SKIP TO MAIN CONTENT

ගෙවීම් සිදුකිරීම ස්වේච්ඡා සේවා මුලධර්මයට පටහැනියි : ස්වේච්ඡා ලැව්ගිනි නිවීමේ භටයින්ට ගෙවීමක් සිදුකිරීම ගැන ඕස්ට්‍රේලියා රජය සහ ගිනි නිවීමේ අංශ විරුද්ධ වෙයි

Fire fighters conducting a back burn near Uralla
Source: NSW Rural Fire Service

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා සිටින ස්වේච්ඡා ගිනි නිවන භටයින්ට මුදල් ගෙවිය යුතුය යන මතය බැහැර කරන බව ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවාවෙහි කොමසාරිස් ෂේන් ෆිට්ස්සිමන්ස් අවධාරණය කරයි.

නිව් සවුත් වේල්ස් ගිනි නිවීමේ සංගමයේ සභාපතිවරයා විසින් ලැව්ගිනි නිවීමේ කාර්යයෙහි ස්වෙච්චාවෙන් නිරතව සිටින ගිනි නිවීමේ භටයිනට මුල්‍යමය ආධාරයක් කලයුතු ලෙසට ෆෙඩරල් රජයෙන් සිදුකල ඉල්ලීමට පිළිතුරු ලෙසට ඔහු මේ බව පවසා ඇත.


 

මෙලෙස ගෙවීම් සිදුකිරීම ස්වේච්ඡා සේවයෙහි මුලධර්මයනට පටහැනි බව ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවාවෙහි කොමසාරිස් සහ ෆෙඩරල් රජය යන දෙපාර්ශවය විසින්ම පවසා සිටි.


 

තවදුරටත් අදහස් දක්වන ෆිට්ස්සිමන්ස් මහතා කියසිටිනුයේ, මෙම ඉල්ලීම සිදුකල ගිනි නිවන භටයින්ගේ සංගමය හෝ එහි සභාපතිවරයා ගේ නිත්‍යානුකුල භාවය පිළිබඳව ගැටළු සහගත බවයි. මෙය හුදෙක් දේශපාලන උවමනාවන් මත සිදුකෙරෙන පෙළඹවීම් බවද ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවාවෙහි කොමසාරිස් ෂේන් ෆිට්ස්සිමන්ස් වැඩිදුරටත් පවසා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now