ඔස්ට්‍රේලියාවේ නව දෙමාපියන්ට දැන් මධ්‍යම පාර්ලිමේන්තුව සම්මත කරන නව සංශෝධන සමඟ වඩාත් නම්‍යශීලී සහ සැලකිය යුතු ඉහළ වැටුප් සහිත parental leave හෙවත් මාපිය නිවාඩු වෙත ප්‍රවේශ විය හැකිය.
නව නීති මගින් දැනට පවතින ගෙවීම් දෙකක් shared 20-week scheme හෙවත් සති 20 ක හවුල් යෝජනා ක්‍රමයකට ඒකාබද්ධ කරණ අතර මාපිය නිවාඩු වෙත ප්‍රවේශය පුළුල් කරයි. එමෙන්ම නව පියවරුන්ට වැටුප් සහිත නිවාඩු ලබා ගැනීම ද මේ හරහා පහසු කරයි.
2026 දී සති 26 දක්වා නිවාඩු ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි කිරීමට තවත් උත්සාහ කරනු ඇත.
නමුත් කම්කරු පක්ෂයේ අවසාන ඉලක්කය ප්‍රමාණවත් දුරකට නොයන බවටත් ඔස්ට්‍රේලියාව අනෙකුත් OECD රටවලට වඩා පසුපසින් සිටිනු දකිනු ඇති බවටත් විවේචකයෝ පවසති.
නවතම සංශෝධන
ඔස්ට්‍රේලියාවේ වැටුප් සහිත මාපිය නිවාඩු සති 18 සිට 26 දක්වා දීර්ඝ කිරීමට බලාපොරොත්තු වන බව පසුගිය වසරේ ඔක්තෝබර් අයවැයෙන් කම්කරු පක්ෂ රජය තහවුරු කළේය.
වසර 2026 දක්වා එය ක්‍රමිකව වැඩි කිරීමේ ප්‍රකාශිත අරමුණ ඇතිව කම්කරු පක්ෂයේ පළමු වැටුප් සහිත මාපිය නිවාඩු වාරිකය මාර්තු 06 වනදා මධ්‍යම පාර්ලිමේන්තුවේදී සම්මත විය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
එය 2023 ජූලි මාසයේ සිට උපත ලබන දරුවන්ගේ හෝ දරුකමට හදාගන්නා දරුවන්ගේ දෙමාපියන් සඳහා බලාත්මක වනු ඇත.
දෙමව්පියෙකුට පළමුව, ගෙවීම් සහිත මාපිය නිවාඩු සඳහා අයදුම් කළ හැකි අතර, ඔවුන්ට වාර කිහිපයකදී තම හිමිකම්වලට ප්‍රවේශ වීමට හැකිවීමට අවස්ථාව ලබාදීම මෙම සංශෝධන මගින් සිදු කෙරේ.
Single parents හෙවත් තනි මාපියන්ට සති 20ක සම්පූර්ණ හිමිකම් සහිත මාපිය නිවාඩු වෙත ප්‍රවේශ වීමට හැකි වනු ඇත.
නව පවුල් ආදායම් සීමාව එනම් වසරකට ඩොලර් 350,000 සීමාව නිසා මෙයට අමතර දෙමාපියන් 3,000ක් සුදුසුකම් ලබනු ඇති බව කම්කරු පක්ෂ රජය පවසයි.
නමුත් කම්කරු පක්ෂය සහ ලිබරල් සන්ධානය යන පාර්ශව ද්විත්වයම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මෙම හිමිකම් superannuation වෙත එකතු නොකෙරේ.
ඔස්ට්‍රේලියාවේ සතිපතා ගෙවන මාපිය නිවාඩු මුදලේ වටිනාකම ඩොලර් 812.45 ක් වන අතර එය අවම වැටුප වන අතර සේවා යෝජකයින්ව ඊට අමතර එකතු කිරීමක් ලබා දීමට දිරිමත් කරනු ලැබේ.

අදහස් සහ ප්‍රකාශයන්
මෙම උත්සාහය "නූතන පවුල්" සඳහා වැටුප් සහිත නිවාඩු සහතික කිරීමේ ඊළඟ පියවර බව සමාජ සේවා ඇමතිනි Amanda Rishworth පැවසුවාය.
වැටුප් සහිත මාපිය නිවාඩු වැඩි දියුණු කිරීම තීරණාත්මක, ඔස්ට්‍රේලියාව ගොඩනැගීමේ ප්‍රතිසංස්කරණයක් බවත් දෙමව්පියන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා වැටුප් සහිත මාපිය නිවාඩු අත්‍යවශ්‍ය දෙයක් බවත් ඇය පැවසුවාය.
නමුත් ලෝකයේ සෙසු රටවල් සමඟ සැසඳීම හරහා කම්කරු රජයේ මෙම සැලැස්ම ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කිරීමට මූලික හේතු සපයයි.
සති 26 ක් වැටුප් සහිත මාපිය නිවාඩු ක්‍රියාත්මක කිරීම දෙමාපියන්ට මෙහි පිළිගැනීමේ දියුණුවක් ඇති කරන නමුත් ඔස්ට්‍රේලියාව මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලීමට පෙර බොහෝ දුරක් යා යුතු බව ඔස්ට්‍රේලියානු ආයතනයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Eliza Littleton අනතුරු ඇඟවූවාය.
"අවම නිවාඩු හිමිකම් දෙමාපියන්ට, විශේෂයෙන්ම කාන්තාවන්ට, දරුවකුගේ ජීවිතයේ මුල් වසරවලදී ශ්‍රම බලකායෙන් ඉවත් වීමට හෝ අර්ධකාලීන රැකියාවක් කිරීමට පීඩනයක් ඇති කරයි," ඇය පැවසුවාය.
ඒ අනුව මේ ගෙනා සංශෝධන සාදරයෙන් පිළිගන්නා නමුත් තවත් බොහෝ දේ කිරීමට ඇති බව ඇය අවධාරණය කළාය.

මේ අතර වැටුප් සහිත මාපිය නිවාඩු සති 52 දක්වා දීර්ඝ කිරීමටත්, ආචාර්ය උපාධි සිසුන් ද මේ ක්‍රමයට ඇතුළත් කිරීමටත් ග්‍රීන්ස් පක්ෂය බල කරයි.
"ඔස්ට්‍රේලියාවේ සෑම PhD ශිෂ්‍යයෙකුටම පූර්ණ කාලීනව අධ්‍යාපනය ලබන අතරතුර වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ යැයි අපේක්ෂා කිරීම අසාධාරණයි", ග්‍රීන්ස් සෙනෙට් සභික Mehreen Faruqi පැවසුවාය.
ජීවන වියදම සහ ඉහල යන නිවාස කුලිය මධ්‍යයේ ඔවුන් ජීවිතය ගැටගසා ගැනීමට අරගල කරන බව ඇය ප්‍රකාශ කළාය.
ඔවුන්ගේ තත්වයන් මත පදනම්ව ඔවුන්ගේම තීරණ ගැනීමට දෙමාපියන්ට අවසර දීම වැදගත් බව ලිබරල් සෙනෙට් සභික Anne Ruston පවසමින් කම්කරු පක්ෂයේ මෙම සංශෝධන සඳහා ලිබරල් සන්ධානයේ සහයෝගය ලබා දුන්නාය.

