වික්ටෝරියානු ප්‍රාන්ත සේවකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව අවදානමට ලක් කරන හාම්පුතුන්ට on the spot දඩ (SBS සිංහල/ වාර්තා)

සේවකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව අවදානමට ලක් කරන සේවා ස්ථාන ක්‍රියා පටිපාටි සඳහා අදාළ හාම්පුතුන්ට infringement notices නිකුත් කිරීමට WorkSafe පරීක්ෂකවරුන්ට එළඹෙන ජූලි 20 වන දින සිට අවසර ලැබේ.

CovidSafe at workplace

On the Spot Fines for Workplace Safety Breaches in Victoria Source: Getty image

වික්ටෝරියානු ප්‍රාන්තයේ තම සේවකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව (health and safety) අවදානමට ලක් කරන Employers හෙවත් සේවායෝජකයන්ට ලබන සතියේ සිට දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇත.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

වික්ටෝරියානු ප්‍රාන්තයේ සේවා ස්ථානවල අයහපත් සේවක හා සේවා පාලනය මැඩපැවැත්වීමේ අරමුණින් මෙන්ම රාජකාරී අවසන් කර සෑම සේවකයෙකුටම ආරක්ෂිතව නිවසට පැමිණීම සහතික කිරීමේ අරමුණින් මෙම නීතිය ක්‍රියාත්මක වන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කරයි.


Highlights

  • වික්ටෝරියානු ප්‍රාන්ත සේවකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව අවදානමට ලක් කරන හාම්පුතුන්ට ජූලි 20 සිට on the spot දඩ නිකුත් කෙරේ.
  • තනි පුද්ගලයකු සඳහා ඩොලර් 363.48 ක් දඩයක්ද සමාගමක් සඳහා ඩොලර් 1,090.44 ත් 1,817.40 ත් අතර දඩයක්ද නියම කිරීමට හැකියාව ඇත.
  • මෙහිදී දඩ මුදල් පනවනාවට අමතරව අදාළ හාම්පුතුන්ට එරෙහිව නඩු පැවරීමටද හැකියාව පවතී.

සේවකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව අවදානමට ලක් කරන හාම්පුතුන්ට දඩ

සේවකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව අවදානමට ලක් කරන හාම්පුතුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ක්‍රමයක් නිර්මාණය කරන බව 2018 වසරේදී දැනට පවතින කම්කරු පක්ෂය බලය හොබවන වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ මැතිවරණ පොරොන්දුවකි.
ඒ අනුව සේවකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව අවදානමට ලක් කරන හාම්පුතුන්ට on the spot දඩ නිකුත් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.

එය 2021 ජූලි 20 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව සේවකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව අවදානමට ලක් කරන සේවා ස්ථාන ක්‍රියා පටිපාටි සඳහා අදාළ හාම්පුතුන්ට infringement notices නිකුත් කිරීමට WorkSafe පරීක්ෂකවරුන්ට එළඹෙන ජූලි 20 වන දින සිට අවසර ලැබේ.
වරදෙහි ස්වභාවය අනුව නිකුත් කෙරෙන දඩ මුදල් වෙනස් වේ.

තනි පුද්ගලයකු සඳහා දඩ මුදල ඩොලර් 363.48 ක් වන අතර සමාගමක් සඳහා ඩොලර් 1,090.44 ත් 1,817.40 ත් අතර වන බව සඳහන්.
Workplace Safety
Source: Pixabay

සේවකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව අවදානමට ලක් කරන ක්‍රියා

පහත සඳහන් ක්‍රියාවන් සේවකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව අවදානමට ලක් කරන බවත් ඒවාට අනුබල ලබාදෙන හාම්පුතුන්ට infringement notices නිකුත් කිරීමට WorkSafe පරීක්ෂකවරුන්ට හැකි බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.

  • අදාළ රැකියාව කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රයක් නොමැතිව රැකියා කිරීම
  • ලියාපදිංචි කිරීමකින් තොරව රැකියා කිරීම
  • සුදුසුකම් සපුරා නොමැතිව රැකියා කිරීම
  • සේවා පළපුරුද්දක් නොමැතිව රැකියා කිරීම
  • අධීක්ෂණයකින් තොරව රැකියා කිරීම
  • බලපත්‍ර රහිත හෝ ලියාපදිංචි කර නොමැති උපකරණ හෝ ද්‍රව්‍ය භාවිත කිරීම

 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙරවරු 11 සිට , 93.1fm, 97.7fm, 105.5fm

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

මෙම නව ක්‍රමය මගින් WorkSafe හි අනුකූලතාවය සහ බලාත්මක කිරීමේ හැකියාව ශක්තිමත් කරනු ඇත.

තම සේවකයින්ගේ ආරක්ෂාව බැරෑරුම් ලෙස නොසලකන සේවා යෝජකයන්ට එය අතිරේක බාධකයක් ලෙස ද ක්‍රියා කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

ඉහත වැරදි සිදුකරන හාම්පුතුන් හට දඩ මුදල් පනවනාවට අමතරව නඩු පැවරීමටද අදාළ WorkSafe පරීක්ෂකවරුන්ට හැකියාව ඇත.

Share

Published

By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
වික්ටෝරියානු ප්‍රාන්ත සේවකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව අවදානමට ලක් කරන හාම්පුතුන්ට on the spot දඩ (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala