වෙනදාට ඕස්ට්‍රේලියානු ජනතාවට හැදෙන ශීත උණ රෝගය කෝ ? කොරෝනා නිසා පලා ගිහින්ද ? සෞඛ්‍ය අංශ වලින් හෙළිදරව්වක් (SBS සිංහල / වාර්තා)

vaccine

Source: Flickr

කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා තත්වයත් සමග ඇති වන රෝග ලක්ෂණ වලට සමාන නමුත් ඒ පිළිබඳව අවතක්සේරු නොකරන ලෙස ප්‍රාන්ත රැසක බලධාරීන් ඔස්ට්‍රේලියනුවන්ගෙන් ඉල්ලා සිටී.

තමන් හට සුලු හෝ රෝගලක්ෂණ පෙන්වයි නම් ඔබට COVID-19 වෛරසය පැවතීමේ අවධානමක් පවතින හෙයින් අනිවාර්යයෙන්ම පරීක්ෂා කරගන්නා ලෙස වික්ටෝරියානු අග්‍රාමාත්‍ය Daniel Andrews සඳහන් කල අතර NSW ප්‍රාන්ත ප්‍රධාන සෞක්‍ය නිලධාරී Kerry Chant සඳහන් කොට ඇත්තේද තමාට ඇත්තේ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා යැයි සිතුවද අනිවාර්යයෙන්ම පරීක්ෂා කරගන්නා ලෙසයි.
VACCINE
Source: Getty

මෙවර ඉන්ෆ්ලුවෙන්සා සිදුවීම් අඩු වීමට හේතු

මෙම ශීත සෘතුවේදී ඉන්ෆ්ලුවෙන්සා මගින් කිසිදු මරණයක් වාර්තා වී නොමැති අතර ඔස්ට්‍රේලියානු සෞක්‍ය දෙපාර්තමේන්තුව මගින් දෙසතියකට වරක් නිකුත් කරන ඉන්ෆ්ලුවෙන්සා වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ජුනි, ජුලි සහ අගෝස්තු මාස තුලදී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 


සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


දැනට පවතින සෞක්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් වන දුරස්ථ බව රැකීම සහ සනීපාරක්ෂාව පිළිබඳව පවතින දැනුම මෙම ඉන්ෆ්ලුවෙන්සා වෛරස ව්‍යාප්තිය අවම වීමටද බෙහෙවින් බලපා ඇතැයිද පර්යේෂකයින් පෙන්වා දී තිබේ.එමෙන්ම මෙම කාලසීමාව තුලදී ඉහල ප්‍රමාණයකින් නිෂ්පාදනය කල ඉන්ෆ්ලුවෙන්සා එන්නත් ද මේ සඳහා හේතු වී තිබේ.

ලෝක සෞක්‍ය සංවිධානයේ, ඉන්ෆ්ලුවෙන්සා පිළිබඳ විමර්ශන හා පර්යේෂණ සඳහා වන සහයෝගිතා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Ian Barr පවසා ඇත්තේ ඔස්ට්‍රේලියාව තුල පාසල් වසාදමීමද මෙම ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය අවම වීමට හේතු වී ඇති බවයි.

ගැටලුකාරී වික්ටෝරියා ප්‍රන්තයෙනුත් අවම ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංක්‍යාවක්

මේ වන විට මෙල්බර්න් නගරය 4 වන මට්ටමේ Lockdown තත්වයක පැවතීමට තරම් කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ලව පැවතියද මැයි මස අවසානය දක්වා කිසිදු ඉන්ෆ්ලුවෙන්සා මරණයක් වාර්තා වී නොමැත. 2019 වසරේදී ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හේතුවෙන් මරණ 150 වාර්තා වී තිබේ.

NSW ප්‍රාන්තයෙන් අවම ඉන්ෆ්ලුවෙන්සා මරණ සංක්‍යාවක්

අගෝස්තු මස 2වැනිදා වනවිට ඉන්ෆ්ලුවෙන්සා රෝගය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ශයට පත්ව තිබේ.එය 2019 ට සාපේක්ෂව ඉතාමත් අවම අගයක් වන අතර 2019 වසරේදී වාර්තා වූ ඉන්ෆ්ලුවෙන්සා මරණ සංක්‍යාව 127කි.
SD
Source: Pixabay
ඉන්ෆ්ලුවෙන්සා වෛරස රෝග ලක්ෂණ නොසලකා හැරීම කිසිදු පුද්ගලයකු සිදු නොකළ යුතු අතර ප්‍රාන්ත ප්‍රධාන සෞක්‍ය නිලධාරී Kerry Chant සඳහන් කරන්නේ එවැනි තත්වයකදී වහාම පරීක්ෂාවට බඳුන් විය යුතු බවයි.

සෙසු ප්‍රාන්ත වල තත්වය

ඔස්ට්‍රේලියාව තුල සෙසු ප්‍රාන්ත තුලින්ද 2019 වසරට සාපේක්ෂව අවම ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංක්‍යාවක් වාර්තා වන අතර මේ සඳහා පවතින කොරෝනා සෞක්‍ය නීති හේතු වී තිබේ. 2019 වසරේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 36,874 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම වසරේදී එය 5,918 දක්වා අඩු වී තිබේ.

Twitter පණිවුඩයක් නිකුත් කරමින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත ඇමතිනිය වන Annastacia Palaszczuk සිය ප්‍රාන්ත ජනතාවට මේ පිළිබඳව ප්‍රශංසා කොට ඇති අතර බටහිර ඕස්ට්‍රේලියා, දකුණු ඕස්ට්‍රේලියා,ටස්මෙනියා සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය තුල 2019 වසරට සාපේක්ෂව ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ප්‍රභල පහත වැටීමක් සිදුව තිබේ.

2020 -2021 ඉන්ෆ්ලුවෙන්සා කාලසීමාවක් නොමැතිද?

මෙම තත්වය පිළිබඳව දැඩි සතුටට පත්වීම සඳහා තවමත් කල් වැඩි අතර වාර්තා කිහිපයක පවතින දත්ත මගින් නිසි නිගමනයකට පැමිණීමට අපහසු බව ඔස්ට්‍රේලියානු සෞක්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්ෆ්ලුවෙන්සා වාර්තාව සඳහන් කරයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


මේ පිළිබඳව අදහස් දක්වමින් ජාතික ප්‍රතිශක්තිකරණ පර්යේෂණ හා නිරීක්ෂණ පිළිබඳ මධ්‍යස්ථානයේ මහාචාර්ය Robert Booy සඳහන් කරන්නේ ජනතාව තුල කොරෝනා සීමාවන් පිළිබඳව දැනට පවතින උවමනාව නොමැති වූ විට නැවතත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ව්‍යාප්ත වන බවයි.

මෙවර අවම ප්‍රතිශතයකින් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ව්‍යාප්ත වුවද එළඹෙන වසරේදී නැවතත් මෙය ඉහල යාමේ අවධානම පවතින හෙයින් ජනතාව සිය යහ පුරුදු දිගටම පවත්වා ගතයුතු බවද මහාචාර්ය Robert Booy පවසයි.


Share

Published

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service