නිරෝධායනය හරහා ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමේ NSW ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරියගේ සැලසුමට ක්ෂේස්ත්‍ර රැසක සහාය (SBS සිංහල/වාර්තා)

International students

Quarantine capacity could delay Australia’s ability to bring international students to Australia soon. Source: Getty Images

දැඩි පීඩනයකට පත්ව තිබෙන ආර්ථිකය නගාසිටුවීම සඳහා සතියකට ජාත්‍යන්තර සිසුන් 1,000ක් ගෙන්වා ගැනීමේ අරමුණින් නව නිරෝධායන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Gladys Berejiklian සැලසුම් කොට තිබේ. ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරියගේ මෙම අදහසට එකඟත්වය පළකරමින් ජාත්‍යන්තර අධ්‍යාපන අංශය සඳහන් කොට ඇත්තේ පවතින නිරෝධායන මධ්‍යස්ථාන තුනෙන් එකක් ජාත්‍යන්තර සිසුන් සහ පුහුණු සංක්‍රමණිකයින් සඳහා වෙන්කරන ලෙසයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඊයේ(22) දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Gladys Berejiklian සඳහන් කොට සිටියේ ජාත්‍යන්තර සිසුන් සහ පුහුණු සංක්‍රමණිකයින් සඳහා සෑම සතියකම ස්ථාන 1,000ක් වෙන් කිරීම අරමුණ බවයි. නමුත් මෙම වැඩපිළිවෙල, නැවත පැමිණෙන ඕස්ට්‍රේලියානුවන් සඳහා ප්‍රමුඛත්වයක් සපයන මධ්‍යම රජය සමග මතබේදකාරී තත්වයකට මුලපුරා තිබේ.

නැවත පැමිණෙන ඕස්ට්‍රේලියානුවන්ගේ සංක්‍යාව ඉහල දමමින් මේ වන විට පවතින පීඩනය අවම කිරීමට කටයුතු කරන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය සෙසු ප්‍රාන්තයන්ගෙන්ද ඉල්ලා තිබේ.
Phil Honeywood, International Education Association chief executive officer.
Phil Honeywood, International Education Association chief executive officer. Source: SBS News
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර අධ්‍යාපන සංගමයේ ප්‍රධාන විධායක Phil Honeywood සඳහන් කොට සිටියේ මෙම වැඩපිළිවෙල මගින්, ජාත්‍යන්තර දේශසීමා වසාදැමීම හේතුවෙන් දැඩි අර්බුධකාරී තත්වයකට මුහුණ දී සිටින ජාත්‍යන්තර අධ්‍යාපන අංශයට සහායක් සිදු වන බවයි.

එමෙන්ම කැනඩාව සහ එක්සත් රාජධානිය වැනි රටවල් කොරෝනා වසංගතය පැවති කාලසීමාව පුරාම සිය දේශසීමා විවුර්ත කොට තැබූ අතර ඔස්ට්‍රේලියාවද ඉක්මනින් එම තීරණයට නොපැමිණිය හොත් ඕස්ට්‍රේලියානු වෙළඳපොළට දැඩි බලපෑමක් වන බවද ඔහු පවසයි.

මේ වනවිට ජාත්‍යන්තර දේශසීමා වසා දැමීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට, වසරකට ඩොලර් බිලියන 40 ක් පමණ වටිනා ජාත්‍යන්තර අධ්‍යාපන වෙළඳපොල කඩා වැටී තිබේ. මේ අනුව Phil Honeywood පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට නොහැකිව සිටින ජාතන්තර සිසුන් හට ප්‍රමුඛතාවයක් දිය යුතු බවයි. එමෙන්ම ඔහු සඳහන් කරන්නේ ජාත්‍යන්තර අධ්‍යාපන කර්මාන්තය සඳහා සහාය දැක්වීමට හැකියාවක් පවතින නිර්භීත අග්‍රාමාත්‍යවරයකු මෙම ක්ෂේස්ත්‍රයට මේ වනවිට අවශ්‍ය වන බවයි.

සමස්ත ඕස්ට්‍රේලියාවම ගත් කල ඕස්ට්‍රේලියාවට නැවත පැමිණෙන පිරිස සඳහා වැඩිම නිරෝධායන ස්ථාන ලබා දී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මගිනි. එය සතියක් තුල පුද්ගලයින් 3,000ක් දක්වා ලෙස වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන්නේ ආර්ථිකයට සහාය දැක්වීමට සහ රජයේ විශ්ව විද්‍යාලවල රැකියා සුරක්ෂිත කිරීම සඳහා ජාත්‍යන්තර සිසුන් හා පුහුණු සංක්‍රමණිකයින් සඳහා වන අවධානයක් දැකීම තම අපේක්ෂාව වන බවයි. එමෙන්ම ජාත්‍යන්තර සිසුන් හට ඕස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වීම යන කරුණ මත විශ්වවිද්‍යාල සිය ගණනක් සේවකයින් සිය සේවයෙන් පහ කරනු දැකීමට ද තමාට අවශ්‍ය නොවන බව ඇය පවසයි.
NSW Premier Gladys Berejiklian is set to announce a further easing of restrictions.
NSW Premier Gladys Berejiklian is set to announce a further easing of restrictions. Source: AAP
මේ සඳහා සිය සහාය දක්වමින් Australian Industry Group හි ප්‍රධාන විධායක Innes Willox පවසන්නේ ඕස්ට්‍රේලියානු ආර්ථිකය නගාසිටුවීම සඳහා පුහුණු සංක්‍රමණිකයින් අත්‍යවශ්‍ය වන බවයි. එමෙන්ම ඔස්ට්‍රේලියාව තුල විරැකියා මට්ටම ඉහල පැවතියද ස්ථිර මෙන්ම තාවකාලික පුහුණු සංක්‍රමණිකයින් මගින් පමණක් පිරවිය හැකි රැකියා තවමත් පවතින බවද ඔහු පෙන්වා දේ.

මේ වනවිට ඕස්ට්‍රේලියාවට නැවත පැමිණීමට නොහැකිව ඕස්ට්‍ර්රේලියනුවන් 35,000කට අදික සංක්‍යාවක් සිටින අතර, ප්‍රාන්ත රජයන් තුල නිරෝධායන ධාරිතාවය ඉහල නැංවීම සඳහා මධ්‍යම රජය දිගින් දිගටම ප්‍රාන්ත රජයන්ට බල කොට සිටි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු මුදල් අමාත්‍ය Simon Birmingham සඳහන් කොට ඇත්තේ ජාත්‍යන්තර සිසුන් ඉදිරියේදී නැවත ගෙන්වීම සඳහා තම අකැමැත්තක් නොමැති අතර මේ වනවිට මුලිකත්වය වන්නේ ඕස්ට්‍රේලියානුවන් නැවතත් ගෙන්වා ගැනීම බවයි. Sky News වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ එළඹෙන නත්තලට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියානුවන් දහස් ගණනක් සිටින බවයි. එම පිරිස අඩු වූ වහාම ජාත්‍යන්තර සිසුන් ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ඔස්සේ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම පළමු කාර්යය වන බවද ඔහු සඳහන් කොට තිබේ.
Acting Foreign Affairs Minister Simon Birmingham.
Acting Foreign Affairs Minister Simon Birmingham. Source: SBS News
එමෙන්ම ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය , නොදර්න් ටෙරිටරිය සහ දකුණු ඔස්ට්‍රේලියාව සඳහා ජාත්‍යන්තර සිසුන් කුඩා සංක්‍යාවක් වශයෙන් ගෙන්වාගැනීමට නියමු වැඩසටහන් මේ වනවිටත් ප්‍රකාශයට පත් කොට තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ දෙවන කොරෝනා රැල්ල සහ දකුණු ඕස්ට්‍රේලියාවේ තත්වය හේතුවෙන් මෙම නියමු වැඩසටහන තාවකාලිකව අත්හිටුවා තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


Universities Australia හි ප්‍රධාන විධායක Catriona Jackson සඳහන් කරන්නේ ජාත්‍යන්තර සිසුන් නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම ආරක්ෂිතව සිදු කලයුතු බවයි.මේ සඳහා රජයන්, විශ්ව විද්‍යාල, සෞඛ්‍ය සහ සංක්‍රමණික බලධාරීන් අතර දැඩි සම්බන්ධීකරණයක් අවශ්‍ය බවද ඇය පෙන්වා දේ.


වික්ටෝරියා ප්‍රාන්තය දෙසැම්බර් මස 7 වැනිදා සිට ඕස්ට්‍රේලියානුවන් නැවත ගෙන්වගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතව තිබේ. මේ අනුව සතියකට ස්ථාන 1,120ක ආරම්භක අගයක් බලාපොරොත්තු වන බව සඳහන් කරන වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews මාධ්‍ය හමුවේ අවධාරණය කොට ඇත්තේ ජාත්‍යන්තර අධ්‍යාපනය අපගේ විශාලතම අපනයනය වන අතර එය ගොඩනැංවීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්න බවයි.


Share

Published

Updated

By Tom Stayner, Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service