කොරෝනා එන්නත ප්‍රතික්ෂේප කරන්නන්ට නිව් සවුත් වේල්ස් හි, රජයේ මෙන්ම පෞද්ගලික ස්ථාන වලත් දොර වැසෙන ලකුණු (SBS සිංහල/ වාර්තා)

NSW Premier Gladys Berejiklian.

NSW Premier Gladys Berejiklian. Source: AAP

නුදුරේදී ලබාදීමට නියමිත කොරෝනා එන්නත ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් හට, රජයේ මෙන්ම පෞද්ගලික පරිශ්‍ර තුලට ඇතුලුවීමට ඉඩ නොදීමේ වැඩපිළිවෙලක් පිළිබඳව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian ගේ අවධානය යොමුව තිබේ

ඊයේ දිනයේදී (18 Jan) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා අසදිතයකු වාර්තා නොවූ අතර සිදු කල පරීක්ෂණ 9,000ක ප්‍රතිපලයක් වශයෙන් හෝටල් නිරෝධායනයේ පසු වූ ආසාදිතයන් 8 දෙනෙකු හමුවී තිබේ.

කොරෝනා පරීක්ෂණ ඉහල මට්ටමක පැවතිය හොත් ග්‍රේටර් සිඩ්නි හි කොරෝනා සීමා ලිහිල් කරන බවට ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය පසුගියදා සඳහන් කල අතර NSW Health හි වෛද්‍ය Jeremy McAnulty ජනතාවට සඳහන් කර සිටින්නේ සිදු කරෙන පරීක්ෂණ අඩු මට්ටමක පැවතීම නිසා සුළු හෝ රෝග ලක්ෂණ පෙන්වයි නම් වහාම පරීක්ෂා කරගන්නා ලෙසයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


පවුල් සාමාජිකයින් සහ මිතුරන් යන සෑම දෙනෙකු වෙනුවෙන්ම කල හැකි උපරිමය, තමන් කොරෝනා පරීක්ෂාවට බඳුන් වීම වන බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දේ.

කොරෝනා එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් හට රජයේ ගොඩනැගිලි පරිශ්‍ර තුලට ඇතුලුවීම තහනම් වන අතර ඇතැම් පෞද්ගලික ස්ථාන සඳහාද එවැනි නීති ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය ඊයේ දිනයේදී සඳහන් කොට සිටියාය.

එළඹෙන පෙබරවාරි මසදී ඔස්ට්‍රේලියාව තුල කොරෝනා වෛරසයට එන්නත් ලබාදීමට නියමිත අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය, ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සමග දත්ත හුවමරු කිරීමේ හවුල්කාරීත්වයක් සම්බන්ධයෙන්ද අවධානයක් යොමුව තිබේ.

යම් පුද්ගලයකු කොරෝනා එන්නත ලබාගෙන ඇති බවට දැනගැනීම සඳහා NSW smartphone app එක වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය පසුගියදා සඳහන් කල අතර ඇය පෙන්වා දෙන්නේ වැඩි පිරිසක් එන්නත් ලබාගැනීමට පෙළඹීම මත සමාජය නැවතත් ඉතා ඉක්මනින් යථා තත්වයට පත්වන බවයි.

එන්නත ලබා නොගත් පිරිස සඳහා සේවා සැපයීම, ඇතැම් ගුවන් සේවා මගින් මේ වනවිටත් සිදු කරන අතර ඇතැම් පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන සඳහා ඔවුන්ගේම තීරණ ගැනීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන්ද ප්‍රාන්ත රජයේ අවධානය යොමුව තිබේ.

වික්ටෝරියා ප්‍රන්තය, නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයන්ට සිය කොරෝනා සීමා ලිහිල් කරයි

මේ අතර ඊයේ (18 Jan) සවස 6 සිට වික්ටෝරියා ප්‍රාන්තය, නිව් සවුත් වේල්ස් හි ප්‍රදේශ 16ක් සඳහා වන කොරෝනා නීති ඉවත් කොට ඇති අතර ප්‍රදේශ 10ක් සඳහා පමණක් මින් පෙර පනවා තිබූ කොරෝනා සීමා ඒ අකාරයෙන්ම පවතී. එමෙන්ම සෙසු ප්‍රදේශ සඳහා වන කොරෝනා සීමා ලිහිල් කිරීමටද වික්ටෝරියානු ප්‍රාන්ත රජය කටයුතු කොට තිබේ.

මේ අනුව, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන පුද්ගලයින් කොරෝනා පරීක්ෂණය සඳහා මුහුණ දිය යුතු අතර ප්‍රතිපල පැමිණෙන තුරු අනිවාර්ය හුදකලා කාලසීමාවකට යටත් වියයුතු වේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Parramatta, Liverpool, Fairfield, Burwood and Strathfield යන ප්‍රදේශ වල සිට පැමිණෙන පුද්ගලයින් හට තවමත් වික්ටෝරියා ප්‍රාන්ත දේශ සීමා වසා තැබේ.

එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් හි සිට පැමිණෙන්නන් සඳහාද වික්ටෝරියා ප්‍රාන්තය සිය දේශ සීමා විවුර්තව කොට තිබේ.


3 min read

Published

Updated

By Nipuna Dodangoda

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now