SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ඉහළ යාම නිසා සිඩ්නි නගර සභා කලාප 4 ක් lockdown කෙරේ

People wear face masks at the Sydney Opera House in Sydney.
People wear face masks at the Sydney Opera House in Sydney. Source: AAP Image/Steven Saphore

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 22ක් හමු වී ඇති බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සමග සිඩ්නි නුවර Bondi ප්‍රදේශයේ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් තිබේ.

අලුතින් හමුවූ ආසාදිතයින්ගෙන් එක් අයෙකු හැර අනෙක් සියල්ලම දැනට හඳුනාගෙන ඇති ආසදිතයින්ගේ ආශ්‍රිතයින් බවට තහවුරු කරගැනීමට හැකිවූ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Bereijklian පැවසුවාය.

වයිරසය ආසාදනය වූ ප්‍රභවය නොදන්නා පුද්ගලයා Waverley හි St Charles කතෝලික ප්‍රාථමික පාසලේ 9 හැවිරිදි දරුවෙක් වන බව සඳහන්.

මේ අතර සිඩ්නි නගර සභා කලාප 4 කට lockdown නීති පැනවීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව Woollahra, Waverley, Randwick, සහ City of Sydney යන නගර සභා කලාප හතර අද (25/06) මධ්‍යම රාත්‍රියේ සිට දින 7 ක් lockdown කෙරේ.

අධ්‍යාපන කටයුතු හෝ රැකියා කටයුතු සඳහා, ව්‍යායාම් සඳහා, සෞඛ්‍ය හා වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීම සඳහා පමණක් එම නගර සභා කලාප වල වැසියන්ට නිවසින් බැහැරව යා හැකිය.


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න


 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now