‍ර නැහැ (SBS සිංහල/ වාර්තා)

Skilled Migration

Canberra Matrix is closed for overseas applicants. Source: Flickr, Pixabay

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ 2020 ජුනි 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

එම ආරාධනා පත්‍ර වටය 2020 ජුනි 11 ට යෙදුනු නමුත් ඊට අදාළ නිල දත්ත නිකුත් කරනු ලැබුවේ පසුගිය සතියේ වීමද විශේෂත්වයකි.
Skilled Migration Occupation Lists
Source: Flickr

2020 ජුනි 11 ආරාධනා පත්‍ර වටය

2020 ජුනි 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 170 ක් පමණක් ද Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර 30 ක් පමණක් ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

සෑම මසකම 11 වන දින ක්‍රියාත්මක කෙරෙන මෙම ආරාධනා පත්‍ර වටයකදී සාමන්‍යයෙන් ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන නමුත් මෙවර එම ප්‍රමාණය 2300 කින් කප්පාදු කර තිබීම සුවිශේෂී සිදුවීමකි.

එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 92% ක කප්පාදුවකි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් නිපුණතා සංක්‍රමණික වීසා (Skilled Migration Visa) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව තිබේ.
Skilled Migration
Source: Flickr

ආරාධනා පත්‍ර කප්පාදුවට හේතු

Skilled Independent වීසා (subclass 189) සහ Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර කප්පාදුවට ප්‍රධානතම හේතුව පවතින කොරෝනා වසංගතය බව අනුමාන කළ හැකිය.

එමෙන්ම මේ වන විට ඔස්ට්‍රේලියාවේ 2019/20 පැරණි මුල්‍ය වර්ෂය සඳහා වන සියලුම ප්‍රාන්ත වල ක්‍රියාත්මක වන නිපුණතා සංක්‍රමණික වැඩසටහන් (Skilled Migration Programs) තාවකාලිකව නවතා දමා තිබීම මෙලෙස ආරාධනා පත්‍ර කප්පාදුවට තවත් හේතුවක් වී තිබේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

කොරෝනා උවදුර පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පනවා ඇති නීති හා සීමා කිරීම් නිසා මේ වන විට ඔස්ට්‍රේලියාවේ විශාල පිරිසකට රැකියා සහ ආදායම් මාර්ග අහිමිවී තිබේ.

එවන් කාලයක අලුතින් නිපුණතා සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කරදීමෙන් මධ්‍යම රජයට තවත් විශාල බරක් පැටවෙන හෙයින් මෙලෙස ආරාධනා පත්‍ර කප්පාදු කර ඇති බවට ද බොහෝ සංක්‍රමණික ඒජන්තවරු අනුමාන කරති.

එමෙන්ම 2020/21 ඔස්ට්‍රේලියාවේ නව මුල්‍ය වර්ෂය සඳහා වන සියලුම සංක්‍රමණික සැලැස්මන් සහ සංක්‍රමණික කෝටාවන් තීරණය කරනු ලබන්නේ 2020/21 මුල්‍ය වර්ෂය සඳහා වන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය - වැයෙනි.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය - වැය සෑම වසරකම මැයි මාසයේ පැවැත්වෙන නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර එය ඔක්තෝබර් 06 වන දිනට කල් දැමිණි.

ඒ අනුව 2020/21 වසර සඳහා සියලුම සංක්‍රමණික සැලැස්මන් සහ සංක්‍රමණික කෝටාවන් ඔක්තෝබර් 06 වන දිනෙන් පසුව නිවැරදිව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
These interim allocations will be updated after the Budget is handed down in October.
These interim allocations will be updated after the Budget is handed down in October. Source: AAP

IT සහ Accounting සඳහා ජුනි මාසයේ ආරාධනා පත්‍ර නැහැ

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නැති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

මෑත කාලයේ මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව ලෙසද මෙය සටහන් වේ.

Electronics Engineer, Industrial, Mechanical සහ Production Engineers යන වෘත්තීන් හැරුණුකොට සෙසු ඉංජිනේරු වෘත්තීන් සහ සෞඛ්‍ය වෘත්තීන් සඳහා පමණක් ජුනි මාසයේ ආරාධනා පත්‍ර නිකුත් කර ඇති බව වාර්තා වේ.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service