සංක්‍රමණික පුහුණු ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය සඳහා වැඩි අවස්ථාවක් (SBS සිංහල /වාර්තා)

Doctor

Source: Pixabay

ඕස්ට්‍රේලියාව තුල පුහුණු ශ්‍රමිකයන් අඩු මට්ටමක පවතින අතර මධ්‍යම රජය මගින් සුදුසුකම් ලත් සංක්‍රමණිකයින් හට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. COVID-19 වසංගතයෙන් පසු ඕස්ට්‍රේලියාව ආර්ථිකමය වශයෙන් නැවත පුනර්ජීවනය කිරීම සඳහා වන ක්‍රියාදාමයේදී ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් වෘත්තීන් 17කින් යුතු "ප්‍රමුඛතා සංක්‍රමණික ලැයිස්තුවක්" හඳුන්වා දී තිබේ.

මෙමගින් සෞඛ්‍ය සේවා, ඉදිකිරීම් සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තවල සේවකයින් හට ප්‍රමුඛත්වය දෙනු ලැබේ. මේ අනුව නව ප්‍රමුඛතා සංක්‍රමණික ලැයිස්තුව සඳහා හෙද, වෛද්‍ය, වින්නඹු මාතා, මනෝචිකිත්සක, මෘදුකාංග ඉංජිනේරු, පරිගණක ක්‍රමලේඛක සහ යාන්ත්‍රික ඉංජිනේරු වැනි වෘත්තීන් ඇතුළත් වේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු ආගමන, සංක්‍රමණ සේවා හා බහු සංස්කෘතික කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය Alan Tudge සඳහන් කොට සිටියේ මෙම වෙනස්කම් ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය නගාසිටුවීමේ වැඩපිළිවෙළේදී නිවැරදි සමතුලිතතාවයක් සඳහා හේතු වන බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කොට සිටියේ ඕස්ට්‍රේලියානුවන් නැවත සේවයේ යෙදවීම ප්‍රමුඛතාවය වන අතර ඕස්ට්‍රේලියානු ආර්ථිකය යතා තත්වයට පත්කිරීමේදී කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට සෞක්‍ය සේවකයින්ගේ සහාය අත්‍යවශ්‍ය වන බවයි.

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ පවතින වෘත්තීන් 200ක් පමණ අතුරින් මෙම ප්‍රමුඛතා සංක්‍රමණික ලැයිස්තුව සඳහා වෘත්තීන් තෝරා ගැනීම සිදුකොට තිබේ.
IT
Source: Pixabay
2020-2021 වසර සඳහා වන පුහුණු සංක්‍රමණික වැඩසටහනෙන් මෙම වෘත්තීන් සඳහා ස්ථාන 79,600ක් පමණ ලබා දේ.මෙය 189 - Skilled Independent Visa කාණ්ඩයට අයත් වන අතර වසර තුනකට පසුව ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය සඳහා අයදුම් කල හැකි වේ.

මෙම වීසා සඳහා අයදුම් කරන්නන් වයස අවුරුදු 45 ට වඩා අඩු විය යුතු අතර expression of interest ඉදිරිපත් කිරීම සඳහා නිපුණතා සහ භාෂා පරීක්ෂණයකින් සමත් විය යුතු වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සංක්‍රමණික නියෝජිත Ranbir Singh සඳහන් කරන්නේ පවතින කොරෝනා තත්වය මත මෙමෙ වීසා ඛාණ්ඩ ඔස්සේ ඕස්ට්‍රේලියාවට මෑතකදී වෙනත් රටකින් සංක්‍රමණය වීමක් දක්නට ලැබිය නොහැකි බවයි.

මේ වන විට සෞක්‍ය අංශය වැනි,Critical skills sector හි සිටින අයදුම් කරුවන් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා පවතින වඩාත් සුදුසුම ක්‍රමය ලෙස නිපුණතා සංක්‍රමණ ධාරාව හැඳින්වෙන නමුත් කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වූ විරැකියා අනුපාතය පහත දැමීම සඳහා සිය නිපුණතා සංවර්ධනය කරන ලෙසට බලධාරීන් මේ වනවිට ඕස්ට්‍රේලියානුවන්ට සඳහන් කොට තිබේ.
Nurse in Philippine hospitals
Nurse in Philippine hospitals Source: Pixabay
සේවා යෝජකයගෙන් (employer sponsorship) හෝ ප්‍රාන්ත රජයෙන් (state sponsorship) අනුග්‍රාහකත්වයක් ලබාගැනීම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා පවතින විකල්ප මාර්ගයක් වේ. ප්‍රාන්ත රජය මගින් ඕස්ට්‍රේලියාවේ වාසය කිරීම සඳහා නම් කරන නිපුණතා සංක්‍රමණිකයින් හට Nominated visa හෝ 190 - Skilled Nominated visa මගින් ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය සඳහා අයදුම් කල හැකි වේ. මෙලෙස අයදුම් කරන්නන්ද නිපුණතා පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර ඒ සඳහා expression of interest ඉදිරිපත් කලයුතු වේ.

491 - Skilled work regional visa කාණ්ඩය මගින් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයන්හි සේවය කිරීමට කැමති සංක්‍රමණිකයින් සඳහා තාවකාලික අවස්ථාවක් ලබා දේ. මෙම අයදුම් කරන්නන් වසර 5ක කාලයක් අදාල ප්‍රාදේශීය ප්‍රදේශයේ රැදී සිටිය යුතු අතර අදායම් අවශ්‍යතා සපුරාලන්නේ නම් වසර 3කට පසු ස්ථිර පදිංචිය සඳහා අයදුම් කල හැකි වේ.

සේවා යෝජකයා හරහා අනුග්‍රාහකත්වය අවශ්‍ය වන 186, 482 සහ 494 කාණ්ඩ වල වීසා බලපත්‍ර ඔස්සේද සංක්‍රමණිකයින්ට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමේ හැකියාව පවතී.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


Global Talent Independent Program ඔස්සේ ඉහළ දක්ෂතා ඇති විශිෂ්ඨයින් හට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් අවස්ථාව ලබා දී තිබේ. මෙම වැඩසටහන මගින් ag-tech, med-tech, space, fin-tech, energy සහ mining technology, cybersecurity සහ data science යන ක්ෂේස්ත්‍රයන්හි දක්ෂතා ඇති විශිෂ්ඨන් හට අවස්ථාව ලබා දේ. මෙම නව ක්‍රමය ඔස්ට්‍රේලියාව තුල ස්ථිර පදිංචිය ලබා ගැනීමේ වේගවත්ම ක්‍රමය ලෙස සැලකේ.
Site
Source: Pixabay

නමුත් මෙම වැඩසටහන ඔස්සේ අයදුම් කරන සංක්‍රමණිකයින්,එහි කොන්දේසියක් වන සෑම වසරකම $153,600 ක් වන ආදායම් සීමාවට වඩා වැඩි වැටුපක් උපයා ගත හැකි බවට පෙන්විය යුතුය.

එමෙන්ම අයදුම් කරන්නාගේ ක්ෂේත්‍රයේ සේවය කරන ඕස්ට්‍රේලියානු විශේෂඥයකුගේ සහාය ද අයදුම් කරන්නාට තිබිය යුතු වේ.

අදාල වෘත්තීන් ANZSCO කේත සමග


Chief Executive or Managing Director (111111)


Construction Project Manager (133111)


Mechanical Engineer (233512)


General Practitioner (253111)


Resident Medical Officer (253112)


Psychiatrist (253411)


Medical Practitioner nec (253999)


Midwife (254111)


Registered Nurse (Aged Care) (254412)


Registered Nurse (Critical Care and Emergency) (254415)


Registered Nurse (Medical) (254418)


Registered Nurse (Mental Health) (254422)


Registered Nurse (Perioperative) (254423)


Registered Nurses nec (254499)


Developer Programmer (261312)


Software Engineer (261313)


Maintenance Planner (312911)

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
SBS Radio
Source: SBS Radio

Share

Published

Updated

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service